පොලාඩ්ගේ දඩබ්බර තීරණයට ICCයෙන් දඬුවම්

2292
(Photo by Randy Brooks / AFP)

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියාව අතර මේ දිනවල ක්‍රියාත්මක වන විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය අතරතුර දී විනිසුරු තීරණයන් අභියෝගයට ලක්කරමින් ක්‍රීඩා ආචාර ධර්මයන්ට පටහැනිව කටයුතු කළ කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලාඩ් හට එක් අයහපත් ලකුණක් ද සමඟම තරග මුදලින් 20%ක් දඩ වශයෙන් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් කටයුතු කොට තිබේ.

කැපී පෙනෙන වැඩ පෙන්වූ ඉන්දීය නවකයාට ICCයෙන් දඩයක්

ඉන්දීය කණ්ඩායමේ කොදෙව් තරග සංචාරය පසුගිය අගෝස්තු 3 වැනිදා ආරම්භ වූ අතර එහි පළමු තරගයේ දී ම කැපී පෙනෙන…

ඉන්දීය කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටි අවස්ථාවේ දී විනිසුරුවන් දෙදෙනා හට පෙර දැනුම්දීමකින් තොරව සිතැඟි පරිදි තමන් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු පන්දු රැකීම සඳහා ආදේශනය කිරීමට කටයුතු කිරීම සහ ඊළඟ පන්දුවාරය ආරම්භ වන තෙක් එවැනි ආදේශනයක් නොකරන ලෙස විනිසුරුවන් සිදු කළ ඉල්ලීම නොතකා ඔහුගේ අභිමතයට අනුව ක්‍රියා කිරීම පොලාඩ්ට එල්ල වී ඇති චෝදනා බව ICC විසින් මේ පිළිබඳ නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

පිටියේ විනිසුරුවන් ලෙස කටයුතු කළ නයිජල් ඩගුයිඩ් සහ ග්‍රෙගරි බ්‍රේත්වේට් යන මහත්වරුන් දෙදෙනා තරගය අවසන් වීමෙන් අනතුරුව මේ පිළිබඳ තරග විනිසුරුතුමන්  දැනුවත් කර ඇති අතර ඒ අනුව යමින් පැවැත්වුණු ප්‍රශ්න කිරීම්වල දී පොලාඩ් තමන්ට එල්ල වී ඇති චෝදනාවන් සියල්ල ප්‍රතික්ෂේප කර තිබීම වඩාත් කැපී පෙණුනි.

නවකයෙකුගේ වේගය ඉන්දියාවට ජය ගෙනදෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටින ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන ප්‍රේක්ෂකයින්ට සජීවී තරග අත්දැකීමක් ගෙන දෙමින් ඉන්දියා…

කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනයක නිරත වෙමින් සිදු කළ විධිමත් පරීක්ෂණයකින් අනතුරුව පොලාඩ් ඉහත චෝදනාවන් හට වරදකරු වන බව තරග විනිසුරු ජෙෆ් ක්‍රෝ මහතා අවසන් තීරණයකට එළඹ තිබේ.

වර්ෂාවෙන් බාධා එල්ල වූ මෙම තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 22කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව තරග 2-0 එක් තරගයක් ද ඉතිරිව තිබිය දී තරගාවලියේ ජය තහවුරු කරගැනීමට ඉන්දියානුවන් සමත් විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<