යොවුන් පාපැදි ශූරියක් සියදිවි නසාගනී

194

ඇමරිකා එක්සත් ජනපදයේ සුපිරි යොවුන් පාපැදි ධාවන ශූරියක් වන කෙලී කැට්ලීන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඇයගේ ජීවිතක්ෂයට හේතුව සියදිවි නසාගැනීමකි.

23 හැවිරිදි කෙලී කැට්ලීන් ඇමරිකාව නියෝජනය කරමින් 2016 සිට 2018 දක්වා අඛණ්ඩව ලෝක ශූරතාවයත්, 2016 රියෝ ඔලිම්පික් උළෙලේ දී රිදී පදක්කමත් දිනා ගැනීමට සමත් විය.

මහා කඹ ඇඳීමේ සංග්‍රාමයට සියල්ල සූදානම්

ශ්‍රී ලංකා කඹ ඇඳීමේ සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය සහ අනුදැනුම මත……

කැට්ලින්ගේ පියා වන මාක් කැට්ලින් ලිපියක් මගින් මාධ්‍ය දැනුවත් කරමින් සඳහන් කර ඇත්තේ පසුගිය සිකුරාදා රාත්‍රියේ දී කැලිෆෝනියාවේ පිහිටි කැට්ලින්ගේ නිවසේ දී ඇය මෙසේ සියදිවි නසාගෙන තිබෙන බවයි.

ඇමරිකා එක්සත් ජනපදයේ පාපැදි සම්මේලනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි රොබ් ඩමාටිනි මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ ඇගේ අභාවය පිළිබඳ කනගාටු වන බවත්, ඇයගේ වියෝවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පාපැදි ක්‍රීඩාවට සිදු වූ පාඩුව කිසිවෙකුට යලි පිරිමැසීමට නොහැකි බවත්ය.

ඩමාටිනි මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මේ මොහොතේ දී කැට්ලින්ගේ පවුලත් සමඟ ඇමරිකා පාපැදි සම්මේලනය සිටින බවත්,  කැට්ලින්ගේ පෞද්ගලිකත්වය පූර්ණ වශයෙන් ආරක්ෂා කිරීමට තමන් වග බලා ගන්නා බවත්ය.

Video – ආසියාව ජය ගන්න සවි ඔසවන්නන් සූදානම්

මාර්තු මස 12 වැනිදා සිට17 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර දී….

ඇමරිකාවේ මිනිසොටා ප්‍රාන්තයේ දී උපත ලද කැට්ලින් ගණිතය හා චීන භාෂාව පිළිබඳ උපාධිධාරිනියක් ද වන අතර මිය යන විට කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ද හදාරමින් සිට ඇත.

2013 වසරේ දී ජාත්‍යන්තර පාපැදි ක්ෂේත්‍රයට පිවිසෙන කැට්ලින් පළමු වරට සහභාගී වන්නේ ඇමරිකා ජාතික කනිෂ්ඨ මාර්ග ධාවන පාපැදි තරගාවලිය සඳහායි. එහි කාල ගණන අදියරේ දී 7 වැනි ස්ථානය හිමිකර ගත් ඇය අවසන් තරගයේ 9 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

අනතුරුව 2015 වසරේ දී පෑන් ඇමරිකා පාපැදි ශූරතාවයට සහභාගී වූ ඇය කණ්ඩායම් අංශයේ පළමු ස්ථානය හා ඒකල අංශයේ දෙවන ස්ථානය ද හිමිකර ගැනීම විශේෂත්වයකි.

2016 වසරේ දී ඇයගේ පාපැදි ක්ෂේත්‍රයේ නොමැකෙන සන්ධිස්ථානයක් සටහන් කිරීමට සමත් වූයේ ඔලිම්පික් පදක්කමත් දිනා ගැනීම සමඟයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<