“මහනුවර හදගැස්ම” – තරගාවලියට සූදානම්!

109

මෙවර ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියට තරග වදින කණ්ඩායම් අතර සිය නාමය ඉහළින්ම රඳවා ගෙන සිටින ප්‍රබල කණ්ඩායමක් ලෙස මහනුවර ක්‍රීඩා සමාජය හැඳින්විය හැක. 

ගිලිහී ගිය රිද්මය සොයා යන්නට පොලිස් භටයින් සූදානම්!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ආරම්භ වීම සඳහා තවත් ඇත්තේ දින දහයකටත් අඩු…

පසුගිය වසරේ ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරතාවය හිමිකර ගත් මහනුවර ක්‍රීඩකයින්, මෙවර තරගාවලියට පිවිසෙන්නේ ලබාගත් ශූරතාව ගිලිහී යාමට නොදී රැක ගැනීමේ ඒකායන අපේක්ෂාවෙනි. 2019/20 තරග වාරය සඳහා මහනුවර ක්‍රීඩා සමාජය මෙහෙයවීමේ වගකීම නයිජල් රත්වත්තට හිමිවී ඇත. 

මහනුවර ක්‍රීඩා සමාජයේ අතීතය ගැන විපරම් කරන විට 1874 වර්ෂයේ දී ආරම්භ කරන ලද මහනුවර ක්‍රීඩා සමාජය මේ දක්වා ශ්‍රී ලංකාව තුළ සාර්ථකම රග්බි කණ්ඩායම ලෙස නම් දරා තිබේ. ප්‍රතිවාදී කණ්ඩායම් අභිබවා යමින් ක්ලිෆර්ඩ් කුසලාන ශූරතා විශාල ප්‍රමාණයක් ජයග්‍රහණය කරන්නට ද මහනුවර ක්‍රීඩා සමාජයට හැකිව තිබේ. 

2000 වසරේ සිට 2009 වසර දක්වා කාලය තුළ අඛණ්ඩව වසර නවයක් පුරාවට ශූරතාවය දිනා ගනිමින් අපරාජිත තරග වාර්තාවක් පවා බිහි කිරීමට මහනුවර ක්‍රීඩා සමාජයට හැකිව තිබේ. එසේම පසුගිය වසර 5ක දීම පිට පිටම පස් වතාවක් ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි ශූරතාවයද මහනුවර ක්‍රීඩා සමාජය සතු කරගෙන ඇත. 

පසුගිය තරගවාරය දෙස හැරී බලන විට ඉතා සාර්ථකව එම තරගවාරයේ දී මහනුවර ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූයේ තමන් සහභාගී වූ තරග 16න් 13ක්ම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 80ක් ලබාගෙන ය. 

විජයග්‍රහණයකට සූදානම් වන යුද හමුදාව!

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියට සහභාගී වන ඕනෑම කණ්ඩායමක් ඕනෑම තත්ත්වයක්…

එසේම මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් ලකුණු 185ක් රැස්කර ගනිමින් තිළිණ විජේසිංහ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය. 

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් මෙන්ම නවක ක්‍රීඩකයන් රැසකගෙන් ද සමන්විත මහනුවර සංචිතය පුහුණු කිරීමේ වගකීම මෙවර භාරව ඇත්තේ මහනුවර ක්‍රීඩා සමාජයේ හිටපු ක්‍රීඩක ෆාසිල් මරීජා හටයි. පසුගිය තරගවාරයේ දී මහනුවර ක්‍රීඩා සමාජයේ පුහුණුකරු වූ ෂෝන් විජේසිංහ යටතේ පිට පිට දෙවතාවක් ශූරතාවය ජයග්‍රහණය කරන්නට මහනුවර ක්‍රීඩා සමාජයට හැකි විය. 
පසුගිය වසරේ දී සාර්ථක ලෙස නායකත්වයේ වගකීම ඉටුකළ රිචඩ් ධර්මපාල වෙනුවට මෙවර කණ්ඩායමේ නායකත්වය නයිජල් රත්වත්තට හිමිව තිබේ. “Center” ස්ථානයේ කණ්ඩායමේ බර ඔසවන ධර්මපාලට මෙවර නයිජල්ට සහය වෙමින් කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවා ගෙන යාමේ වගකීම භාර වනු ඇත. 

අත්දැකීම් බහුල CR & FC කණ්ඩායම ආධිපත්‍ය පතුරවන්නට සූදානමින්!

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ නායක ඔමල්ක ගුණරත්නගේ…

ධනුෂ්ක රන්ජන් මෙවර කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවක් වන අතර ඔහුගේ වේගය හා අත්දැකීම් මහනුවර කණ්ඩායමට විශාල රුකුලක් වනු ඇත. ජේසන් දිසානායක හා දනුෂ් දයාන් ද ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වීමට සමත් වූ අතර ඔවුන් ද, මෙවර කණ්ඩායමේ ප්‍රධාන ස්ථානයක් ගනිමින් කණ්ඩායම වෙනුවෙන් විශාල සේවයක් ඉටුකිරීමට සූදානමින් සිටිනු නොඅනුමානය. 

මහනුවර ක්‍රීඩා සමාජය සිය පළමු තරගය සඳහා එළඹෙන දෙසැම්බර් 01 වනදා නිත්තවෙල දී ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමඟින් තරග වැදීමට නියමිතය. තරගාවලියේ සියලුම තොරතුරු සහ සජීවී විකාශය සඳහා රැඳී සිටින්න, ක්‍රීඩාවේ ප්‍රමුඛයා Thepapare.com සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<