රොනාල්ඩෝ වසර 9ක් ක්‍රීඩා කළ සමාජය හැරයයි

1382
Juventus sign Cristiano Ronaldo
@Getty Images/AFP

පෘතුගාල සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යුරෝ මිලියන 112ක මුදලකට (112m euros/£99.2m) ඉතාලියේ Juventus කණ්ඩායම විසින් මිල දී ගෙන තිබේ. ඒ අනුව ලොව එදා මෙදා තුර වැඩිම වටිනාකමක් ලැබූ ක්‍රීඩකයින් සිව් දෙනා අතරට එක්වන්නට රොනාල්ඩෝ සමත් විය.

තිස් තුන් හැවරිදි රොනාල්ඩෝ, රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ වසර නවයක් ක්‍රීඩා කරමින් යුරෝපා ශූරයින්ගේ ලීග් (Champions League) තරගාවලි හතරක් මැඩ්රිඩ් කණ්ඩායමට ගෙන ඒමට ඉමහත් දායකත්වයක් දක්වන ලදි.  

“මගේ ජීවිතය අලුත් තැනකට ගෙන යන්නට කාලය පැමිණ තිබෙනවා, ඒ නිසයි මම ක්‍රීඩා සමාජයෙන් ඉල්ලා සිටියේ මාව හුවමාරු කිරීමේ යෝජනාව අනුමත කරන ලෙසට” ඔහු සඳහන් කර සිටියේය.

ප්‍රංශය ‘රතු යක්ෂයින්’ ලෝක කුසලානයෙන් එලවා දමයි

2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු අවසාන පුර්ව තරගය අද (10දා)…

ලොව ඉහළම මුදලක් හුවමාරු වූ ගනුදෙනුව වූයේ බ්‍රසීල සුපිරි ක්‍රීඩක නේමාර් ස්පාඤ්ඤයේ බාර්සිලෝනා කණ්ඩායමේ සිට ප්‍රංශයේ Paris St-Germain කණ්ඩායමට හුවමාරු වූ යුරෝ මිලියන 200ක (£200m) ගනුදෙනුවයි. අනතුරුව ප්‍රංශ යොවුන් ක්‍රීඩක Kylian Mbappe හට ද යුරෝ මිලියන 166ක ගනුදෙනුවක් PSG කණ්ඩායමෙන්ම වාර්තා විය.       

බාර්සිලෝනා කණ්ඩායම ලිවර්පූල් කණ්ඩායමට යුරෝ මිලියන 142ක් (£142m) ගෙවමින් බ්‍රසීල ක්‍රීඩක කුටිනියෝ (Philippe Coutinho) මිලදී ගත්තේ පසුගිය ජනවාරියෙයි. ඒ අනුව ඉතාලි ලීග් ශූරයින් වන Juventus කණ්ඩායම සිය මිල වැඩිම ගනුදෙනුව වූ නැපෝලි කණ්ඩායමෙන් Gonzalo Higuain මිල දී ගැනීමට ගෙවූ යුරෝ මිලියන 75.3ක (£75.3m) මුදල ඉක්මවා රොනල්ඩෝ මිලදී ගැනීමට මුදල් වැය කරනු ඇත.        

Juventus වර්ණ වලින් රොනාල්ඩෝ ගේ පළමු තරගය ලෙස අගෝස්තු 4 දා ඇමරිකාවේ දී පැවැත්වෙන අන්තර්ජාතික ශූරයින්ගේ කුසලානයේ (International Champions Cup) තරගයක දී ඔහුගේ පැරණි ක්‍රීඩා සමාජය වන රියාල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජය මුණගැසීමට නියමිතව තිබීම විශේෂත්වයක්.

‘රියාල් මැඩ්රිඩ් මගේ හදවත දිනාගත්තා’ – රොනල්ඩෝ ගෙන් ලිපියක්

“රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ ගත කළ මේ වසර කිහිපය හා මැඩ්රිඩ් නගරයේ ගත කළ මේ වසර කිහිපය මගේ ජීවිතයේ සතුටුම කාලයක්.

