මාලිංග එන තෙක් දිමුත් නොඉවසිල්ලෙන්

449

2019 ලෝක කුසලාන තරගාවලියට තවත් ඉතිරිව ඇත්තේ දින 4ක් පමණි. ලෝක කුසලානයට ලහි ලහියේ සූදානම් වන කණ්ඩායම්වල එම සූදානම පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය සොයා බැලීමක් සිදු කර තිබේ. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන සූදානම පිළිබඳව නායක දිමුත් කරුණාරත්න අදහස් පල කර ඇත.

දඟපන්දු යවන්නන්ට අභියෝගාත්මකයි – ජෙෆ්රි වැන්ඩර්සේ

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය නියෝජනය කරන ජෙෆ්රි වැන්ඩර්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක…

තරගයේ මුල් ඕවර 10ට සාර්ථකව මුහුණ දීම හා මීළඟ සති 7ක කාලය තුල කණ්ඩායම තුල එකමුතුව හා විශ්වාසය ඇති කිරීම ලෝක කුසලාන තරගාවලියේ දී ඔහුගේ මූලික අරමුණු බව දිමුත් පවසා තිබේ.

ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරගයක් ලෙස පැවති දකුණු අප්‍රිකාව සමග තරගයේ දී ලකුණු 87කින් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

පළමු තරගය වන නවසීලන්තය සමඟ තරගයේ දී අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳව තමන්ට අවබෝධයක් ඇතැයි දිමුත් පවසා සිටියා.

“තේරීම් කමිටුවට ඕන ගොඩක් වෙලා පන්දුවට පහර දෙන්න පුළුවන් ක්‍රීඩකයෙක්. එයාලට ඕන මම ඕවර 10ක් සෙල්ලම් කරලා කණ්ඩායමට අවශ්‍ය ජවය අරන් දෙන්න. එතනින් එහාට තිසර පෙරේරා වගේ ක්‍රීඩකයන් එයාලගේ වගකීම ඉටු කරයි. එහෙම තමයි අපි සැලසුම් කරේ. ටෙස්ට් තරගාවලියේ දී වගේ සෙල්ලම් කරන්න.”

කරුණාරත්න පසුගිය දා පැවති පුහුණු තරගයේ දී පන්දු 92ක් තුල ලකුණු 87ක් රැස්කළේය. ඒ තරගයේ වැඩිම ලකුණුලාභියා වෙමිනි. ලුංගි න්ගිඩි හා කගීසෝ රබාඩා හමුවේ ඉනිම ආරම්භ කිරීමේ වගකීම කරුණාරත්නට පැවරුණ අතර ඔහුගේ ඉනිම ලකුණු 10කට කඩුලු 2ක් දැවී අසීරු අවස්ථාවක සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩ ගැනීමට සමත් විය. අවසන් පන්දුවාර 20 තුල දී එතරම් සාර්ථක නොවූ ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජය භාර ගැනීමට සිදු විය.

“මම හිතන්නේ අපි නැවත රිද්මයට ආවා” දිමුත් පවසා සිටියා. “අවාසනාවකට මැදපෙළ කඩුලු ඉක්මනින් දැවී ගියා.”

විටෙක කඩුලු 4ක් දැවී ලකුණු 199ක් ලබාගෙන ප්‍රබල ස්ථානයක පසු වූ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් කඩුලු 6 ලකුණු 52ක දී අහිමි කර ගැනීම නිසා තරගය පරාජය විය. සියලු දෙනා දැවී ඔවුන්ට ලබාගත හැකි වූයේ ලකුණු 252ක් පමණි.

නායකයා ලෙස කරුණාරත්න කණ්ඩායම දැක්වූ දක්ෂතා පිළිබඳව සතුටු වන බව පැවසූ අතර පිතිකරුවන් තරගයේ මැද පන්දුවාර වලදී මීට වඩා කැපවීමකින් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ යුතු බව ද පැවසීය. තරගයේ පසු අවදියේ දී පිතිකරුවන්ට සුදුසු තත්වයක් ඇතිවූ බවත් පන්දුවට පහර දීමට පහසු වූ බවත් තවදුරටත් ඔහු පවසා සිටියා.

“ආරම්භයේ දී ඔවුන් ඉතාම හොඳින් පන්දු ‍යැවීම කළා. හොඳ තැන්වලට පන්දු යවපු නිසා අපිට සිදු වුනා දුර්වල පන්දු තෝරගෙන ක්‍රීඩා කරන්න. පන්දුව මෘදු වුනාට පස්සේ පන්දුවට පහර දෙන්න පහසු වුනා. ඒ හින්දා අපි හිතුවා අපිට ලකුණු ලබා ගන්න පුළුවන් කියලා.”

මේක හීනයක් සැබෑ වුනා වගේ – ජීවන් මෙන්ඩිස්

මීට වසර 9කට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එක්දින වරම් දිනා ගත් පා දඟපන්දු යවන තුන් ඉරියව්…

තරගයේ දෙවන ඉනිම ශ්‍රී ලංකාවට අභියෝගාත්මක වූයේ ඔවුන්ට එල්ල වූ ඉලක්කය ලකුණු 339ක් වූ නිසාවෙනි. හශීම් අම්ලා හා ෆෆ් ඩූ ප්ලෙසීස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් වටිනා සම්බන්ධයක් ගොඩනගමින් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට අවස්ථාව ලබා දුන් අතර මැදපෙළ ක්‍රීඩකයන් වූ අන්ඩිල් පිහ්ලුක්වායෝ පන්දු 34ක් තුල ලකුණු 35ක් ද, ඩ්වේයින් ප්‍රිටෝරිස් පන්දු 23ක් තුල නොදැවී ලකුණු 25ක් ද ලබා ගැනීමට සමත් විය.

ඔවුන්ට මනා සහයක් ලබා දෙමින් ක්‍රිස් මොරිස් පන්දු 13ක් තුල නොදැවී වේගවත් ලකුණු 26ක් ලබා ගැනීමට සමත් වූයේ අවසන් පන්දුවාර කිහිපයේ එල්ල වූ දුර්වල පන්දු හේතුවෙනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලතම පන්දු යවන්නා වන ලසිත් මාලිංග කණ්ඩායමට තවමත් එක්වී නැති අතර ඔහුගේ පැමිණීම කණ්ඩායමේ පන්දු බලඇණිය ශක්තිමත් කරනු ඇතැයි නායක දිමුත් කරුණාරත්නගේ බලාපොරොත්තුව වී ඇත.

“අපිට ලසිත් මාලිංග කණ්ඩායමට එක්වුනාම අපිට ශක්තිමත් පන්දු බලඇණියක් ඉන්නවා. තරගයක අවසන් පන්දුවාර ඉතාමත් හොඳින් යවන්න ලසිත්ට හැකියාව තියනවා ”

“අපි ජීවන් මෙන්ඩිස්ට හා ජෙෆ්රි වැන්ඩර්සේට අවස්ථාව දුන්නා දකුණත් පිතිකරුවන්ට පන්දු ‍යවන්න. ඒක ලේසි දෙයක් නෙමෙයි. අපිට අවසන් පන්දුවාර ගැන හිතන්න වෙනවා. අපිට වෙනස් දෙයක් කරන්න වෙනවා ඉදිරියට යන්න.”

පංචාල්ගේ පිතිකරණයට විශ්ව සහ දික්වැල්ලගෙන් නැවතීමේ තිත

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයට මුල පුරමින් පැවැත්වෙන පළමු නිල නොවන…

කණ්ඩායමේ දක්ෂතා තරගාවලිය ජයග්‍රහණය කිරීමට ප්‍රමාණවත් නොවන අතර තරග සැලසුම්වලට අමතරව කණ්ඩායමේ එකමුතුව හා කණ්ඩායම් හැඟීම තරගාවලි ජයග්‍රහණයන් සඳහා අත්‍යාවශ්‍යම වේ. මෙම කරුණු මෙවන් තරගාවලියක දී ඉතාමත් වැදගත් බව දිමුත් පවසා සිටියා.

“මම කණ්ඩායම එකට තියාගන්න ඕනෙ ඒක තමයි තේරීම් කමිටුව මගෙන් බලාපොරොත්තු වෙන්නේ. ලෝක කුසලානයකට සෙල්ලම් කරන එක ලේසි නෑ. ඒ වගේ තරගාවලියක දී කණ්ඩායම එකට තියා ගන්න එකත් ලේසි නෑ. තරග 9ක් තියනවා ක්‍රීඩා කරන්න. කණ්ඩායම හැමවෙලේම එකට ඉන්න ඕන. ඒක තමයි මාව නායකයා විදිහට තෝරගද්දී මගේ වගකීම වෙන්නේ.”  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<