මහනුවර ක්‍රීඩකයෝ පළමු අදියර ජය ගනී

1091

පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 26–05ක් ලෙස පරාජය කරමින්  ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජය ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ ජය වාර්තා කර ගැනීමට සමත් විය.

අන්තර් සමාජ සත් සාමාජික රග්බි සංග්‍රාමය ඇරඹේ

ඩයලොග් ආයතනය විසින් සවිබල ගන්වනු ලබන අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය…

ඩයලොග් සත් සාමාජික ලීග් රග්බි තරගාවලියේ දෙවන දිනය වූ ඊයේ (3) බඳුන හා පලිහ අර්ධ අවසාන පූර්ව තරගවලින් දිනය ආරම්භ වූ අතර එම තරගවල ජයග්‍රාහකයෝ බඳුන අවසන් පූර්ව තරගය වෙතත් පරාජිතයෝ  පලිහ අවසන් පූර්ව තරගය වෙතත් සුදුසුකම් ලැබීය.

නාවික හමුදා C කණ්ඩායමට එරෙහිව පෙරළිකාරී ජයක් වාර්තා කරමින් පොලිස් B කණ්ඩයම දිනය ආරම්භ කළ අතර ලකුණු 33–05ක් ලෙස නාවිකයෝ ඔවුන් අතින් පරාජය වෙද්දී, සබරගමුව රග්බි ක්‍රීඩා සමාජය තරගාවලියේ දෙවන දිනයට සහභාගී නොවීම හේතුවෙන් යුධ හමුදා B කණ්ඩායමට නිතරගයෙන් ඉදිරියට යෑමට වරම් හිමි විය.

ගුවන් හමුදා B හා ගාලු රග්බි ක්‍රීඩා සමාජය පරාජය කරමින් CH & FC ක්‍රීඩා සමාජය හා පීටර්සන්ස් (Petersons) ක්‍රීඩා සමාජය බඳුන අවසාන පූර්ව වටයට යෑමට වරම් දිනා ගන්නා ලදි.

නාවික හමුදා-C 5 33 පොලිස් ක්‍රීඩා සමාජය–B
යුධ හමුදා-B නිතරග ජයක් සහභාගී නොවීය සබරගමුව රග්බි ක්‍රීඩා සමාජය
CH & FC – B 31 7 ගුවන් හමුදා –B
ගාලු රග්බි ක්‍රීඩා සමාජය 17 31 පීටර්සන්ස් ක්‍රීඩා සමාජය

සියලු දෙනාම දැඩි අවධානයක් යොමු කළ කුසලාන/පලඟ අර්ධ අවසාන පූර්ව තරගවල දී නාවික හමුදා A කණ්ඩායමට නොසිතූ පරාජයක් අත්කර දෙන්නට ගුවන් හමුදා A කණ්ඩායම සමත් විය.

නියමිත කාලය අවසානයේ ලකුණු 19-19ක් ලෙස තරගය සමවී තිබුණු අතර අමතර කාලයේ දී ජයග්‍රාහී උත්සාහක දිනුම වාර්තා කරන්නට ගුවන් ක්‍රීඩකයෝ සමත් වූහ.

හැව්ලොක් ක්‍රීඩා සමාජයට තවත් පරාජයක් අත්කර දෙමින් දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේ දී පොලිස් A කණ්ඩයම හැව්ලොක් ක්‍රීඩා සමාජය පරාජය කරන්නට සමත් විය.

අවසාන අර්ධ අවසාන පූර්ව තරග දෙකේ දී නාවික හමුදා B කණ්ඩායම පරාජය කරමින් මහනුවර ක්‍රීඩා සමාජයත්, යුධ හමුදා A කණ්ඩායම පරාජය කරමින් CH & FC – A කණ්ඩායමත් අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් විය.

කුසලාන අර්ධ අවසන් පූර්ව තරගවල ජයග්‍රාහී කණ්ඩායම් කුසලාන අර්ධ අවසන් පූර්ව තරගවලට පිවිසුණු අතර පරාජිතයින් පලඟ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

නාවික හමුදා A 19 24 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය A
පොලිස් ක්‍රීඩා සමාජය A 19 10 හැව්ලොක් ක්‍රීඩා සමාජය
C H & F C – A 36 5 යුධ හමුදා ක්‍රීඩා සමාජය A
මහනුවර ක්‍රීඩා සමාජය 24 14 නාවික හමුදා ක්‍රීඩා සමාජය B

නාවික හමුදා C කණ්ඩායමට දෙවන නිතරග ජයක් ලැබුණේ සබරගමුව රග්බි ක්‍රීඩා සමාජය අද දිනයේ තරගාවලිය සඳහා සහභාගී නොවූ නිසාවෙනි. ගාලු රග්බි ක්‍රීඩා සමාජය පරාජය කළ ගුවන් හමුදා B කණ්ඩායම නාවික හමුදා C කණ්ඩායම සමඟින් පලිහ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

පොලිස් ක්‍රීඩා සමාජය B විසින් යුධ හමුදා B කණ්ඩායම ලකුණු 21-15ක් ලෙස පරාජය කළ අතර පීටර්සන්ස් ක්‍රීඩා සමාජය පහසුවෙන් පරාජය කළ CH & FC – B කණ්ඩායම පොලිස් කණ්ඩයම සමඟ බඳුන අවසන් තරගයට වරම් හිමි කර ගත්තේය.

නාවික හමුදා A කණ්ඩායම විසින් හැව්ලොක් ක්‍රීඩා සමාජය පරාජය කළ අතර යුධ හමුදා A කණ්ඩායම විසින් නාවික හමුදා B කණ්ඩායම පරාජය කරමින් යුධ හමුදා නාවික හමුදා ගැටුමක් පලඟ ශූරතාවලියේ නිර්මාණය කළේය.

පෙරළිකාරී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ පොලිස් ක්‍රීඩා සමාජය තවත් පෙරළිකාරී ජයක් වාර්තා කරමින් ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින් කුසලාන අවසන් මහා තරගයට පිවිසීමට සමත් විය.

අවසන් මහා තරගයටත් වඩා උණුසුම් තරගයක් වූ දෙවන අවසන් පූර්ව තරගයේ දී මහනුවර ක්‍රීඩා සමාජය හා CH & FC – A කණ්ඩායම තරග වැදුණු අතර පළමු භාගයේ CH කණ්ඩායමේ ආක්‍රමණයෙන් මිදී ලකුණු 26-21ක තියුණු ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

නාවික හමුදා C නිතරග ජයක් කණ්ඩායමක් නැත
ගුවන් හමුදා B 36 vs 12 ගාලු ක්‍රීඩා සමාජය
පොලිස් ක්‍රීඩා සමාජය B 21 vs 15 යුධ හමුදා B
CH & FC B 33 vs 7 පීටර්සන්ස් ක්‍රීඩා සමාජය

 පලිහ අවසාන මහා තරගය

ලකුණු 29-07ක් ලෙස නාවික හමුදා C කණ්ඩායම පරාජය කරමින් තරගාවලියේ පළමු අදියරේ එකොළොස්වැනි ස්ථානය දිනා ගැනීමට ගුවන් හමුදා B කණ්ඩායම සමත් විය.

බඳුන අවසාන මහා තරගය

පොලිස් B කණ්ඩායම ඉතා පහසුවෙන් CH & FC B කණ්ඩායම පරාජය කිරීමට සමත් වූයේ තරගාවලියේ නව වන ස්ථානය දිනා ගනිමිනි.

හත්වැනි හා අටවැනි ස්ථානය සඳහා තරගය

දිනය පුරා අවාසනාවන්ත ලෙස අසාර්ථක වූ හැව්ලොක් ක්‍රීඩා සමාජයට නැවත වතාවක් පරාජයක් අත්විඳීමට සිදු වුයේ නාවික හමුදා B හමුවේ ලකුණු 22-19ක් ලෙස පරාජය වීමට සිදු වූ නිසයි. නාවික හමුදා B කණ්ඩායම තරගාවලියේ හත්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.  

විද්‍යා ක්‍රීඩකයින්ගේ වේගය ලුම්බිණියට පරාජය ගෙන එයි

මුළු රග්බි පිටියම වර්ෂාවෙන් නැහැවෙද්දී උණුසුම් රග්බි තරගයක් අද (02) ගල්කිස්ස විද්‍යා…

පලඟ ශූරතාව අවසාන මහා තරගය

නාවික හමුදා A කණ්ඩායම විසින් යුධ හමුදා A කණ්ඩායම තියුණු ලෙස පරාජය කරමින් ලකුණු 22-19ක් ලෙස තරගාවලියේ පස්වැනි ස්ථානය තහවුරු කර ගැනීමට සමත් විය.

තෙවැනි හා සිව්වැනි ස්ථානය සඳහා තරගය

පෙරළිකාරී දිනයක තවත් පෙරළිකාරී ජයක් වාර්තා කරමින් අවසාන මිනිත්තුවේ දී CH & FC – A කණ්ඩායම පරාජය කරමින් තෙවැනි ස්ථානය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

කුසලාන අවසාන මහා තරගය

පෙරළිකාරී පොලිස් A කණ්ඩායම තරගයේ පළමු භාගයේ සිය උපරිම උත්සාහය යොදා ක්‍රීඩා කළ නමුත්  පළමු අර්ධය අවසානයේ දනුෂ් දයාන් මහනුවර වෙනුවෙන් ප්‍රවර්තනය කරන ලද උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය.   

ලකුණු 07-00ක වාසියක් සමඟින් දෙවන අර්ධය ආරම්භ කළ මහනුවර ක්‍රීඩකයෝ සුපුරුදු රිද්මයට පිවිසෙමින් සිය දෙවන උත්සාහක දිනුම දනුෂ්ක රන්ජන්ගේ සුරතින් වාර්තා කර ගැනීමට සමත් විය.

විශ්වමිත්‍ර ජයසිංහ මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් තෙවැනි උත්සාහක දිනුම වාර්තා කළ අතර පොලිස් කණ්ඩායම වෙනුවෙන් කසුන් සාරංග රැස්කළ හුදකලා උත්සාහක දිනුම මහනුවර කණ්ඩායමේ ජයග්‍රහණය නැවැත්වීමට ප්‍රමාණවත් නොවීය.

අවසාන ලකුණු තත්වය මහනුවර ක්‍රීඩා සමාජය 26-05 පොලිස් ක්‍රීඩා සමාජය

නාවික හමුදා A 24 12 හැව්ලොක් ක්‍රීඩා සමාජය
යුද හමුදා A 29 5 නාවික හමුදා B
ගුවන් හමුදා A 12 17 පොලිස් A
C H & F C A 21 26 මහනුවර ක්‍රීඩා සමාජය
නාවික හමුදා C 7 29 ගුවන් හමුදා B
පොලිස් B 19 14 CH & FC B
හැව්ලොක් ක්‍රීඩා සමාජය 17 22 නාවික හමුදා B
ගුවන් හමුදා 47 0 Colombo Eagles
නාවික හමුදා A 22 19 යුධ හමුදා A
ගුවන් හමුදා A 24 19 C H & F C – A
පොලිස් A 5 26 මහනුවර ක්‍රීඩා සමාජය

කාන්තා තරග

කාන්තා කුසලාන අවසන් මහා තරගයේ දී නාවික හමුදා ක්‍රීඩිකාවෝ යුධ හමුදා ක්‍රීඩිකාවන් පරාජය කරමින් ලකුණු 15-07ස් ලෙස ශූරතාවය වැලිසරට රැගෙන යන්නට සමත් විය.

පලඟ ශූරතාවේ අවසාන මහා තරගය CR & FC ක්‍රීඩා සමාජය හා ගුවන් හමුදා කණ්ඩායම අතර පැවති අතර ලකුණු 40-00ක් ලෙස තරගය ජය ගන්නට ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

යුධ හමුදා ක්‍රීඩා සමාජය 12 15 නාවික හමුදා ක්‍රීඩා සමාජය
ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 14 5 Colombo Eagles
ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 47 0 Colombo Eagles
නාවික හමුදා ක්‍රීඩා සමාජය 15 7 යුධ හමුදා ක්‍රීඩා සමාජය

පළමු අදියරේ වැඩිම උත්සාහක දිනුම් ලාභියා – නවීන් හේනකන්කානම්ගේ

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<