“රියාල් මැඩ්රිඩ් ප්‍රේක්ෂකයින්ට, නිලධාරීන්ට හා සියලු දෙනාටම මා වෙත දැක්වූ ආදරය හා උනන්දුව වෙනුවෙන් මා ස්තුති කරනවා

කෙසේ වුනත් මම සිතනවා මගේ ජීවිතයේ අලුත් මගක් ගැනීමට මේ කාලය කියලා, ඒ නිසයි මම ක්‍රීඩා සමාජයෙන් ඉල්ලා සිටියේ මාව හුවමාරු කරන ලෙස, මා ඉල්ලා සිටිනවා සියලු දෙනාගෙන් විශේෂයෙන්ම මගේ ප්‍රේක්ෂකයින්ගෙන් මාව තේරුම් ගන්නා ලෙස.

(රොනාල්ඩෝගේ අවම දක්ෂතාවය ලෙස සඳහන් වූයේ 2009-10 තරග වාරයේ ගෝල 33ක්)

“ඉතා විශිෂ්ට ක්‍රීඩකයින් සමඟ මම ක්‍රීඩා කළා, අපිට පුළුවන් වුනා ශූරයින්ගේ ලීග් තරගාවලි තුනක් පිට පිට හා වසර පහක් තුල සිව් වතාවක් ශූරයින්ගේ ලීග් තරගාවලිය ජය ගන්නට, පෞද්ගලිකව මට සතුටු විය හැකියි මම සිව් වතාවක් රන් පන්දුව (Gold Ball) හා තුන් වතාවක් රන් සපත්තුව (Gold Boot) දිනා තිබෙනවා.”

ශූරයින් වේලාසන ගෙදර යද්දී නොසිතූ කණ්ඩායම් අතර දෝලනය වන ලෝක කුසලානය

කණ්ඩායම් 32ක, දින 26ක රුසියානු පාපන්දු සවාරියේ අවසානයට එළඹ තිබේ. කණ්ඩායම්…

රියාල් මැඩ්රිඩ් කණ්ඩායම මගේ හදවත ජය ගත්තා, මම මගේ පවුලට, ක්‍රීඩා සමාජයට, සභාපති තුමාට, අධ්‍යක්ෂක මණ්ඩලයට, මගේ හිතවත් ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට, වෛද්‍යවරුන්ට, භෞත චිකිත්සකවරුන් ඇතුළු මට උපකාර වූ සෑම මිනිත්තුවක දී ම වෙහෙස නොබලා කටයුතු කළ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.  

සියලු දෙනාටම ස්තුතියි, මම වසර නවයකට පෙර පළමු වතාවට සඳහන් කරා වගේම මා නැවතත් කියනවා ‘Go Madrid’.”

“රොනාල්ඩෝ රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ විශිෂ්ටතම සලකුණක් වේවි.”

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ සිට යුරෝ මිලියන 80කට 2009 වසරේ ජූලි මාසයේ රොනාල්ඩෝ රියාල් මැඩ්රිඩ් කණ්ඩායමට එක්විය. වාර්තා ගත ගෝල 451ක් රැස් කරගත් ඔහු 2008, 2013, 2014, 2016 හා 2017 වසරවල දී ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයාට පිදෙන Ballon D’Or සම්මානය දිනා ගැනීමට සමත් විය.  

2014 හා 2017 අවසන් මහා තරගවල දී ගෝල රැස් කරමින් රොනාල්ඩෝ පසුගිය වසර පහ තුල සිව් වතාවක්ම රියාල් මැඩ්රිඩ් කණ්ඩායම ශූරයින්ගේ ලීග් තරගාවලියේ ශූරයින් බවට පත් කරන්නට සිය දායකත්වය ලබා දුන්නේය.

“ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ විශිෂ්ටතම සලකුණක් වේවි” – රියාල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

“රියාල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජය මේ විශිෂ්ට ක්‍රීඩකයාට අපගේ ගෞරව දක්වනවා, ඔහු ලෝකයේ විශිෂ්ටම ක්‍රීඩකයා වුනා වගේම අපගේ ක්‍රීඩා සමාජ ඉතිහාසයේ ඉතා ස්වර්ණමය කාල සීමාවක් සනිටුහන් කරන්නට දායක වුනා.”

“රියාල් මැඩ්රිඩ් හැමදාමත් ඔබගේ ගෙදර වේවි”

රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ මීළඟ අරමුණ

යුරෝපා තලයේ සිය ආධිපත්‍ය පතුරවන්නට ඔවුන් සමත්වුනත් ස්පාඤ්ඤ ලා ලීගා තරගාවලිය ඔවුන් අවසන් කළේ බාර්සිලෝනා කණ්ඩායමට ලකුණු 17ක් පසු පසින් සිටිමින්.

රියාල් මැඩ්රිඩ් කණ්ඩායම Julen Lopetegui සිය නව පුහුණුකරු ලෙස පත් කළ අතර ඔවුන්ගේ ප්‍රධාන අරමුණ Paris St-Germain කණ්ඩායමේ සුපිරි බ්‍රසීල ක්‍රීඩක නේමාර් සිය කණ්ඩායමට මිල දී ගැනීම බව වාර්තා වේ.

කෙසේ වෙතත් එම ගනුදෙනුව සිදු වුන හොත් එය ඉතා ආකර්ශණීය ගනුදෙනුවක් වනු ඇත්තේ ප්‍රංශයට යාමට පෙර රියාල් මැඩ්රිඩ් කණ්ඩායමට එරෙහිව නේමාර් වසර හතරක් බාර්සිලෝනා කණ්ඩායමේ ක්‍රීඩා කළ නිසාවෙනි.

ප්‍රංශය ලෝක කුසලානයේ අවසන් මහා තරගය දක්වා රැගෙන යාමට දායක වූ ප්‍රංශයේ යොවුන් ප්‍රහාරකයා Mbappeට ද රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.  

Eden Hazard හා Harry Kane ද ඔවුන්ගේ ඉලක්කයන් විය හැකි බව ජාත්‍යන්තර මාධ්‍යයේ වාර්තා වී තිබුණි.

රියාල් මැඩ්රිඩ් කණ්ඩායම හා රොනාල්ඩෝ

  • තරග 438ක දී ගෝල 451ක්
  • 2013-14 තරග වාරයේ ශූරයින්ගේ ලීග් තරගාවලියේ වාර්තාගත ගෝල 17ක්
  • ශූරයින්ගේ ලීග් තරගාවලියේ ගෝල 105ක්
  • ලා ලීගා ස්පාඤ්ඤ දේශීය තරගාවලියේ ගෝල 311ක්
  • ලා ලීගා ශූරතා දෙකක්, ශූරයින්ගේ ලීග් තරගාවලි හතරක්, ක්‍රීඩා සමාජ ලෝක කුසලාන තුනක්, යුරෝපා සුපිරි කුසලාන තුනක් ඇතුළු ශූරතා 16ක්
  • ගෝල ත්‍රිත්ව 44ක්, ලා ලීගා තරගාවලියේ වාර්තා ගත ගෝල ත්‍රිත්ව 33ක් ද ඇතුළුව
  • ගෝල හතරක් හෝ ඊට වැඩියෙන් වාර්තා කළ අවස්ථා 8ක්
  • 2014-15 තරග වාරයේ ලා ලීගා ගෝල 48ක් ඇතුළුව ගෝල 61ක්
  • 659 – ක්‍රීඩා දිවියේ මුළු ගෝල 659ක්; ස්පොර්ටින්ග් ලිස්බන් – 5, මැන්චෙස්ටර් යුනයිටඩ් – 118; රියාල් මැඩ්රිඩ් – 451; පෘතුගාලය – 85      

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<