නව වාර්තා 7කින් පොඩ්ඩෝ තරගාවලිය වර්ණවත් කරති

408

ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලියේ කනිෂ්ඨ තරගාවලිය ඊයේ (19) අනුරාධපුර දී නිමාව දුටු අතර බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල සමස්ත බාලක හා බාලිකා ශූරතා දිනා ගැනීමට සමත් විය.

පළමු වාර්තාව සාන්ත ජෝසප් ක්‍රීඩකයෙකුගෙන්

ශ්‍රී ලංකාවේ පැරණිතම මලල ක්‍රීඩා ශූරතාවලියක් වන ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලියේ කනිෂ්ඨ තරගාවලිය ඊයේ (17) අනුරාධපුරයේ දී ආරම්භ…….

තරගාවලිය අනුරාධපුර ක්‍රීඩා සංකිර්ණයේ දී පසුගිය දෙදින (17,18) පුරා පැවැත්වුණු අතර තරගාවලියේ අවසන් දිනය වූ ඊයේ අවසන් තරග කිහිපයක්ම පැවැත්විය.

ඉතා උණුසුම් මුහුණුවරක් ගත මෙවර තරගාවලියේ දී නව තරගාවලි වාර්තා හතක් බිහිවුණු අතර එක් පෙර තරගාවලි වාර්තා සම කිරීමක් ද වාර්තා විය. ඒ බාලිකා අංශයෙන් නව වාර්තා දෙකක් හා එක් වාර්තා සම කිරීමක් හා බාලක අංශයෙන් නව වාර්තා පිහිටුවීම් පහක් ද වශයෙනි.

තරගාවලියේ පළමු වාර්තාව පිහිටුවීමට සාන්ත ජෝසප් විද්‍යාලයේ නවීන් මාරසිංහ සමත් වූ අතර වයස අවුරුදු 15න් පහළ යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් මීටර 15.71ක දක්ෂතාවයක් දක්වමින් ඔහු මෙම වාර්තාව පිහිටුවීමට සමත් විය.

88 වැනි ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ අභිෂේක

ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තිඹිරිගෙය බඳු “ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය” 88 වැනි වරටත් පවත්වා අවසන්. තරගාවලියේ ජ්‍යේෂ්ඨ…….

වයස අවුරුදු 14න් පහළ යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් මීටර 13.45ක දුරක් වාර්තා කළ බලන්ගොඩ කල්තොට රෝහණ විද්‍යාලයේ ටී. ඩී. ශෂාන් ඉඳුවර ද නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

වයස අවුරුදු 15න් පහළ මීටර 100 ධාවන ඉසව්ව තත්පර 12.3කින් නිමා කරමින් මාවනැල්ල සහිරා විද්‍යාලයේ එම්. එන්. රහීෆ් නව තරගාවලි වාර්තාවක් පිහිටුවද්දී, එම වයස් කාණ්ඩයේම මීටර 80 කඩුලු මතින් දිවීමේ ඉසව්ව තත්පර 11.2කින් නිමා කළ රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ ටී. ඕ. වී. ආරියවංශ තවත් නව තරගාවලි වාර්තාවකට හිමිකම් කීය.   

හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට හලාවත සාන්ත මේරි විද්‍යාලයේ දිනේෂ් දිල්ශාන් සමත් විය. ඒ මීටර 55.05 ක දුරක් වාර්තා කරමිනි.

බාලිකා අංශයෙන් නව තරගාවලි වාර්තා ද්විත්වයක් බිහි වූ අතර වයස අවුරුදු 12න් පහළ දුර පැනීමේ ඉසව්වෙන් පානදුර යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ ශිහාරා සිල්වා (මීටර 4.79) නව තරග වාර්තාවක් බිහි කරද්දී, මීගමුව ආවේ මරියා කන්‍යාරාමයේ සෙව්මිණි නතාලි වයස අවුරුදු 15න් පහළ යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් මීටර 9.87ක දුරක් වාර්තා කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවන ලදි.  

>> තරගාවලියේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

තරගාවලියේ වාර්තා වූ එකම වාර්තා සම කිරීමට හිමිකම් කීවේ රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ දහම්සා කහනගම ය. වයස අවුරුදු 15න් පහළ මීටර 80 කඩුලු මතින් දිවීමේ ඉසව්ව ඇය තත්පර 12.6කින් නිමා කර මෙම දක්ෂතාව දැක්වීමට සමත් විය.

මෙවර තරගාවලියේ දක්ෂතම කනිෂ්ඨ මලල ක්‍රීඩකයා ලෙස ආර්. පී. නිපුන් රනිෂ්ක සම්මාන දිනා ගත් අතර දක්ෂතම කනිෂ්ඨ මලල ක්‍රීඩිකාව ලෙස ගේට්වේ ජාත්‍යන්තර පාසලේ දිනාරා බණ්ඩාර සම්මාන දිනා ගන්නා ලදි.

බාලක ශූරතාව සාන්ත පීතර විදුහලට; බාලිකා ශූරතාව වලල ඒ. රත්නායක විදුහලට

88 වන ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය අද (21) කොළඹ සුගතදාස ධාවන පථයේ දී සාර්ථකව නිමාවට පත්විය. තරගාවලියේ සමස්ත බාලක……

සහය දිවීමේ බාලිකා ශූරතාවය මහා උස්වැව ශ්‍රී රතනපාල මහා විද්‍යාලය දිනා ගද්දී, සහය දිවීමේ බාලක ශූරතාවය සාන්ත පීතර විද්‍යාලය දිනා ගන්නා ලදි.

සමස්ත බාලක කනිෂ්ඨ ශූරතාවය සාන්ත පීතර විද්‍යාලය දිනා ගනිද්දී දෙවන ස්ථානය සාන්ත ජෝසප් විද්‍යාලයත්, තෙවන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයත් දිනා ගන්නා ලදි.

සමස්ත බාලිකා කනිෂ්ඨ ශූරතාවය ගේට්වේ ජාත්‍යන්තර පාසල දිනා ගනිද්දී, අනුශුරතාව බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය දිනා ගන්නා ලදි.

*ThePapare.com වෙත සංවිධායකයින් ලබා දුන් තොරතුරු ඇසුරින් සකස් වූ වාර්තාවකි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<