මහනුවර ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් තරගාවලිය අරඹති

299

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ජයග්‍රහණයකින්ම ආරම්භ කිරීමට මහනුවර ක්‍රීඩකයන් අද (10) සමත් විය. ඒ රත්මලාන ක්‍රීඩාංගණයේ දී ගුවන් හමුදා කණ්ඩායම සමඟ පැවතී තරගයෙන් 19-28ක ජයක් හිමිකර ගනිමිනි.

රත්වත්තගේ වික්‍රමයෙන් කොළඹ 7 රග්බි සටන CR&FC ජය ගනී

2018 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවන තරගය අද (10) ප්‍රබල ප්‍රතිමල්ලවයින් වන CH&FC කණ්ඩායම හා CR&FC කණ්ඩායම අතර පැවැත්වුණු අතර අතිශය තියුණු…

ආබාධ හේතුවෙන් ප්‍රවීණ ක්‍රීඩකයන් වන ශ්‍රීනාත් සූරියබණ්ඩාර සහ ගයාන් වීරරත්න මෙම තරගයට සහභාගී නොවීම සහ රොෂාන් වීරරත්න ද සුළු ආබාධ තත්වයක් නිසා තරගයේ ආරම්භක ක්‍රීඩකයන් අතරට එක නොවීම මහනුවර කණ්ඩායමට ඉතා අවාසිදායක තත්වයක් විය.

ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ගේ අඩුවක් තිබුණ ද තරගයේ පෙරමුණ ගැනීමට මහනුවර ක්‍රීඩකයන්ට ගත වූයේ තත්පර 34ක කාලයකි. තරගය ආරම්භ වී තත්පර 34ක් ඉක්මවූ අවස්ථාවේ දී මහනුවර කණ්ඩායමේ විශ්වමිත්‍ර ජයසිංහ විසින් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළේය.

තිලිණ විජේසිංහ විසින් එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කර ගනු ලැබීය. (ගුවන් හමුදා 00-07 මහනුවර)

16 වැනි මිනිත්තුවේ දී මහනුවර කණ්ඩායමට දඬුවම් පහරක් හිමිවූව ද තිලිණ විජේසිංහ විසින් එල්ල කළ පහර යකඩ කණුවේ දැවටී නැවත ක්‍රීඩාංගණය වෙත පැමිණියේ ලකුණු 3ක් මහනුවර කණ්ඩායමට අහිමි කරමිනි.

31 වැනි මිනිත්තුවේ දී ගුවන් හමුදා කණ්ඩායමේ සූර්ය ක්‍රිෂාන් විසින් උත්සාහක දිනුමක් වාර්තා කරමින් ගුවන් හමුදා ලකුණු පුවරුව ආරම්භ කළේය. ජෙහාන් සීලගම විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමත් සමඟින් තරගය 7-7ක් ලෙසින් සම තත්වයට පැමිණෙන ලදි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

එම උත්සාහක දිනුමට පිළිතුරු සැපයීමට වැඩි වෙලාවක් මහනුවර ක්‍රීඩා සමාජයට ගත නොවුනේ මහනුවර නායක රිචඩ් ධර්මපාල විසින් පළමු අර්ධය අවසන් වීමට සුළු වෙලාවක් තිබිය දී උත්සාහක දිනුමක් ලබාගත් නිසාය. ආදේශක ක්‍රීඩකයෙකු ලෙසින් පිටියට එක්වූ මහනුවර කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රීඩක රොෂාන් වීරරත්න එම උත්සාහක දිනුම වාර්තා කිරීමට අනගි සහයක් දැක්විය.

තිලිණ විජේසිංහ විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් බැවින් පළමු අර්ධය නිමා වුණේ 07-14ක් ලෙසින් මහනුවර ක්‍රීඩා සමාජයට පෙරමුණ හිමිකර දෙමිනි.

පළමු අර්ධය: ගුවන් හමුදාව 07 – 14 මහනුවර ක්‍රීඩා සමාජය

පළමු අර්ධයට සාපේක්ෂව දෙවැනි අර්ධය උණුසුම් වූ අතර දෙවැනි අර්ධයේ 3වැනි මිනිත්තුවේ දී හෙවත් තරගයේ 43වැනි මිනිත්තුවේ දී විදෙස් ක්‍රීඩක රදුවා කවුසූ විසින් උත්සාහක දිනුමක් ලබා ගත්තේ, තරගය මහනුවර කණ්ඩායමට පහසු එකක් නොවන බව අනතුරු අඟවමිනි.

ඉතා විශිෂ්ට ලෙසින් එහි ප්‍රවර්තනය ගයන්ත ඉද්දමල්ගොඩ විසින් සාර්ථක කර ගනු ලැබුවේ තරගය නැවත වරක් සම කරමිනි. (ගුවන් හමුදාව 14-14 මහනුවර)

අවසන් මොහොතේ දඬුවම් පහරෙන් පොලිස් බලාපොරොත්තු බිඳී යයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියට සුපිරි ආරම්භයක් ලබා දෙමින් නාවික හමුදා කණ්ඩායම පෙරළිකාර පොලිස් ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 24-23ක තියුණු ජයක් වාර්තා කිරීමට…

46 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කිරීමට අවස්ථාවක් මහනුවරට හිමිවූව ද එම අවස්ථාව සාර්ථක නොවූවත් ඉන් මිනිත්තු දෙකකට පසු මහනුවර නායක රිචඩ් ධර්මපාල විසින් සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කරමින් නැවත වරක් තරගයේ පෙරමුණ මහනුවර කණ්ඩායම හිමිකර දීමට සමත් විය.

එය ඉතා මනරම් උත්සාහක දිනුමක් වූයේ, ඉතා අලංකාර පන්දු හුවමාරු කිහිපයකින් අනතුරුව මහනුවර කණ්ඩායම විසින් එම උත්සාහක දිනුම වාර්තා කිරීම නිසාය.

තිලිණ විජේසිංහ විසින් එහි ප්‍රවර්තනය ද මඟ නොහැරී අතර ඒ අනුව තරගයේ ලකුණු පුවරුව දිස්වූයේ 14-21ක් වශයෙනි.

කෙසේ නමුත් ඉන්පසුව මිනිත්තු 5ක පමණ කාලයක් මහනුවර රේඛාවට මීටර 1-5 අතර දුරකින් පන්දුව රඳවා ගනිමින් උත්සාහක දිනුමක් ලබා ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම ඔවුන්ගේ උපරිම ශක්තිය යෙදුව ද, මහනුවර ආරක්ෂක පෙළ පසුකිරීමට කිසිදු ගුවන් හමුදා ක්‍රීඩකයෙකුට නොහැකි විය.

ඒ ආකාරයෙන් විශිෂ්ට ලෙසින් තමන්ගේ රේඛාව ආරක්ෂා කළ ද 56 වැනි මිනිත්තුවේ දී තමාගේ සීමා ඉරෙන් මෙපිට දී රොෂාන් වීරරත්නගේ දෑතින් පන්දුව ගිලිහී ඉදිරියට ගියේ ගුවන් හමුදා කණ්ඩායමේ රුමේෂ් රාම්දාස්හට උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ඉඩ සලසා දෙමිනි.

එහෙත් ඉතා අපහසු කෝණයකින් එහි ප්‍රවර්තනය ලබා ගැනීමට තිබූ බැවින් ගයන්ත වීරසිංහ හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි වීමෙන් තරගය තෙවැනි වරටත් සම තත්වයට ගෙන ඒමට ගුවන් හමුදා කණ්ඩායමට නොහැකි විය.

යුධ හමුදා බල බිඳිමින් හැව්ලොක් ක්‍රීඩා සමාජය ජය ගනී

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය අද (9) ආරම්භ වූ අතර සිය පළමු තරගයේ දී ම යුධ හමුදා ක්‍රීඩා සමාජය පරාජය කරමින් ලකුණු 23-12ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට…

තමාගෙන් වරදක් සිදු වූව ද තම හැකියාව සහ අත්දැකීම් මනාවට ප්‍රදර්ශනය කරමින් රොෂාන් වීරරත්න විසින් 59 වැනි මිනිත්තුවේ දී ගුවන් හමුදා ක්‍රීඩකයන්ට සිතා ගත නොහැකි ආකාරයෙන් වේගයෙන් ද, උපක්‍රමශීලී බවෙන් ද පරිපූර්ණ උත්සාහක දිනුමක් ලබා ගනු ලැබුවේ තරගය සත්කාරක ගුවන් හමුදා කණ්ඩායමට තව තවත් අසීරු කරමිනි.

පිට පිට සිව්වැනි වරටත් තමාට හිමි වූ ප්‍රවර්තන සාර්ථක කර ගැනීමට තිලිණ විජේසිංහට හැකි විය. ඒ අනුව 19-28ක් ලෙසින් තරගයේ ලකුණු පුවරුව දැක්වුන අතර තරගයේ සම්පූර්ණ කාලය අවසන් වන තෙක්ම එම ලකුණු පුවරුවේ වෙනසක් නොවූයේ ඉන්පසු දෙපිලටම ලකුණු වාර්තා කරන්නට නොහැකි වූ නිසාය.

අවසන් ලකුණු තත්වය: ගුවන් හමුදාව 19 (3T, 2C) – 28 (4T, 4C) මහනුවර ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – රොෂාන් වීරරත්න (මහනුවර ක්‍රීඩා සමාජය)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • ගුවන් හමුදාව – සූර්ය ක්‍රිෂාන් (1T), ජෙහාන් සීලගම (1C), රුමේෂ් රාම්දාස් (1T), රදුවා කවුසූ (1T), ගයන්ත ඉද්දමල්ගොඩ (2C)
  • මහනුවර ක්‍රීඩා සමාජය – විශ්වමිත්‍ර ජයසිංහ (1T), රිචඩ් ධර්මපාල (2T), රොෂාන් වීරරත්න (1T) තිලිණ විජේසිංහ (4C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<