කරුණාත්න සොයුරෝ ජයග්‍රහණයකින් තරගාවලිය ආරම්භ කරයි

346
Niluka & Dinuka

The FORZA Prague Open 2016, බැඩ්මින්ටන් තරගාවලිය සැප්තැම්බර් 28 වන බදාදා දින ආරම්භ විය. මෙහිදී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයින් දේපලක් වන නිලුක සහ දිනුක කරුණාරත්න ද තරගාවලියට සහභාගි වූ නමුත් තරගාවලිය සාර්ථක ලෙස ජයග්‍රහණය කිරීමට ඔවුනට හැකි නොවිය.  තරගයේ අවසාන දිනය ඊයේ චෙක් ජනරජයේ ප්‍රාග් හි ක්‍රලොව්කා ක්‍රීඩාංගනයේදී පැවැත්වින.

පසුගිය ලිපි: කරුණාරත්න සොහොයුරෝ ප්‍රාග් විවෘත බැඩ්මින්ටන් තරගාවලියට

28 වැනිදා පැවති පළමු පිරිමි යුගල තරග ඉසව්වේදී සත්කාරක චෙක් ජනරජයේ ඩීන් බාබෙක් සහ ජැන් වොලික්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරග වැදුණු අතර එහිදී තරග වට දෙකම පිලිවෙලින් 21-14 සහ 21-13 ලෙස ජය ගැනීමට ඔවුන් සමත් විය.

දෙවන දිනය වු 29 වැනිදා දෙවන තරගය ලෙස ඩෙන්මාර්ක්හි මැඩ්ස් එමිල් ක්රිස්ටේන්සන් සහ රස්මස් රයිලැන්ඩර් දෙපලට එරෙහිව තරග වැදුනු ලංකික දෙපල මෙම තරගයද පිලිවෙලින් 21-14 සහ 21-11 ලෙස ජය වාර්තා කළේය.

කේවල තරග ආරම්භ කරමින් කරුණාරත්න සහෝදරයන්ගෙන් දිනුක, ෆින්ලන්තයේ ඊටු හෙයිනෝ සමහ පළමුව තරග වැදුනු අතර එහිදී වට දෙකම 21-18 සහ 21-16 ලෙස ලකුණු ලබා ගනිමින් ප්‍රතිවාදියා පරාජය කිරීමට ඔහුට හැකි විය. එම දිනයේදීම තවත් යුගල තරගයකදී රුසියාවේ රෝඩ්ඔන් අලිමොව් සහ වැසිලි කුස්නේසොව් 21-13 සහ 21-19 වශයෙන් පරාජයට පත් කිරීමට කරුණාරත්න සහෝදරයන් සමත් විය. අවාසනාවන්ත ලෙස කේවල වලදි නීලුක චෙක් ජනරජයේ මිලාන් ලුඩික් හමුවේ 21-19 සහ 21-17 වශයෙන් පරාජයට පත්විය.

තරමක් කාර්යබහුල තරග කාල සටහනක් සමග තරගාවලියේ තෙවන දිනයේදී ප්‍රංශ ජාතික තෝමස් රුක්සෙල් හමුවේ 21-18 සහ 21-13 ලෙස දිනුක එම තරගය පරාජය වුවත් අනෙක් තරගයේදී ඇමරිකාවේ ජෝර්න් සිගෙන් 21-12 සහ 21-18 වශයෙන් පරාජයට පත් කිරීමට ඔහු සමත් විය.

අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකික දෙපල තරගාවලිය නිමා කරමින් පැවති අවසන් යුගල තරගයේදි  21-15 සහ 21-12 ලෙස ස්වීඩන් ජාතික රිචඩ් ඊඩේස්ටඩ් සහ නිකො රුපොනෙන් හමුවේ පරාජයට පත් විය. ඊයේ (01) තරගාවලියේ අවසාන දිනයයි.  

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට