නව වාර්තා 5ක් සමඟින් තෙවැනි දිනය නිමා වෙයි

1098
Junior National championship

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මඟින් සංවිධානය කරනු ලබන ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ තෙවැනි දිනය ඊයේ (25) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී සාර්ථකව නිමාවට පත් විය. ඊයේ දිනයේ ද නව නව මලල ක්‍රීඩා වාර්තා කිහිපයක්ම බිහි වූ අතර තරගාවලිය ආරම්භයේ සිට මේ දක්වා වැඩිම වාර්තා ගණනක් බිහිවූ දිනය ලෙසින් ද ඊයේ දිනය හඳුන්වා දිය හැකිය. එම වාර්තා ගණන ගණන් 5ක්. ඊට අමතරව මීට පෙර තිබූ වාර්තා සම කිරීම් දෙකක් ද දක්නට ලැබීම සුවිශේෂී සිදුවීමකි.

නව වාර්තා කිහිපයක් සමඟින් දෙවැනි දිනය නිමා වේ

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබන “2017 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ” දෙවැනි දිනය සාර්ථකව අවසන් වූයේ…

අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 4000  

තරගාවලියේ ආරම්භක දිනයේම අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 2000 බාධක දිවීම ඉසව්වෙන් නව මලල ක්‍රීඩා වාර්තාවක් පිහිටුවමින් වාර්තා පොත් අතරට එක්වූ කුලියාපිටිය ම. ම. විද්‍යාලයේ අස්මිකා හේරත් ක්‍රීඩිකාව ඊයේ දිනයේද අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 4000 ඉසව්වෙන් නව මලල ක්‍රීඩා වාර්තාවක් පිහිටුවන ලදී. පළමු දිනයේ පිහිටවූ වාර්තාවත් සමඟින් ඇය එළඹෙන ජුලි මස කෙන්යාවේ දී පැවැත්වීමට නියමිත 18න් පහළ ලෝක යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමට ද සමත් විය.

පළමු ස්ථානය එච්.එම්.බී. අශ්මිකා හේරත් කුලියාපිටිය ම.ම.වි. 10:18.8
දෙවන ස්ථානය එච්.එම්.සී.එස්. හේරත් ඒ.රත්නායක ම.ම.වි. වලල 10:29.3
තෙවන ස්ථානය කේ.එම්.ජේ.එම්. කනගරත්න ඒ.රත්නායක ම.ම.වි. වලල 10:33.6

අවුරුදු 18න් පහළ බාලක මීටර් 110

මෙම තරග ඉසව්වෙන් නව මලල ක්‍රීඩා වාර්තාවක් පිහිටුවීමට සාන්ත ජෝසප් විද්‍යාලයේ ෂෙහාන් කාරියවසම් සමත් විය.

පළමු ස්ථානය ෂෙහාන් කාරියවසම් සාන්ත ජෝශප් විද්‍යාලය කොළඹ 14.41
දෙවන ස්ථානය ජනිදු ඉඳුවර ලක්විජය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය කැලණිය 14.71
තෙවන ස්ථානය එච්.පී.ඒ.ඩි. රත්නායක සාන්ත බෙනඩික් විද්‍යාලය 14.74

අවුරුදු 16න් පහළ බාලක මීටර් 800

අම්පිටිය බේරෙවට්‍ර්ස් විද්‍යාලය නියෝජනය කළ නුවන් ධනංජය බුලුගහපිටිය මෙම ඉසව්වෙන් නව මලල ක්‍රීඩා වාර්තාවක් පිහිටවූ අතර එය දිනය තුල වාර්තා වූ තෙවැනි වාර්තාව විය.

පළමු ස්ථානය නුවන් ධනංජය බුලුගහපිටිය බේරෙවට්‍ර්ස් විද්‍යාලය අම්පිටිය 1:59.82
දෙවන ස්ථානය කේ.එච්.එම්.ඩි. සචින්ත විජිත ම.ම.වි. 2:04.27
තෙවන ස්ථානය ජේ.පී. කුමාර් පාන්ඩියම්කුලම් ම.වි. 2:08.21

අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 200  

දිනය තුල වාර්තා වූ මීළග වාර්තාව ලෙසින් වාර්තා පොත් අතරට එක්වූයේ රාජගිරිය ගේට්වේ විද්‍යාලයේ සදීපා හෙන්ඩර්සන් අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 200 ඉසව්වේ නව මලල ක්‍රීඩා වාර්තාවක් පිහිටුවීමයි.

පළමු ස්ථානය සදීපා හෙන්ඩර්සන් ගේට්වේ විද්‍යාලය රාජගිරිය 25.88
දෙවන ස්ථානය ඩි.ඩි.වයි. දහනායක යශෝධරා විද්‍යාලය කොළඹ 26.46
තෙවන ස්ථානය ඩි.එම්. ගෝමස් සාන්ත තෝමස් විද්‍යාලය කෝට්ටේ 26.86

අවුරුදු 23න් පහළ බාලිකා මීටර් 200  

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක පී.ජී.එන්. මදුසංක නව වාර්තාවක් පිහිටුවීමට ඊයේ දක්නට ලැබුණු තවත් සුවීශේෂී සිදුවීමක් විය.

පළමු ස්ථානය පී.ජී.එන්. මදුසංක ශ්‍රී ලංකා ගුවන් හමුදාව 24.78
දෙවන ස්ථානය එම්.ඕ. උදයංගනී වැලිමඩ ම.ම.වි 25.41
තෙවන ස්ථානය ආර්.එස්.පී. මෙන්ඩිස් අනුරාධපුර ඩි.ඒ.ඒ. 26.82

අවුරුදු 23න් පහළ බාලක මීටර් 200

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක එච්.එස්.එස්. කුමාර විසින් මෙම ඉසව්වේ පැවති පැරණි වාර්තාව සම කිරීම ද ඊයේ දක්නට ලැබුණු වැදගත් සිදුවීමකි.

පළමු ස්ථානය එච්.එස්.එස්. කුමාර ශ්‍රී ලංකා යුද හමුදාව 21.77
දෙවන ස්ථානය ආර්.වී.ටී.එෆ්. උදයාර් ශ්‍රී ලංකා යුද හමුදාව 21.91
තෙවන ස්ථානය එස්.ඒ.ඩි.කේ.කේ. සමරසිංහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව 22.30

අවුරුදු 18න් පහළ බාලක රිටි පැනීම

චාවකච්චේරිය හින්දු විද්‍යාලය නියෝජනය කරමින් තරග කළ ඒ. පුවිතරන් මෙම ඉසව්වේ පැවති වාර්තාව ඊයේ දිනයේ සම කිරමට සමත් වීම ද ඊයේ දක්නට ලැබුණු තවත් වැදගත් සිදුවීමකි.

පළමු ස්ථානය ඒ. පුවිතරන් චාවකච්චේරි හින්දු විද්‍යාලය 4.20
දෙවන ස්ථානය එස්. කපිල්ශාන් මහින්ද විද්‍යාලය තෙලිප්පලයි 4.10
තෙවන ස්ථානය කේ. කේතුශාන් මහින්ද විද්‍යාලය තෙලිප්පලයි 4.00

අවුරුදු 18න් පහළ බාලක මීටර් 10000 ඇවිදීම

පළමු ස්ථානය ඩබ්.පී.එස්. උදයංග මාකඳුර ම.ම.වි. 1:03:01.7
දෙවන ස්ථානය එම්.ජී.පී.එම්. අබේවික්‍රම මිහිඳු විද්‍යාලය රත්නපුර 1:03:23.2
තෙවන ස්ථානය එම්.කේ. දුලාජ් බුත්පිටිය ම.වී. 1:04:26.6

අවුරුදු 18න් පහළ බාලක තුන් පිම්ම

පළමු ස්ථානය ප්‍රමෝද් මදුබාශ් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය මිගමුව 14.88
දෙවන ස්ථානය අසංක හේෂාන් ජයවර්ධන ශ්‍රී මිහිඳු ම.වි. රදාවඩුන්න 14.03
තෙවන ස්ථානය සඳුන් ක්‍රිශාන්ත කුමාර ලයිසියම් ජාත්‍යන්තර පාසැල වත්තල 13.98

අවුරුදු 18න් පහළ බාලිකා කවපෙත්ත විසි කිරීම

පළමු ස්ථානය චානුක අතතපත්තු විශාකා විද්‍යාලය කොළඹ 31.17
දෙවන ස්ථානය ඩබ්.පී.එස්. මල්ෂා දෙබරවැව ජාතික පාසැල 30.89
තෙවන ස්ථානය එස්.ශාන්කවී හින්දු විද්‍යාලය චාවකච්චේරි 29.25

අවුරුදු 16න් පහළ බාලක යගුලිය විසි කිරීම

පළමු ස්ථානය ඩබ්.ඒ.එස්.එස්. විජේසිංහ ශ්‍රී බෙනඩික් විද්‍යාලය 12.83
දෙවන ස්ථානය .වී.එස්. නිමන්ත රත්නාලෝක ම.වී. 12.74
තෙවන ස්ථානය ශංකර් බොනිශාන් ඕ.කේ.අයි. ජාත්‍යන්තර පාසැල 12.36

අවුරුදු 23න් පහළ බාලිකා උස පැනීම  

පළමු ස්ථානය එස්.එම්.එම්. මධුශානි ලංකා ගුවන් හමුදාව 1.61

අවුරුදු 23න් පහළ බාලක හෙල්ල විසි කිරීම

පළමු ස්ථානය ආර්.එන්. කුමාර ශ්‍රී ලංකා යුද හමුදාව 62.46
දෙවන ස්ථානය ඩි.පී.සී. පත්මකුමාර ශ්‍රී ලංකා යුද හමුදාව 62.18
තෙවන ස්ථානය ඩබ්.පී.ආර්.එම්. ප්‍රනාන්දු සාන්ත ජෝශප් වාස් විද්‍යාලය වෙන්නප්පුව 60.44

අවුරුදු 18න් පහළ බාලක මීටර් 3000

පළමු ස්ථානය එච්.ජී.එච්. සංකල්ප මාකඳුර ම.ම.වි. 9:15.4
දෙවන ස්ථානය එස්.ජී.වී.එස්.එස්. ඩෙන්සිල් ඒ.රත්නායක ම.ම.වි. වලල 9:24.5
තෙවන ස්ථානය පී.ජී.එම්.අයි.පී. කුමාර ඒ.රත්නායක ම.ම.වි. වලල 9:37.7

අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 100

පළමු ස්ථානය එම්.ඒ.බී. නිල්මිණි නාරම්මල ම.වි. 16.02
දෙවන ස්ථානය ටී.ඒ.එන්. නිමේත්මා අනුලා විද්‍යාලය කොළඹ 16.32
තෙවන ස්ථානය සෙනුරි අනුත්තරා ධර්මපාල විද්‍යාලය 16.36

අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 100

පළමු ස්ථානය කේ.එච්.ඩි. කෞශල්‍යා සාන්ත ඇන්ඩෘ බාලිකා ම.වි. නාවලපිටිය 15.78
දෙවන ස්ථානය කේ.බී.එස්. ගෝමස් මයුරපාද ම.ම.වි. නාරම්මල 16.63
තෙවන ස්ථානය සී.අයි.එම්. තිලකරත්න ගජනෑගම ම.වී. රිදීබැඳීඇල්ල 17.09

අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 100

පළමු ස්ථානය එන්.ජී.ඒ.ආර්. ගුණතිලක සුමන බාලිකා විද්‍යාලය රත්නපුර 15.90
දෙවන ස්ථානය ඩබ්.දී.ආර්. කෞශල්‍යා කුලියාපිටිය ම.ම.වි. 16.89
තෙවන ස්ථානය මහේෂි ගුණසේන ලයිසියම් ජාත්‍යන්තර පාසැල වත්තල 17.58

අවුරුදු 23න් පහළ බාලිකා මීටර් 100

පළමු ස්ථානය ජේ.ජී.කේ. ගයාත්‍රි රාජපක්ෂ ම.ම.වී. වීරකැටිය 15.61
දෙවන ස්ථානය එච්.ඩබ්.කේ. හපුආරච්චි ශ්‍රී ලංකා යුද හමුදාව 15.99
තෙවන ස්ථානය ජී.ඩබ්.එල්.ජී. හේරත් මහනුවර ඩි.ඒ.ඒ. 18.74

අවුරුදු 16න් පහළ බාලක මීටර් 100

පළමු ස්ථානය ඒ.ජී.ඒ. ශ්‍රීමාල් බ්රෙවරෙට්ස් විද්‍යාලය අම්පිටිය 13.63
දෙවන ස්ථානය එන්.එස්. අමන්ත විජිත ම.ම.වි. 14.13
තෙවන ස්ථානය යොහාන් ශ්‍රී හංසක ධර්මපාල විද්‍යාලය 14.18

අවුරුදු 20න් පහළ බාලක මීටර් 110

පළමු ස්ථානය ආර්.ආර්.ධම්මික කුලරත්න ම.ම.වි. 14.78
දෙවන ස්ථානය ආර්.එන්. කුමාරගේ ත්‍රිත්ව විද්‍යාලය මහනුවර 14.88
තෙවන ස්ථානය ටී.එම්.සී.එස්.ශ්‍රීකාන්ත මහනුවර ඩි.ඒ.ඒ. 15.28

අවුරුදු 23න් පහළ බාලක මීටර් 110

පළමු ස්ථානය ඒ.විගි.ඒ. රවිශංක ශ්‍රී ලංකා ගුවන් හමුදාව 15.27
දෙවන ස්ථානය ඒ.අයි. නිලවීර මාතර ඩි.ඒ.ඒ. 15.29
තෙවන ස්ථානය චානක විජේබණ්ඩාර ඒස්.මලලක්‍රීඩා සංගමය 15.47

අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 800

පළමු ස්ථානය ශානිකා ලක්ෂානි ශුද්ධ වූ කුරුස විද්‍යාලය ගම්පහ 2:17.73
දෙවන ස්ථානය ඩබ්.ඒ.කේ.ඩබ්.බී. එදිරිසුරිය ඒ.රත්නායක ම.ම.වි. වලල 2:22.00
තෙවන ස්ථානය එච්.ජී.එම්. නිම්සර හම්බන්තොට ඩි.ඒ.ඒ. 2:22.79

අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 800

පළමු ස්ථානය ආර්.ඩි.ජී.එන්. ජයසිංහ ඒ.රත්නායක විද්‍යාලය වලල 2:20.82
දෙවන ස්ථානය ඒ.එම්.පී.එන්. රත්නායක ඒ.රත්නායක විද්‍යාලය වලල 2:23.16
තෙවන ස්ථානය ජී.ඩි.පී.කේ.ද සිල්වා ඒ.රත්නායක විද්‍යාලය වලල 2:23.40

අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 800

පළමු ස්ථානය කේ.ජී.ඩි.එම්.එස්. කුමාරසිංහ ඒ.රත්නායක විද්‍යාලය වලල 2:14.50
දෙවන ස්ථානය එස්.එම්.යු.අයි.ජී.එම්.එස්.වීරසේකර ඒ.රත්නායක විද්‍යාලය වලල 2:21.36
තෙවන ස්ථානය බී.එම්.සී.කේ. බස්නායක ඒ.රත්නායක විද්‍යාලය වලල 2:25.91

අවුරුදු 23න් පහළ බාලිකා මීටර් 800

පළමු ස්ථානය ඒ.එච්.එම්.පී. අබේසිංහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2:20.55
දෙවන ස්ථානය එස්.එස්.අයි. ප්‍රනාන්දු අනුරාධපුර ඩි.ඒ.ඒ. 2:25.70
තෙවන ස්ථානය ඩබ්.ආර්.ඒ.ආර්.ඩි.සෙව්වන්දි අනුරාධපුර ඩි.ඒ.ඒ. 2:36.22

අවුරුදු 18න් පහළ බාලක මීටර් 800

පළමු ස්ථානය ඩි.එම්.එච්.එස්. කරුණාරත්න ඒ.රත්නායක විද්‍යාලය වලල 1:55.34
දෙවන ස්ථානය කේ.පී.ටී.ආර්. ඉන්ද්‍රජිත් සාන්ත බෙනඩික්ස් විද්‍යාලය කොළඹ 1:57.75
තෙවන ස්ථානය ඩබ්.ජී.අයි.එල්. ජයතිස්ස සාන්ත සිල්වෙස්තර් විද්‍යාලය මහනුවර 2:03.01

අවුරුදු 23න් පහළ බාලක මීටර් 800

පළමු ස්ථානය ජී.ආර්.චතුරංග ශ්‍රී ලංකා යුද හමුදාව 1:52.80
දෙවන ස්ථානය එම්.එම්.කේ. කුෂාන්ත ශ්‍රී ලංකා යුද හමුදාව 1:52.83
තෙවන ස්ථානය ඩි.එම්.ඩි.ජේ. ක්‍රිෂාන් ශ්‍රී ලංකා යුද හමුදාව 1:55.87

අවුරුදු 20න් පහළ බාලක කවපෙත්ත විසිකිරීම

පළමු ස්ථානය එන්.පී.එල්. කේෂාන් රත්නාලෝක ම.වි. 41.52
දෙවන ස්ථානය එස්.පිරගස්රාජ් හාර්ට්ලී විද්‍යාලය පේදුරු තුඩුව 37.74
තෙවන ස්ථානය වී.ජත්රත්රන් හාර්ට්ලී විද්‍යාලය පේදුරු තුඩුව 36.50

අවුරුදු 16න් පහළ බාලක තුන් පිම්ම

පළමු ස්ථානය එස්.ආර්.දුල්මින් සාන්ත මරිය විද්‍යාලය හලාවත 12.99
දෙවන ස්ථානය අයෙස්මන්ත රණවක මාරි ස්ටෙලා විද්‍යාලය මිගමුව 12.69
තෙවන ස්ථානය ගයන් දර්ශන සාන්ත ජෝශප් විද්‍යාලය කොළඹ 12.63

අවුරුදු 20න් පහළ බාලක මීටර් 400

පළමු ස්ථානය යු.බී.ඩි.එම්.එස්. රාජපක්ෂ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය මහනුවර 53.27
දෙවන ස්ථානය පී.එම්.පී.එල්. කොඩිකාර මලියදේව බාලිකා විද්‍යාලය කුරුණෑගල 53.97
තෙවන ස්ථානය එස්.එන්.ටී. නිම්සරා වේල්ස් කුමාර විද්‍යාලය මොරටුව 55.46

අවුරුදු 23න් පහළ බාලක මීටර් 400

පළමු ස්ථානය ඒ.එල්.ටී. අත්තනසෙන ශ්‍රී ලංකා යුද හමුදාව 53.54
දෙවන ස්ථානය ඕ.කේ.එල්.ඒ. ශ්‍රී ලංකා යුද හමුදාව 54.26
තෙවන ස්ථානය කුමාරඅයි.බී.ඒ. චතුරංග චන්ද්‍රිකාවැව ජයන්ති ම.වි. 57.92

අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 200

පළමු ස්ථානය සචිනි දිව්‍යාන්ජලී ලයිසියම් ජාත්‍යන්තර පාසැල වත්තල 25.49
දෙවන ස්ථානය ටී.එම්.එම්.පී. වීරසුරිය සාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය කෑගල්ල 25.51
තෙවන ස්ථානය නතාලි මල්පාන ගේට්වේ විද්‍යාලය රාජගිරිය 25.84

අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 200

පළමු ස්ථානය ඩි.එම්.වයි. දුලංජලි අඹගමුව ම.ම.වි. 25.09
දෙවන ස්ථානය ශර්මිලා ජාන් ගේට්වේ විද්‍යාලය 25.17
තෙවන ස්ථානය ඩි.ටී.ඒ. ද සිල්වා ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය මහනුවර 25.45

අවුරුදු 16න් පහළ බාලක මීටර් 200

පළමු ස්ථානය එස්.එම්. පෙරේරා සාන්ත මේරි විද්‍යාලය හලාවත 22.68
දෙවන ස්ථානය ඒ.අලහකෝන් ගේට්වේ විද්‍යාලය රාජගිරිය 23.20
තෙවන ස්ථානය කේ.ඩි.ටී.ඩි. කුලසිංහ සාන්ත තෝමස් විද්‍යාලය ගල්කිස්ස 23.40

අවුරුදු 18න් පහළ බාලක මීටර් 200

පළමු ස්ථානය ඒ.එස්. සන්තුෂ් සාන්ත බෙනඩික් විද්‍යාලය 22.08
දෙවන ස්ථානය පී.එන්.ටී. ඖචිත්‍ය සාන්ත බෙනඩික් විද්‍යාලය 22.27
තෙවන ස්ථානය ටී.එම්.එස්. දිනුෂ මොරකැටිය ම.වි. 22.35

අවුරුදු 18න් පහළ බාලක මීටර් 200

පළමු ස්ථානය එස්.ඒ. දර්ශන වීර කැප්පෙටිපොල ජාතික පාසැල 21.96
දෙවන ස්ථානය ඒ.එස්.එම්. සෆාන් අම්බුක්කාගම මුස්ලිම් ම.වි. මොන්නකුලම 22.00
තෙවන ස්ථානය පී.ජී.ජී.සී. රණවීර සාන්ත සිල්වෙස්තර් විද්‍යාලය මහනුවර 22.31

අවුරුදු 18න් පහළ බාලිකා තුන්පිම්ම

පළමු ස්ථානය කේ.වී.වී.එස්. සන්දීපනී ඇඹිලිපිටිය ජාතික පාසල 11.52
දෙවන ස්ථානය ජී.ආර්.එස්.පී. කරුණානායක රජගිරි ම.වි. අරනායක 11.43
තෙවන ස්ථානය එම්.කේ.පී. ලක්ෂානි ශුද්ධ වූ කුරුස විද්‍යාලය ගම්පහ 11.33

අවුරුදු 20න් පහළ බාලිකා හෙල්ල විසි කිරීම

පළමු ස්ථානය එච්.එන්. ඩින් අගමැති බාලිකා ම.වී. පානදුර 36.14
දෙවන ස්ථානය එන්.උදයවනි ත්‍රිකුණාමලය ඩි.ඒ.ඒ. 35.66
තෙවන ස්ථානය එස්.එස්. මදුශානි සුමන බාලිකා විද්‍යාලය රත්නපුර 33.27

අවුරුදු 23න් පහළ බාලක උස පැනීම

පළමු ස්ථානය පී.එම්.ඩි.සී. පතිරාජ කනදුල්ල ධර්මරාජ ම.වී. කුලියාපිටිය 2.06
දෙවන ස්ථානය ඩි.ඒ.පී.එච්.එන්. පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදාව 1.90
තෙවන ස්ථානය එච්.ටී.පී. දුෂ්මන්ත ශ්‍රී ලංකා යුද හමුදාව 1.85

අවුරුදු 23න් පහළ බාලිකා යගුලිය දැමීම

පළමු ස්ථානය එෆ්.එස්.රිෂාඩ් 11.55
දෙවන ස්ථානය ඒ.ජී.වී.වී. ලක්මාලි ශ්‍රී ලංකා ගුවන් හමුදාව 10.22
තෙවන ස්ථානය ජී.පී.එස්. පෙරේරා ශ්‍රී ලංකා නාවික හමුදාව 9.17

අවුරුදු 16න් පහළ බාලිකා කවපෙත්ත දැමීම

පළමු ස්ථානය එස්.ගුණසේකර බාලිකා විද්‍යාලය කොළඹ 7 31.14
දෙවන ස්ථානය පී. පෙරේරා ලයිසියම් ජාත්‍යන්තර පාසැල වත්තල 29.37
තෙවන ස්ථානය ආර්. ඩේවිඩ් බාලිකා විද්‍යාලය කොළඹ 7 26.87

අවුරුදු 20න් පහළ බාලක තුන් පිම්ම

පළමු ස්ථානය බී.ජී.එම්.එච්.ජයසිංහ සාන්ත බෙනඩික් විද්‍යාලය 14.64
දෙවන ස්ථානය එස්.ඩොමේනියාස් ලයිසියම් ජාත්‍යන්තර පාසැල වත්තල 14.49
තෙවන ස්ථානය කාලිංග ජයබණ්ඩාර ලොයොලා විද්‍යාලය කොච්චිකඩේ 14.11

අවුරුදු 20න් පහළ බාලක මීටර් 10000

පළමු ස්ථානය ජේ.එම්.ඊ. මදුසංක අම්බගස්දුව ජනාධිපති විද්‍යාලය වැලිමඩ 33:21.3
දෙවන ස්ථානය ජී.ඩි.සී.ඩි. අල්විස් ශ්‍රී රාහුල විද්‍යාලය කටුගස්තොට 33:24.6
තෙවන ස්ථානය එස්. කින්තුශාන් වව්නියාව ඩි.ඒ.ඒ. 34:43.3

අවුරුදු 23න් පහළ බාලක මීටර් 10000

පළමු ස්ථානය කේ.කේ.ඩි.එන්. තීක්ෂණ උව විද්‍යාලය බදුල්ල 33:32.8
දෙවන ස්ථානය ජී.කේ.ඩි. මදුසංක ශ්‍රී ලංකා යුද හමුදාව 33:43.4
තෙවන ස්ථානය එම්.එම්.ඩි.පී. ජයසුන්දර විද්‍යාර්ථ විද්‍යාලය මහනුවර 36:27.2

අද තරගාවලියේ අවසන් දිනයයි.

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට