නවසීලන්තය පරාජය කළ හැකියි – දිමුත් කරුණාරත්න

349

2019 ලෝක කුසලාන තරගාවලිය සැබවින්ම වසන්තයක් බවට පත්වනු ඇතැයි මේ වන විට පෙර නිමිති පහල වී අවසන්. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන හඹා යාම එළඹෙන සෙනසුරාදා (හෙට) නවසීලන්තයට එරෙහි තරගයෙන් ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහයෝගය ලබා ගනිමින් මෙවර තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන්ට උපදෙස් ලබා දීමට තීරණය කර ඇත.

මාලිංග එන තෙක් දිමුත් නොඉවසිල්ලෙන්

2019 ලෝක කුසලාන තරගාවලියට තවත් ඉතිරිව ඇත්තේ දින 4ක් පමණි. ලෝක කුසලානයට ලහි….

1996 ලෝක ශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට යම් පසුබෑමකට ලක්ව ඇත. ලෝක කුසලානයට සහභාගි වන කණ්ඩායම් 10 අතරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 9 වැනි ස්ථානයයි. වසර තුනක කාලයක් තුල දී ඔවුන් පූර්ණ තරගාවලි පරාජයන් 3කට මුහුණ දී ඇත. 2015 ලෝක කුසලානයෙන් අනතුරුව එකදු එක්දින තරගයක් ක්‍රීඩා කර නොමැති දිමුත් කරුණාරත්න මෙවර කණ්ඩායමේ නායකත්වයට පත්ව ඇත.

ශ්‍රී ලංකාව ලොවට දායාද කළ සුපිරි ක්‍රීඩකයන් වන අර්ජුන රණතුංග හා කුමාර් සංගක්කාර මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගැන්වීමට පැමිණ ඇත.

දිමුත් කරුණාරත්න මෙම වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවිය.

“සංගා ඇවිල්ලා අපිට උපදෙස් දුන්නා. ඒවා ගොඩක් ප්‍රයෝජනවත් දේවල්. ඔහු 2015 ලෝක කුසලානයේ දී ප්‍රබල විදිහට ක්‍රීඩා කළා. ඔහු සූදානම් වුනේ කොහොමද, මානසික යෝග්‍යතාවය තියා ගත්තේ කොහොමද කියන එක ගොඩක් වැදගත්. ඒ වගේම අපි අර්ජුන රණතුංග සමඟින් කතා කළා. ඔහු කණ්ඩායමට අවශ්‍ය උපදෙස් අපි එංගලන්තයට ඒමට පෙර ලබා දුන්නා ”

“කණ්ඩායමට ඕන ධෛර්‍ය ලබා ගන්න වගේ උපදෙස් ගොඩක් වටිනවා. මහේල ජයවර්ධනත් මේ වන විට එංගලන්තයට ඇවිල්ලා ඉන්නවා. මම හිතනවා ඔහු අපිට අවශ්‍ය උපදෙස් ලබා දේවි කියලා. ක්‍රීඩකයින්ව දන්නේ නැතුව ක්‍රීඩා කරන්න අමාරුයි. අනෙක් කාරණය ඔවුන් ගොඩ කාලයකින් තරගයක් ක්‍රීඩා කරලා නෑ. “

“මමත් අවුරුදු 4කට පස්සේ කණ්ඩායමට එන්නේ. ඒක ලේසි දෙයක් නෙමෙයි. ඒත් ඔබට ඔබේ හැකියාව පෙන්වන්න අවස්ථාවක් ලැබුණොත් ඒක කරලා පෙන්වන්න ඕන.”

“කණ්ඩායමට අලුතින් එකතු වුන ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කළේ නැත්නම් ඔවුන්ට කණ්ඩායමේ රැඳෙන්න බැරි වෙයි. කණ්ඩායමේ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් ඉන්නවා. ජයග්‍රහණය කරන්න ඕනෙ නම් ඒ වගේ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් අවශ්‍යයි. “

මහේලට මෙවර ලෝක කුසලානයේ දී අලුත් තනතුරක්

2019 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වූ නිල සන්නාම තානාපතිවරුන් (Brand Ambassador)…..

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග 80කට වැඩියෙන් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයන් 6 දෙනෙකු සිටින අතර එයින් ප්‍රධාන ස්ථානයක් ලසිත් මාලිංගට හිමි වේ.

කණ්ඩායමට නවක ක්‍රීඩකයන් රැසක්ද ඇතුළත් වන අතර අවිශ්ක ප්‍රනාන්දු, ඉසුරු උදාන ප්‍රධාන වේ. ඔවුන්ගේ එතරම් අවධානයට ලක්ව නැති බැවින් එය ඔවුන්ගේම ප්‍රයෝජනයට යොදාගත හැකි බව කරුණාරත්නගේ මතය වී ඇත.

“කාටවත් දේශීය තරග මතක නෑ. දේශීය තරගාවලි වලදී ක්‍රීඩා කල ක්‍රීඩකයන් ගොඩ දෙනෙක්ට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දී දස්කම් දක්වන්න බැරි උනා. ඒ නිසා තමායි තේරීම් කමිටුවට සිදු වුනේ නවක ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබාදෙන්න.

“සිදු වුන හැමදේම අතීතය. අපිට හොඳ කණ්ඩායමක් ඉන්නවා නවක ක්‍රීඩකයන් එක්ක. අපි හොඳින් සූදානම් වෙලා ඉන්නේ. හොඳ පුහුණු තරග දෙකක් හා ස්කොට්ලන්තය සමඟ එක්දින තරගාවලියකට එක්වුනා.

ශ්‍රී ලංකාව මීට පෙර නවසීලන්තය මුණ ගැසී ඇත්තේ වසර 4කට පෙරය. පසුගිය ලෝක කුසලානයේ අනුශූරයන් වූ නවසීලන්තය මෙම වසර ආරම්භයේ දී නවසීලන්තය එක්දින තරගාවලියක් 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය.

“අපි අංශ තුනෙන්ම දස්කම් දැක්වුවහොත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්.”

මේක 50/50 තරගයක්. නවසීලන්තය ඉන්දියාව පරාජය කළා. කොදෙව් කණ්ඩායම නවසීලන්තය පරාජය කළා. දුර්වල කණ්ඩායම මොකක්ද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. අපි හොඳින් ක්‍රීඩා කරන්න ඕන. එහෙම කළොත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්” දිමුත් කරුණාරත්න පවසා ඇත.

2019 ලෝක කුසලානයේ සියලු තොරතුරු ලබාගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<