පළමු දිනම කනිෂ්ඨයෝ වාර්තා අටක් කඩයි

81
Junior National Athletic Championship

2019 කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව අද (02) සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර දිනය නිමා වන විට යොවුන් තරගකරුවන් වාර්තා 8ක් අලුත් කිරීමට සමත් විය.  

හිමාෂ, අරුණ, සෆාන් එක පොකුරට දුවද්දී තුන් පිම්ම ශූරයා දුර පැනීමේ ශූරයා පරද්දයි.

ශ්‍රී ලංකා වාර්තාවක්, යුද හමුදා වාර්තාවක් ඇතුළුව නව තරග වාර්තා….

වයස අවුරුදු 20න් පහළ මීටර් 10000 ඇවිදීමේ ඉසව්ව නියෝජනය කළ මාකදුර මධ්‍ය මහා විද්‍යාලයේ ශෂිකලා දිල්ෂානි නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර ඇය වාර්තා කළ කාලය වන්නේ 57:12.22ක්. 

ඇයට පසුපසින් ආ මාකදුර මධ්‍ය මහා විද්‍යාලයේම දිලිනි සදරේකා දෙවන ස්ථානය දිනා ගත් අතර ඇයට ශෂිකලාට අභියෝගයක් වන්නට නොහැකි විය (1:02:53.13).

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ රුමේෂ් තරංග වයස අවුරුදු 18න් පහළ පිරිමි කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඔහු වාර්තා කළ දුර ප්‍රමාණය මීටර් 49.92ක්. උතුරු පළාතේ පේදුරු තුඩුව හර්ටලි විද්‍යාලය නියෝජනය කළ එස්. මිතුරාජ් දෙවන ස්ථානය දිනා ගැනීමට  සමත් වූ අතර ඔහු වාර්තා කළ දුර වන්නේ 44.92ක්. 

යගුලිය විසිකිරීමේ වයස අවුරුදු 18න් පහළ කාන්තා ඉසව්වේ මීටර් 13.19ක දුරක් වාර්තා කළ බිෂොප් විද්‍යාලයේ ඔවිනි චන්ද්‍රසේකර නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර ඇයට දෙවැනි වූ කොළඹ කාන්තා විද්‍යාලයේ සරිෂා ගුණසේකරගේ යගුලිය පතිත වූයේ ප්‍රථමයාට වඩා මීටර් 00.08ක දුරක් පසුපසිනි. 

​ඉන්දියානු ක්‍රීඩකයින්ගෙන් හාස්‍යජනක අත්වැරැද්දක්

ඉන්දීය සුපිරි මීටර 400X4 කණ්ඩායම පසුගිය සිකුරාදා පැවැත්වුණු පිරිමි සහය…

අවුරුදු 7ක් පැරණි  වයස අවුරුදු 18න් පහළ දුර පැනීමේ වාර්තාව බිඳ හෙළීමට සාන්ත පීතර විද්‍යාලයේ හිරුෂ හෂෙන් සමත් වූ අතර ඔහු වාර්තා කළ දුර ප්‍රමාණය මීටර් 7.28ක්. මීට පෙර පැවති වාර්තාව වන්නේ මීටර් 7.24කි. දෙවන ස්ථානය දිනා ගැනීමට මීටර් 7.15ක දුරක් වාර්තා කළ සාන්ත ජෝසප් විද්‍යාලයේ පසිඳු මල්ෂාන්ට හැකි විය. 

අවුරුදු 16න් පහළ පොඩ්ඩන් දෙන්නෙක් මීටර 800 වාර්තාව අභිබවා යෑමට සමත් වූ අතර එකම ඉසව්වෙන් නව තරග වාර්තා දෙකක් බිහි විය. ප්‍රථම ස්ථානය මහනුවර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ කවිඳු රශ්මික හිමිකර ගත්තේ මිනිත්තු 1:59.41ක කාලයක් වාර්තා කරමින්. 

දෙවැනි ස්ථානය සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ රවිඳු චරිත් විසින් හිමිකර ගන්නා ලදි. ඔහු වාර්තා කළ කාලය මිනිත්තු 1:59.41ක්. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීමට අම්පිටිය බෙවරෙස්ට් විද්‍යාලයේ දනංජය බුලුගහපිටිය සමත් වූ අතර ඔහු වාර්තා කළ කාලය 1.59.82ක්. 

යුද හමුදා සහය දිවීමෙන් නව ශ්‍රී ලංකා වාර්තා දෙකක්

05 වැනි යුද හමුදා සහය දිවීමේ සැණකෙළිය සුගතදාස ක්‍රීඩාංගණයේ දී….

නැවතත් වසර 7ක වාර්තාවක් බිඳ හෙළීමට අවුරුදු 18න් පහළ කාන්තා කවපෙත්ත ඉසව්ව නියෝජනය කළ  අයි. හසන්ති සමත් වූ අතර ඇය දැක්වූ දක්ෂතාවය මීටර් 48.49ක්. මීට පෙර තබා තිබූ වාර්තාව වන්නේ මීටර් 39.12කි, ඒ 2012 වසරේ අවන්ති සිල්වා ක්‍රීඩිකාව විසිනි. 

තරගාවලියේ දෙවන දිනය හෙට (02) සුගතදාස ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සියලු පුවත්, ඡායාරූප, වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<