කල්දමන ලද බොක්සිං තරගාවලි දෙකක් කඩිමුඩියේ ඇරඹෙයි

286

පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ජාතික යොවුන් බොක්සිං තරගාවලියක් වන “ජෙනරාල් ජගත් ජයසූරිය අභියෝගතා කුසලානය” සඳහා වන තරගාවලිය සහ “ෆෙල්ප්ස් අනුස්මරණ පලිහ” සඳහා වන ජාතික කනිෂ්ඨ බොක්සිං තරගාවලිය හෙට (08) දින සිට 11 වැනිදා දක්වා ඉංගිරිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

පුහුණුකරුවන් තිදෙනෙකු දෙවන තරු මට්ටමට

ශ්‍රී ලංකාවේ පුහුණුවීම් කටයුතු සිදුකරන ජාත්‍යන්තර පළමු තරු මට්ටමේ සිටි…..

ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලි ද්විත්වය, ජාත්‍යන්තර බොක්සිං සංගමය විසින් 2017 වසරේ නිකුත් කරනු ලැබූ නව නීති සම්ප්‍රදාය යටතේ පැවැත්වීමට ශ්‍රී ලංකා බොක්සිං සංගමය තීරණය කර ඇත. මෙම තරගාවලි ද්විත්වය පසුගිය වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ නමුත් දෙසැම්බර් මාසයේ “අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය” පැවැත්වෙන බැවින් එය කල්දමන ලෙස ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය විසින් ඉල්ලීමක් කර තිබුණි.

“ජෙනරාල් ජගත් ජයසූරිය අභියෝගතා කුසලානය” සඳහා වන ජාතික යොවුන් බොක්සිං තරගාවලියට වයස අවුරුදු 17-18 අතර එනම් 2000 සහ 2001 වසරේ උපත ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගී විය හැක. බාලක අංශයේ තරග කි.ග්‍රෑ. 49, කි.ග්‍රෑ. 51, කි.ග්‍රෑ. 56, කි.ග්‍රෑ. 60, කි.ග්‍රෑ. 64, කි.ග්‍රෑ. 69, කි.ග්‍රෑ. 75, කි.ග්‍රෑ. 81, කි.ග්‍රෑ. 91 සහ කි.ග්‍රෑ. 91ට වැඩි යන බර පන්ති යටතේ පැවැත්වේ. බාලිකා අංශයේ තරග කි.ග්‍රෑ. 48, කි.ග්‍රෑ. 52, කි.ග්‍රෑ. 54, කි.ග්‍රෑ. 57, කි.ග්‍රෑ. 60, කි.ග්‍රෑ. 64, කි.ග්‍රෑ. 69, කි.ග්‍රෑ. 75, කි.ග්‍රෑ. 81, කි.ග්‍රෑ. 81ට වැඩි යන බර පන්ති යටතේ පැවැත්වේ.

මේ වන විට පවත්වා ඇති පාසල් මට්ටමේ ඕනෑම බොක්සිං තරගාවලියක පදක්කම් ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් “ෆෙල්ප්ස් අනුස්මරණ පලිහ” සඳහා වන ජාතික කනිෂ්ඨ බොක්සිං තරගාවලියට සහභාගී විය හැක. එනම් පාසල් බොක්සිං ශූරතාවය, යොවුන් බොක්සිං ශූරතාවය, ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතාවය, එල්. වී. ජයවීර තරගාවලිය, ටී. බී. ජයා තරගාවලිය සහ ස්ටබ්ස් පලිහ යන තරගාවලිවලින් ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම ජාතික කනිෂ්ඨ බොක්සිං තරගාවලියට සහභාගී විය හැක.

නුවරඑළියේ බොක්සිං ක්‍රීඩාව නඟාසිටුවීමේ උත්සාහයක්

නුවර එළිය අධ්‍යාපන කලාපයේ පාසල්වල බොක්සිං ක්‍රීඩාව නඟාසිටුවීම සඳහා…

මෙවර ජාතික කනිෂ්ඨ බොක්සිං තරගාවලියේ බාලක අංශයේ තරග කි.ග්‍රෑ. 49, කි.ග්‍රෑ. 51, කි.ග්‍රෑ. 56, කි.ග්‍රෑ. 60, කි.ග්‍රෑ. 64, කි.ග්‍රෑ. 69, කි.ග්‍රෑ. 75, කි.ග්‍රෑ. 81, කි.ග්‍රෑ. 91 සහ කි.ග්‍රෑ. 91ට වැඩි යන බර පන්ති යටතේ පැවැත්වේ. මෙහි දී කි.ග්‍රෑ. 49, කි.ග්‍රෑ. 51, කි.ග්‍රෑ. 56, කි.ග්‍රෑ. 60 සහ කි.ග්‍රෑ. 64 යන බර පන්තිවල නවක ක්‍රීඩකයින්ට ක්‍රීඩා කළ නොහැකි අතර ඔවුන්ට ක්‍රීඩා කළ හැක්කේ කි.ග්‍රෑ. 69, කි.ග්‍රෑ. 75, කි.ග්‍රෑ. 81, කි.ග්‍රෑ. 91 සහ කි.ග්‍රෑ. 91ට වැඩි යන බර පන්ති යටතේ පවත්වනු ලබන තරගවල ය. තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වය වැඩි කිරීම සඳහා මෙවර ජාතික කනිෂ්ඨ බොක්සිං තරගාවලියේ බාලිකා අංශයේ තරග බර පන්ති අනුව නොපැවැත්වේ. එනම් සියලුම ක්‍රීඩිකාවන් එකම බර පන්තියක ක්‍රීඩා කරනු ඇත.

මෙම ජාතික කනිෂ්ඨ බොක්සිං තරගාවලිය සඳහා වයස අවුරුදු 19න් පහළ එනම් 1999 වසරේ සහ ඊට පසු උපත ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙහි තරග කළ හැක.

2017 වසරේ දී පැවති ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ බාලිකා අංශයේ සමස්ත ශූරතාවය නාරන්දෙණිය ජාතික පාසල විසින් හිමිකර ගත් අතර දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය කෙන්ගල්ල මහා විද්‍යාලයේ ඩබ්. අයි. සෙව්වන්දි විසින් හිමිකර ගැනීමට සමත් විය. බාලක අංශයේ සමස්ත ශූරතාවය හොරණ විද්‍යාරතන විද්‍යාපීඨය විසින් හිමිකර ගැනීමට සමත් වූ අතර දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය මහනුවර ධර්මරාජ විද්‍යාලයේ එච්. එන්. ජිනදාස විසින් හිමිකර ගැනීමට සමත් විය.

ශ්‍රී ලාංකිකයෙකු ජාත්‍යන්තර බොක්සිං තනතුරකට

ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ වර්තමාන උපසභාපති ධූරයේ කටයුතු කරන ඕබ්‍රි…..

අවසන් වරට 2017 වසරේ පැවති ජාතික කනිෂ්ඨ බොක්සිං තරගාවලියේ බාලිකා අංශයේ සමස්ත ශූරතාවය කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලය විසින් හිමිකර ගත් අතර දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය එම විද්‍යාලයේම ඒ. ඒ. රණසිංහ විසින් හිමිකර ගැනීමට සමත් විය. බාලක අංශයේ සමස්ත ශූරතාවය මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය විසින් හිමිකර ගැනීමට සමත් වූ අතර දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය මහනුවර ධර්මරාජ විද්‍යාලයේ එච්. එන්. ජිනදාස විසින් හිමිකර ගැනීමට සමත් විය.

මෙවර තරගාවලි ද්විත්වය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ වර්තමාන උප සභාපති සහ ආසියානු බොක්සිං විනිසුරුවරුන්ගේ කොමිසමේ ලේකම් ලෙස කටයුතු කරන ලුතිනන් කර්නල් හේමන්ත වීරසිංහ මහතා සහභාගී වනු ඇත. ඔහු ආසියානු ශූරතාවය සහ 2වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කළ දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙකු වන අතර හිටපු ජාතික බොක්සිං ශූරයෙකු ද වේ. 1980 සහ 1985 අතර කාලය තුළ ස්ටබ්ස් පලිහ බොක්සිං තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ද ලුතිනන් කර්නල් හේමන්ත වීරසිංහ මහතා සම්මාන ලබා ඇත.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<