යොවුන් ආසියානු කුසලනයයේ ශ්‍රී ලංකා නායකත්වය කමිඳු මෙන්ඩිස්ට

910
Kamindu Mendis

දෙසැම්බර් 15 වැනි දා ආරම්භ වීමට නියමිත 19න් පහළ යොවුන් ආසියානු කුසලනයේ ශ්‍රී ලංකා නායකත්වයට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ක්‍රීඩක, කමිඳු මෙන්ඩිස් නම් කර ඇත.

පසුගිය ලිපි: චරිත් සේනානායක වෙනුවට රංජිත් ප්‍රනාන්දු නව කළමනාකරු ලෙස පත් කෙරේ

බංගලාදේශයේ පවතී ICC 19න් පහල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දෙඅතින් පන්දු යැවීමේ හැකියාවත් සමඟ වසර මුල සිටම මැනවින් තම දක්ෂතාවයන් විදහා දක්වමින් ක්‍රිකට් ලෝකයට පිවිස සිටින ඔහු හට සහය ලබා දීමට, ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේ දකුණත් මැදපෙළ පිතිකරුවෙක් වන අශේන් බණ්ඩාර කණ්ඩායමට එකතු වීමට නියමිතයි.

මෙන්ඩිස්ට අමතරව, ශාන්ත ජෝසප් විද්‍යාලයේ ජෙහාන් ඩැනියෙල් තරග 6ක් තුල ලකුණු 156 රැස් කරමින් 2016 19න් පහල යොවුන් ලෝක කුසලාන තරගාවලියේදීද, ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල එක ක්‍රීඩකයෙකි. 19න් පහළ යොවුන් ආසියානු කුසලනය සඳහා තේරීපත් වූ ක්‍රීඩකයන් 15 දෙනා 2018 වසර මුල දී නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත, ICC 19න් පහල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ද තේරීපත් වනවා ඇත.

2016 19න් පහල ආසියා කුසලානයේ තොරතුරු ගොනුව වෙත පිවිසෙන්න

2012 මැලේසියාවේදී පැවති ප්‍රථම යොවුන් ලෝක කුසලානයේදී ඉන්දියාව සහ පාකිස්ථානය සම ශූරතාවය දිනාගත් අතර 2013/2014 වසරේ U.A.E හි පවතී තරගාවලියේදී පාකිස්ථානය ලකුණු 40කින් පරාජය කරමින් ඉන්දියාව පහසු ජයක් සමඟ තරගාවලිය ජයගැනීමට සමත් විය.

කණ්ඩායම් 8ක් තරග වැදීමට නියමිත මෙම තරගාවලිය දෙසැම්බර් මස 15 වැනිදායින් ආරම්භ වී, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අවසාන මහා තරගයත් සමඟ දෙසැම්බර් 25 වැනිදායින් නිමා වීමට නියමිතයි. සත්කාරක ශ්‍රී ලංකාව, ගියවර ශූරයින් වන ඉන්දියාව ඇතුළුව මැලේසියාව සහ නේපාලය සමඟ A කාණ්ඩයෙන් තරඟ වදින අතර පාකිස්ථානය, බංගලාදේශය, ඇෆ්ගනිස්ථානය සහ සිංගප්පූරුව B කාණ්ඩය යටතේ තරග කරනු ලබයි.

ගාල්ල ඇලෝසියස් විද්‍යාලයෙන් ක්‍රීඩකයින් 3න් දෙනෙක් කණ්ඩායමට එකතු කර ඇති අතර, නුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රීඩකයින් දෙදෙනා බැගින් කණ්ඩායමට එකතු කර ඇත.

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු වන රෝයි ඩයස් මහතා කටයුතු කරන අතර කාණ්ඩය කළමනාකරු වශයෙන් S.S.S හා සාන්ත තෝමස් විද්‍යාලිය හිටපු වමත් වේගපන්දු යවන්නෙකු වන මහින්ද හලංගොඩ මහතා කටයුතු කරයි.

19න් පහළ ශ්‍රී ලංකා සංචිතය

  1. කමිඳු මෙන්ඩිස් (රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල) –  නායක
  2. අශේන් බණ්ඩාර (ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල) – උප නායක
  3. රවිඳු සංජන (ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල)
  4. හරීන් බුද්ධිලා (ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල)
  5. ජෙහාන් ඩැනියෙල් (ශාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ)
  6. රේවාන් කෙලි (ශාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ)
  7. හසිත බෝයාගොඩ (ත්‍රිත්ව විද්‍යාලය, නුවර)
  8. තිසරු රශ්මික ඩිල්ෂාන් (ත්‍රිත්ව විද්‍යාලය, නුවර)
  9. ප්‍රවීන් ජයවික්‍රම (ශාන්ත සේබෙස්ටියන් විද්‍යාලය, මොරටුව)
  10. විශ්ව චතුරංග (වේල්ස් කුමර විද්‍යාලය, මොරටුව)
  11. ලසිත් කෲස්පුල්ලේ (මාරිස් ස්ටෙලා විද්‍යාලය, මොරටුව)
  12. වනිත වන්නිනායක (ශාන්ත ඈන්ස් විද්‍යාලය, කුරුණෑගල)
  13. තිලාන් ප්‍රසාන් (ශාන්ත ස්ර්වෙටියස් විද්‍යාලය, මාතර)
  14. ක්‍රිෂාන් සංජුල (ඩි මැසනුඩ් විද්‍යාලය, කදාන)
  15. නිපුන් රන්ෂික (P. De. S. කුලරත්න විද්‍යාලය, අම්බලන්ගොඩ)

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට