ජෝන් ටාබට් බස්නාහිර/ දකුණු පළමු අදියර නිමා වෙයි

338
athletics

2019 සර් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ පළමු අදියරේ බස්නාහිර හා දකුණු පළාත් තරග පසුගිය දා නිමාවට පත්විය. අගෝස්තු මස 10, 11 හා 13 යන දින තුන පුරාවට මෙම තරගාවලිය මාතර දී පැවැත්විය. 

තරගාවලිය වයස් කාණ්ඩ 4ක් යටතේ පැවති අතර බාලක හා බාලිකා වශයෙන් තරග ඉසව් රැසක් මෙම තරගාවලියට අන්තර්ගත විය. තරගාවලියේ එක් එක් තරග ඉසව්වල දී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කුසලතා සහතික හිමි වූ අතර තරග ඉසව්වල දී නියමිත දක්ෂතා මට්ටම්වලට ළඟා වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලියේ මීළඟ වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. සමස්ත තරගාවලියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1300කට අධික ප්‍රමාණයක් කුසලතා සහතික දිනා ගත් අතර 300කට වැඩි ප්‍රමාණයක් දෙවන වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. 

ජෝන් ටාබට් තෙවැනි අදියරේ දෙවන වටයට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්

සර් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ බස්නාහිර හා දකුණු ….

සෑම වයස් කාණ්ඩයකම මීටර් 80, මීටර් 100, මීටර් 200 හා මීටර් 400 තරග ඉසව් වැඩි දෙනාගේ අවධානය දිනා ගත් අතර එහි ප්‍රබල  තරගකාරීත්වයක් ද දක්නට ලැබුණි. පිටිය තරග ලෙස පැවති යගුලිය, කවපෙත්ත හා හෙල්ල විසි කිරීමේ තරග ඉසව්වන් වලට ද දැඩි තරගකාරී බවක් ඇතිවී තිබුණි. 

බාලක තරගාවලියේ එක් එක් අංශවල දස්කම් දැක්වූ ක්‍රීඩකයන් පහත පරිදි වේ. 

>> Boys Results <<

බාලිකා තරගාවලියේ එක් එක් අංශවල දස්කම් දැක්වූ ක්‍රීඩිකාවන් පහත පරිදි වේ. 

>> Girls Results <<

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<