කවින්ද්‍ර හා කයිල් පළමු දිනයේම රන් පදක්කම් දිනයි

201

2018 ජාතික හා ජාතික කනිෂ්ඨ පිහිනුම් ශූරතාවලිය ඊයේ (1) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. තියුණු ඉසව් 11කට පසු වත්මන් පිරිමි කාණ්ඩයේ ශූරයින් වන ‘Killer Whale’ ජල ක්‍රීඩා හා පිහිනුම් සංගමය රන් පදක්කම් දෙකක් හා රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් විය.  

මැතිව් ශ්‍රී ලංකා පිහිනුම් ඉතිහාසය අලුත් කරයි

වාර්ෂිකව සංවිධානය වන ජාතික හා කනිෂ්ඨ ජාතික පිහිනුම් ශූරතාවලිය ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ප්‍රධානතම තරගාවලියක් වන අතර එම තරගාවලිය සඳහා පාසල් හා ක්‍රීඩා සමාජ මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් යන දෙපිරිසම සහභාගී වේ.

ආසියානු ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ කයිල් අබේසිංහ හා කවින්ද්‍ර නුගවෙල පළමු දිනයේදී කැපී පෙනුණු අතර ඔවුන් දෙදෙනාම Killer Whale ක්‍රීඩා සමාජය නියෝජනය කිරීම විශේෂත්වයක්. පළමු දිනයේ දී වැඩිම පදක්කම් ගණනක් දිනා ගැනීමට සමත් වූයේ ද Killer Whale ක්‍රීඩා සමාජයයි.

කයිල් අබේසිංහ සිය පළමු ඉසව්ව ලෙස පිරිමි මීටර 200 කේවල මෙඩ්ලි ඉසව්වට සහභාගී වූ අතර එම ඉසව්ව මිනිත්තු 2:15.51කින් නිමා කරමින් ඔහු එම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. ඔහුගේ සහෝදරයා වන මැතිව් අබේසිංහ එම ඉසව්වේ ජාතික වාර්තාවට හිමිකම් කියන අතර ඒ 2016 දකුණු ආසියානු ජල ක්‍රීඩා ශූරතාවලියේ දී එම ඉසව්ව මිනිත්තු 2:07.15කින් නිමා කරමිනි.  

ඉන්දියාව සිය අභිමානය ඉහළින්ම බේරා ගනී

Killer Whale ක්‍රීඩා සමාජයේම අරුක්ශාන් පාවලචන්ද්‍රන් මිනිත්තු 2:19.45කින් එම ඉසව්ව නිමා කරමින් දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

කවින්ද්‍ර නුගවෙල Killer Whale ක්‍රීඩා සමාජය වෙනුවෙන් දෙවන රන් පදක්කම දිනා ගත්තේ පිරිමි මීටර 400 නිදහස් ආර ඉසව්ව මිනිත්තු 4:16.25කින් නිමා කරමිනි. මීගමුව ගේට්වේ ජාත්‍යන්තර පාසලේ එන්. එස්. තාමෙල් එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ මිනිත්තු 4:23.65කින් ඉසව්ව නිමා කරමිනි.    

කවින්ද්‍ර පිරිමි මීටර 200 පසුපස ආර ඉසව්වෙන් රිදී පදක්කමක් ද දිනා ගැනීමට සමත් වූ අතර ඔහු එම ඉසව්ව නිම කළේ මිනිත්තු 2:10.83කිනි. එම ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාව වෙනුවෙන් යොවුන් ඔලිම්පික් උළෙල නියෝජනය කළ සාන්ත පීතර විද්‍යාලයේ අකලංක පිරිස් දිනා ගත්තේ මිනිත්තු 2:08.61කින් ඉසව්ව නිමා කරමිනි.   

තියුණු තරගයකට පසු පාසල් අංශයේ බාලිකා මීටර 200 පසුපස ආර ඉසව්වේ ජය විශාඛා විද්‍යාලයේ ගංගා සෙනෙවිරත්න (2:32.88) හිමි කර ගත් අතර දෙවන ස්ථානය සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ විනොලි කළුආරච්චි (2:37.60) විසින් දිනා ගන්නා ලදි.

දෙහිවල ගේට්වේ ජාත්‍යන්තර පාසලේ හිරුකි ද සිල්වා බාලිකා වයස අවුරුදු 15න් පහළ කාණ්ඩයේ රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් විය. බාලිකා මීටර 200 කේවල මෙඩ්ලි ඉසව්වෙන් හිරුකි (2:42.69) සිය පළමු පදක්කම දිනා ගත් අතර ඇය හමුවේ රේන්බෝ ක්‍රීඩා සමාජයේ අශේන්කා සිල්වා (2:44.00) දෙවන ස්ථානයට පත් විය.

විසාකා සහ සාන්ත ජෝසප් විදුහල් පිහිනුම් ශූරතා දිනයි

හිරුකිගේ දෙවන රන් පදක්කම බාලිකා වයස අවුරුදු 15න් පහළ මීටර 400 නිදහස් ආර ඉසව්වෙන් ඇයට හිමිවුණු අතර ඇය එම ඉසව්ව අවසන් කළේ මිනිත්තු 5:07.65කින් නිමා කරමිනි. දෙවන ස්ථානය සාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමයේ ගයත්මි විජේරත්න (5:12. 92) විසින් දිනා ගත්තාය.  

බාලිකා මීටර 50 පසුපස ආර ඉසව්වෙන් රමුදි සමරකෝන් පරාජය කරන්නට ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ශානාලි පෙරේරා සමත් විය. තියුණු තරගයකින් අනතුරුව විශාකා විද්‍යාලයේ රමුදී (36.93) මයික්‍රෝ තත්පර 34කින් පරාජය කරන්නට ෂෙනාලි පෙරේරා (36.59) සමත් විය.

කාන්තා මීටර 100 සමනළ ආර ඉසව්වෙන් විශාකා විද්‍යාලයේ සඳු සවින්දි පරාජය කරන්නට බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලේ අනිකා ගෆූර් සමත් විය. ගෆූර් තත්පර 1:07.00කින් ඉසව්ව නිමා කළ අතර සඳු තත්පර 1:08.83කින් ඉසව්ව නිමා කරමින් දෙවන ස්ථානයට පත් විය.  

අද (2) තරගාවලියේ දෙවන දිනයයි. තරගාවලියේ තවත් තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත්පුවත්  සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<