ළමා මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් මහා තරග මහනුවර දී

199

අධ්‍යාපන අමාත්‍යාංශය සහ නෙස්ලේ ලංකා පෞද්ගලික සමාගම එක්ව සංවිධානය කරනු ලබන සමස්ත ලංකා ළමා මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් මහා තරග මහනුවර දී පැවැත්වීමට තීරණය කර ඇත. ඒ අනුව එළඹෙන මාර්තු මස 09 වැනිදා සිට 11 වැනිදා දක්වා බෝගම්බර ක්‍රීඩාංගණයේ දී අවසන් මහා තරග පැවැත්වීමට නියමිතයි.

අවුරුදු 16ක ගැටයා ලෝක වාර්තාවක් සමඟින් ශූරතාවයට

ජාත්‍යන්තර වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනය විසින් සංවිධානය කෙරෙන…

නෙස්ලේ ලංකා පෞද්ගලික සමාගමේ ළමා මලල ක්‍රීඩා වැඩසටහනක කොටසක් වන මෙම සමස්ත ලංකා ළමා මලල ක්‍රීඩා ශූරතාවය දිවයින පුරා පාසල් වල 3, 4 සහ 5 වන ශ්‍රේණිවල ළමයින් සඳහා විවෘත තරගාවලියකි. මෙම තරගාවලිය, දිවයිනේ පාසල් සිසුන්ට උගන්වන වැඩි දියුණු කළ ආහාර, සෞඛ්‍ය සම්පන්නව ආහාර පිසීම, සජලනය, ආහාරවල ගුණාත්මක භාවය සුරැකීම සහ සනීපාරක්ෂාව පිළිබඳ ශාරීරික ක්‍රියාකාරකම් ලෙස හඳුන්වා ඇත.

මෙම තරගාවලිය 2015 වසරේ සිට සමස්ත ලංකා තරගාවලියක් ආරම්භ කෙරුණු අතර එහි දී වැඩෙන ළමයින් සිදු කරන ක්‍රියාකාරකම් වන ඇවිදීම, දිවීම, කරකැවීම සහ විසිකිරීම යන ක්‍රියාකාරකම් සම්බන්ධ කරගෙන ඔවුන්ට විනෝදය ගෙන එමින් ඔවුන්ට අවශ්‍ය ව්‍යායාම් සිදු කරන තරගාවලියක් ලෙස පැවැත්විය. එහි දී ළමයින් අතර සමඟිය වර්ධනය කිරීම, කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීම, මිත්‍රත්වය ඇති කිරීම සහ ක්‍රීඩා මඟින් ඉගෙනගත හැකි ආචාර ධර්ම ඉගැන්වීම මෙම වැඩසටහනේ ප්‍රධානතම පරමාර්ථයයි.

මෙවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අවසන් මහා තරගවල දී මාර්තු මස 09 වැනිදා 3 ශ්‍රේණියේ අවසන් මහා තරග ද, 10 වැනිදා 4 ශ්‍රේණියේ අවසන් මහා තරග ද, 11 වැනිදා 5 ශ්‍රේණියේ අවසන් මහා තරග ද පැවැත්වෙනු ඇත. පවත්වනු ලැබූ ප්‍රාදේශීය මට්ටමේ තරගාවලි 247කින්, කලාප මට්ටමේ තරගාවලි 74කින් සහ පළාත් මට්ටමේ තරගාවලි 7කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2592 දෙනෙකු මේ වසරේ සමස්ත ලංකා ළමා මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලැබීමට සමත්ව ඇත.

ලාංකීය ප්‍රවීණයින් ඉන්දියාවේ දී දක්ෂතා දක්වයි

පසුගිය දා ඉන්දියාවේ දී නිමාවට පත්වූ 39 වැනි ප්‍රවීණයන්ගේ ජාතික මලල ක්‍රීඩා….

මෙවැනි ළමා මලල ක්‍රීඩා තරගාවලි වලින් කුඩා අවධියේ සිටම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වර්ධනය වන අතර ඒ සඳහා කදිම නිදසුන් ලෙස පසුගිය වසරේ (2018) පැවති සමස්ත ලංකා ළමා මලල ක්‍රීඩා ශූරතාවයේ දී වයස අවුරුදු 12න් පහළ අංශයේ තරග වාර්තා 7කුත්, වයස අවුරුදු 14න් පහළ අංශයේ තරග වාර්තා 8කුත් බිඳ වැටීම පෙන්නුම් කළ හැක.

2018 වසරේ පැවති සමස්ත ලංකා ළමා මලල ක්‍රීඩා ශූරතාවයේ දී ප්‍රාදේශීය මට්ටමේ තරගාවලි 267ක්, කලාප මට්ටමේ තරගාවලි 87ක් සහ පළාත් මට්ටමේ තරගාවලි 08ක් පැවති අතර ප්‍රාදේශීය මට්ටමේ සිට පළාත් මට්ටම දක්වා තේරී පත්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 200,000 ඉක්මවා ඇත.

“මෙම ළමා මලල වැඩසටහන් මඟින් කුඩා කාලයේ සිටම ඔවුන්ගේ දක්ෂතා වර්ධනය වන අතර එම වර්ධනය කරගන්නා දක්ෂතා අනුව පසු කාලීනව ඔවුන්ට විවිධ ක්‍රීඩා තෝරාගැනීම පහසු වෙනවා” යැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ව්‍යාපෘති නිලධාරි මිල්රෝයි ජයමාන්න මහතා ප්‍රකාශ කර සිටියේය.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට තේරීම් පරීක්ෂණ ඇරඹේ

ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා සංචිතය තෝරාගැනීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා….

සමස්ත ලංකා ළමා මලල ක්‍රීඩා වැඩසටහන් ආරම්භ කිරීමට මූලිකත්වය ගත් පුද්ගලයෙකු වන අධ්‍යාපන අමාත්‍යවරයාගේ විශේෂ උපදේශක සුනිල් ජයවීර මහතා මෙම වැඩසටහන් පැවැත්වීමට සහාය දීම වෙනුවෙන් නෙස්ලේ ලංකා පෞද්ගලික සමාගමට තම ස්තූතිය පුද කරන ලදි. තවදුරටත් අදහස් දැක්වූ එම මහතා පවසා සිටියේ විවිධ පාසල් විසින් මෙම වැඩසටහන් කෙරෙහි අවධානය යොමු කිරීම වර්ධනය වෙමින් පැවතියත් තම පාසලට ජාතික මට්ටමේ ශූරතාවයක් ගෙන ඒමට පුහුණුකරුවන් විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල වශයෙන් පුහුණුවීම් වල යෙදවුවහොත් එය එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වර්ධනය කර ගැනීමට බාධාවක් වනු ඇති බවයි. ඒ සඳහා මෙම වැඩසටහන් මාලාව සරලව පැවැත්වීමටත්, ප්‍රාථමික අංශයේ ගුරුවරුන් පමණක් සහභාගී වන ලෙසත් සුනිල් ජයවීර මහතා පවසා සිටියේය.

ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අප ද මෙවර සමස්ත ලංකා ළමා මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් මහා තරගවල තොරතුරු සහ ඡායාරූප ඔබ වෙත ගෙන ඒමට සූදානමින් සිටින අතර ඡායාරූප නැරඹීම සඳහා අපගේ ඡායාරූප පිටුවට www.thepapare.com/photos/ පිවිසෙන්න.


>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<