ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය නැවතත් කල්යයි

171

අප්‍රේල් මස 2 වැනිදා සිට 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ “56 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය” නොවැළැක්විය හැකි හේතුවක් මත නැවතත් අප්‍රේල් මස 23 සිට 25 දක්වා කල් දැමීමට එහි තරග සංවිධායකයින් තීරණය කර ඇත.

මෙම තරගාවලිය මීට පෙර මාර්තු මස 27 සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුනත් සුගතදාස ක්‍රීඩාංගණයේ වැඩකටයුුතු තවමත් අවසන් නොවී තිබීම නිසාවෙන් තරගය අප්‍රේල් මස 2 වැනිදා සිට 5 වැනිදා දක්වා කල් දැමීමට සංවිධායකයින් තීරණය කළ බව ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින්, ජාතික මලල ක්‍රීඩා සංගමයේ (AASL) සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පවසා සිටියේය.

ගණනය කරන්නේ පරිසාධන මට්ටම් ඉක්මවා ගිය දක්ෂතා පමණයි – මේජර් පාලිත

ශ්‍රී ලංකාවේ දක්ෂ පාසල් මලල ක්‍රීඩා අංකුර සොයා යන ගමනේ තවත් එක් වැදගත් තරගාවලියක්…

ඊයේ දිනයේ පැවති මාධ්‍ය හමුවේ දී සුගතදාස ක්‍රීඩාංගණයේ පාලන අධිකාරිය හා ධාවන පථය එලීමේ කටයුතු සිදු කරන ආයතනය විසින් ජාතික මලල ක්‍රීඩා සංගමය වෙත සුගතදාස ධාවන පථය සූදානම් කර දෙන බවට පොරොන්දු වී ඇති බව පැවසුවත් අද (23) දිනයේ ඔවුන් තරග සංවිධායකයින් හට දැනුම් දී ඇත්තේ පවතින කාලගුණික තත්වය මත ඔවුන්ට ධාවන පථයේ රේඛා ඇඳීම අවසන් කිරීමට තවත් යම් කාලයක් අවශ්‍ය බවයි.

ජාතික මලල ක්‍රීඩා සංගමයට මෙම තරගාවලිය අප්‍රේල් මස අවසන් සතිය දක්වා කල් තැබීමට සිදුව ඇත්තේ සිංහල හා දමිල අවුරුදු සතිය තුළ මෙවන් ජාතික මට්ටමේ තරගාවලියක් පැවැත්වීම උචිත නොවන නිසාවෙනි.

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය කල්යයි

මාර්තු මස 27 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ “56 වැනි ජාතික…

ක්‍රීඩකයින්ට සිය දක්ෂතාවල උපරිමයට පිවිසීමට හැකි වන ලෙස තරගාවලිය දියගමට රැගෙන නොයා සුගතදාස ක්‍රීඩාංගණයේම පැවැත්වීමට අප දැඩි තීරණයක සිටින්නේ මෙම තරගාවලිය හරහා, මැයි මස 4 සහ 5 දිනවල දී සුගතදාස ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත “දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය” සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසු දක්ෂයින් තෝරා ගැනීමට නියමිත නිසාවෙනි.” යැයි ThePapare.com හා සම්බන්ධ වූ ජාතික මලල ක්‍රීඩා සංගමයේ සභාපති වන මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පැවසිය.

18 වන වරටත් පැවැත්වෙන ආසියානු තරගාවලිය මෙවර ඉන්දුනීසියාවේ දී පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් කටයුතු ලබන මස 26 හා 27 දෙදින සුගතදාස පිටියේ පැවැත්වෙන නිසා ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය අප්‍රේල් මාසය නිමාවීමට පෙර පැවැත්විය යුතුව ඇත.

සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථය එලීම ආරම්භ වේ

සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කෘතීම ධාවන පථ ඇතිරීම අද (5) ඇරඹුණු අතර ක්‍රීඩා..

තවද ජූලි මස 4 වැනිදා සිට ජූලි මස 8 වැනිදා දක්වා ජපානයේ ෆුජී හිදී පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට ද සුදුස්සන් තේරීමේ තරගාවලියක් ලෙස මෙම ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සලකන බැවින් මෙම තරගාවලියට සහභාගි වන යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මෙම තරගාවලිය ඉතාමත් සුවිශේෂී වනු නොඅනුමානය.

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<