ඉන්දියාවට අවස්ථාව වැඩියි – හිටපු ඉන්දීය ප්‍රබලයෙක් ප්‍රකාශ කරයි

159
AFP

ඉන්දියාව මෙවර ලෝක කුසලානයේ ප්‍රබලතම කණ්ඩායම වනු ඇතැයි බොහෝ දෙනා දැනටමත් අනාවැකි පල කර තිබේ. මෙම අදහසට එකඟ වෙමින් ඉන්දියාව වෙනුවෙන් 1983 වසරේ ලෝක කුසලානය ඉන්දියාවට හිමි කර දුන් කණ්ඩායමේ නායක කපිල් දේව් ද අදහස් දක්වා ඇත. ඔහු පවසන්නේ නවක හා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් සමන්විත වන ඉන්දීය කණ්ඩායමට මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ හැකියාව ඇතැයි ඔහු පවසයි.

දිල්ලියේ තරුණ ජවය සන්රයිසස් පළවා හරියි!

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (08) පැවති පිටුදැකීමේ (Eliminator) තරගයෙන් පරාජයට පත්වුනු ප්‍රබල සන්රයිසස් හයිද්‍රාබාද්…

“ඉන්දියාවට නවක හා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් සමන්විත යි. අනික ඉන්දීය කණ්ඩායමේ අත්දැකීම් වැඩියි” පසුගිය 9 වැනිදා පැවති ප්‍රවර්ධන වැඩසටහනක දී ඔහු මෙලෙස පවසා ඇත.” ඔවුන්ට නිවැරදිම කණ්ඩායම් සංයුතියක් තියෙනවා. වේගපන්දු ‍යවන්නන් 4 දෙනෙක්, දඟපන්දු ‍යවන්නන් තුන්දෙනෙක් ඔවුන්ට ඉන්නවා. අනික් එක විරාත් කෝලි හා දෝනි ඉන්නවා. දෝනි හා කෝලි ඉන්දියාව වෙනුවෙන් ගොඩක් ලොකු වගකීමක් ඉටු කරනවා. ඔවුන්ට සම කළ හැකි කවුරුත් නෑ.”

කපිල් දේව් ඉන්දියාව වෙනුවෙන් එක්දින තරග 225කට සහභාගි වී ඇති අතර එහි දී ඔහු බිද හෙළා ඇති කඩුලු ගණන 253ක්. ඉන්දියාව බිහි කළ දක්ෂතම වේගපන්දු තුන් ඉරියව් ක්‍රීඩකයා දේව් බව අවිවාදයෙන් පිළිගැනේ.

“වේගපන්දු යවන්නන් 4 දෙනාම විශිෂ්ටයි, එංගලන්තයේ තණතිලිවල ඔවුන් දස්කම් දක්වාවි. ඔවුන්ට පන්දුවේ දෝලනය උපයෝගී කරගන්න පුළුවන් වෙයි. මොහොමඩ් ශමි, ජාස්ප්‍රිට් බුම්‍රාහ් වගේ පැයට කිලෝමීටර් 145ට වගේ පන්දු ‍යවන ක්‍රීඩකයෙකුට ලේසියෙන්ම දෝලනය ලබා ගන්න පුළුවන්.”

වේගපන්දු ‍යවන ක්‍රීඩකයන්ට අමතරව හර්දික් පාන්ඩ්‍යා වැනි ක්‍රීඩකයන් ද කණ්ඩායමේ සිටීම ඉන්දියාවේ වාසියට හේතු වී ඇත. පාන්ඩ්‍යා තම එක්දින වරම් දිනා ගත් පසුව ඔහුගේ දක්ෂතා ඉන්දීය ප්‍රේක්ෂකයන් මෙන්ම විචාරකයන්ගේ ද අවධානයට යොමු වූ අතර ඔහු මීළඟ කපිල් දේව් වනු ඇතැයි විශ්වාසය පල කරයි.

ජොෆ්රා එංගලන්තයට කොළ එළි දල්වයි

දකුණතින් වේගපන්දු යවන ජොෆ්රා ආචර් එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී එංගලන්ත කණ්ඩායමේ තමන්ට ද ස්ථීර අසුනක්…

“පාන්ඩ්‍යා මත පීඩනය දෙන්න හොඳ නැහැ. ඔහුට දක්ෂතාවය තියෙනවා. ඔහුගේ සාමාන්‍ය විදිහට සෙල්ලම් කරන්න දෙන්න ඕන. මම කැමති නෑ කාවවත් කාටවත් සසඳනවාට. එතකොට එයාලට පීඩනය වැඩී.”

මෙහි දී කපිල් දේව් විසින් ඉන්දියාව තමන් වැඩිපුරම බලාපොරොත්තු තබාගෙන සිටින කණ්ඩායම බවත්, ඕස්ට්‍රේලියාව එංගලන්තය නවසීලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ද තරගාවලියේ බලාපොරොත්තු තබා ගත හැකි කණ්ඩායම් ලෙස පවසා ඇත. “මම හිතන්නේ ඉන්දියාව පළමු කණ්ඩායම් 4 තුලට පහසුවෙන්ම එයි. ඉන්පසු අවසන් පූර්ව වටය අමාරුයි. ඊට පස්සේ වාසනාව හා කණ්ඩායමේ දස්කම්වල හැටියට තමයි ඉස්සරහට යන්නේ.” දේව් තවදුරටත් පවසා ඇත.

ලෝක කුසලානයට සහභාගි වන ඉන්දීය කණ්ඩායම

රෝහිත් ශර්මා, ශිකර් දවාන්, විරාත් කෝලි, ලෝකේශ් රාහුල්, මහේන්ද්‍ර සිං දෝනි, විජේ ශංකර්, දිනේශ් කාර්තික්, හර්දික් පාන්ඩ්‍යා, රවීන්ද්‍ර ජඩේජා, කේදාර් ජාදව්, කුල්දීප් යාදෙව්, මොහොමඩ් ශමි, ජාස්ප්‍රිට් බුම්‍රාහ්, බුවනේස්වර් කුමාර්, යුස්වේන්ද්‍ර චාහල්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<