කැළණි සටනින් ගුරුකුල විදුහලට පහසු ජයක්

843
Kelaniya Gurukula v Dharmapala college

කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය හා කැළණිය ගුරුකුල විද්‍යාලය අතර 27 වැනි වරටත් පැවති කැළණි මහා හටන එක්දින තරගය කඩුලු 7කින් ජය ගැනීමට ගුරුකුල විද්‍යාලය ඊයේ (01) සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්වූ අතර කාසියේ වාසිය දිනූ ධර්මාලෝක විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට තෝරාගන්නා ලදි.

පෘතුවි, යුගීෂ අර්ධ ශතක රැස්කරයි; කැළණි සටන ජය පරාජයෙන් තොරයි

කැළණිය ගුරුකුල විද්‍යාලය හා කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර පැවැත්වූ…

ශ්‍රී ධර්මාලෝක පිතිකරුවෝ සියලු දෙනාම ලකුණු 115කට දැවී ගිය අතර ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ කිසිදු පිතිකරුවෙකුට ස්ථාවර වීමට ගුරුකුල පන්දු යවන්නෝ ඉඩ දුන්නේ නැත. එකා පසුපස එකා ක්‍රීඩාගාරයට හැරී යද්දී යුගීෂ දිල්ශාන් පමණක් එක් අන්තයක හුදකලා වෙමින් ලකුණු 27ක් රැස්කර ගැනීමට සමත් විය. කඩුලු තුන බැගින් දවා ගනිමින් පෘතුවි රූසර හා ලසිඳු අරෝෂ ධර්මාලෝක පිතිකරණ ලැයිස්තුව සුනුවිසුනු කර දැමීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුරුකුල විද්‍යාලයීය පිතිකරුවෝ පන්දුවාර 26යි පන්දු 2ක් තුල දී කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 115ක ඉලක්කය පහසුවෙන් හඹා යාමට සමත් විය. සිය ඉනිමේ දී පිත්තෙන් හුදකලා වූ යුගීෂ දිල්ශාන් පන්දුවෙන් ද දස්කම් දක්වමින් ලකුණු 20කට කඩුලු 2ක් දවාගත් අතර ප්‍රවීන් නිමේෂගේ ලකුණු 37න් හා කෙමිර නයනතරුගේ ලකුණු 31න් ගුරුකුල කණ්ඩයම ආරක්ෂිතව ඉලක්කයට ළඟා වීමට සමත් විය.

අවසන් ලකුණු සටහන

කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය 115 (46.4) යුගීෂ දිල්ශාන්  27, පෘතුවි රූසර 3/09, ලසිඳු අරෝෂ  3/17

කැලණිය ගුරුකුල විද්‍යාලය 116/3 (26.2) ප්‍රවීන් නිමේෂ් 37, කෙමිර නයනතරු 31, පෘතුවි රූසර 26*,යුගිෂ දිල්ශාන්  2/20

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<