පළමු දිනය අවසානයේ නව තරගාවලි වාර්තා 3ක්

473

ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් තරග අද (08) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පැරණිතම මලල ක්‍රීඩා තරගාවලියෙන් පැවත එන මෙම තරගාවලිය අඛණ්ඩව 48 වන වසරටත් සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසිනි. දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි පොළොන්නරුව, හංවැල්ල සහ නාවලපිටිය යන ප්‍රදේශ තුළ පවත්වනු ලැබූ මූලික වටයේ තරග වට 3 දී ඉහළ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (08) ආරම්භ වූ සමස්ත ලංකා මට්ටමේ අවසන් වටයේ තරග සඳහා සුදුසුකම් ලැබීය. ඒ අනුව තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් 1500ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12,000ක් පමණ සහභාගී විය.

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට කාර්යබහුල වසරක් ඉදිරියේ

ශ්‍රී ලංකාවේ ජවන හා පිටිය කනිෂ්ඨ මෙන්ම ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් එළඹෙන 2018 වසරේ දී කලාපීය හා ජාත්‍යන්තර ඉසව් කිහිපයකටම…

ඒ අනුව තරගාවලියේ පළමු දිනය වූ අද දිනයේ දී කනිෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතා උද්වේගයෙන් තරග කරන ආකාරය දැක ගත හැකි වූ අතර අද පවත්වනු ලැබූ අවසන් තරග සංඛ්‍යාව 10කට අධික ය. එමෙන්ම අද දිනයේ පවත්වනු ලැබූ තරග ඉසව් තුළින් නව තරගාවලි වාර්තා 3ක් බිහිවූ අතර එම වාර්තා තුනටම හිමිකම් කීවේ බාලිකා තරගකාරිනියන් තිදෙනෙකි.

දිනයේ පළමු තරගාවලි වාර්තාව බිහිවූයේ වයස අවුරුදු 15න් පහළ බාලිකා කවපෙත්ත විසිකිරීමේ ඉසව්ව තුළිනි. එහි දී කඳාන සෙබස්තියන් බාලිකා මහා විද්‍යාලය නියෝජනය කරමින් තරග අංක 423 යටතේ තරග කළ හේෂානි මහේෂිකා මීටර 35.46ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර ඇය දැක්වූ එම දක්ෂතාවය නව තරගාවලි වාර්තාවක් ලෙස ද සටහන් විය. එම ඉසව්වේ දෙවන ස්ථානය මීටර 26.91ක දක්‍ෂතාවයක් දැක්වූ රත්නපුර සුමන බාලිකා එච්. ඒ. වී. එල්. හපුආරච්චි විසින් දිනාගනු ලැබූ අතර තෙවන ස්ථානය දිනාගනු ලැබුවේ මීටර 23.75ක දක්ෂතාවයක් දැක්වූ ගල්ගමුව මහා විද්‍යාලයේ එස්. ඒ. වයි. පී. අබේකෝන් විසිනි.

දිනයේ දෙවන තරගාවලි වාර්තාව බිහිකිරීමට සමත් වූයේ වයස අවුරුදු 13න් පහළ බාලිකා දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගත් නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ තරග අංක 179 යටතේ තරග කළ රුවන්සා වීරක්කොඩි ක්‍රීඩිකාව යි. එහි දී නව තරගාවලි වාර්තාව බිහිකිරීම සඳහා ඇය දැක්වූ දක්ෂතාවය මීටර 4.88ක් ලෙස සටහන් විය. එහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් මීටර 4.75ක දක්ෂතාවයක් දැක්වූ දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ තරුෂි හංසිකා සහ මීටර 4.72ක දක්ෂතාවයක් දැක්වූ කොළඹ යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ සෙලිස්ටා ඥානසේකර් විසින් දිනා ගන්නා ලදි.

අනතුරව දිනයේ අවසන් තරගාවලි වාර්තාව බිහිකිරීමට සමත් වූයේ රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ එස්. ඩී. කහංගම විසිනි. තරග අංක 609 යටතේ තරග කළ ඇය වයස අවුරුදු 14න් පහළ මීටර 80 කඩුලු මතින් දිවීමේ ඉසව්ව තත්පර 12.9කින් අවසන් කරමින් එහි පළමු ස්ථානය දිනා ගනිමින් එම වාර්තාව පිහිටුවනු ලැබීය. මීට පෙර එම ඉසව්ව සඳහා තිබූ තත්පර 13.6ක තරගාවලි වාර්තාව 1996 වසරේ දී පිහිටුවනු ලැබූ වාර්තාවක් වන අතර නැවතත් 2004 වසරේ දී සම කිරීමට පමණක් ක්‍රීඩිකාවක් සමත් වී ඇත.

තරගාවලිය දෙවන දිනටත් හෙට දිනයේ දී (09) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත අතර එළඹෙන 10 වන දින තරගාවලියේ අවසන් දිනය යි.

පළමු දිනය – අවසන් තරග ප්‍රතිඵලය

E:No. 101 Long Jump Under 12 Boys Final 4.20 M
Place BIB Athlete Name School Performance Remarks
1 212 Anuk Kathriarachchi Lyceum  Int. ScH – Panadura 5.03
2 238 Chanuka  Vithana Marisstella  Col – Negombo 4.88
3 59 Ovindu  Nethsara D.S. Senanayake  Col – Col  07 4.83
4 434 K.S. Hettiarachchi St. John’s  Col – Nugegoda 4.79
5 859 K.H.E.Gamage Trinity  College – Kandy 4.77
6 1218 W Nethum Mayantha Sindathriya Sidukumari KV 4.75
E:No. 103 Shot Put Under 15 Boys Final 10.20  M
Place BIB Athlete Name School Performance Remarks
1 514 Chanupa Cooray St. Peter’s Col  -Colombo 04 13.74
2 778 J.V.S. Nimantha  Eduranga Rathnaloka M.V. – Rakwana 13.73
3 964 Suseenthirakumar Mithunraj Hartley Col – Point pedro 13.41
4 556 Achintha  Weerakoon St. Sebastian’s Col – Moratuwa 12.64
5 365 Thevindu  Bogodage Royal  Col – Colombo  07 12.33
6 1113 B.Kavisha Dilshan St.Joshep Vaz College – Wennappuwa 11.87
E:No. 102 High Jump Under 12 Girls Final 1.15 M
S No BIB Athlete Name School Performance Remarks
1 484 M.L.N.B. Madagedara Yasodara  Devi  Balika  Vid – Gampaha 1.35
2 451 K.H. Mandara  Basuri Vijitha  Central College – Dickwella 1.30
3 893 D.K.T. Jayarathna President Girls College – Kurunegal 1.30
4 78 Maneesha  Maduwanthi Darmapala Vidyalaya – Pannipitiya 1.25
5 1037 BMHA Pathiraja Nissanka NS – Kurunegala 1.25
6 280 Thisari  D. Harischandra Musaeus  College – Colombo  11 1.20
E:No. 104 Discuss Throw Under 15 Girls Final 19.20 M
Place BIB Athlete Name School Performance Remarks
1 423 W.K. Heshani  Maheshika St. Sebastian’s  B.M.V. – Kandana 35.46 *NMR
2 619 H.A.V.L. Hapuararchchi Sumana Balika  Vidyalaya – Rathnapura 26.91
3 837 S.A.Y.P.Abeykoon Galgamuwa M.V. 23.75
4 415 S.D. S. Dinushi  Fonseka St. Peters College – Negombo 21.82
5 232 I. Dewmini  Gamage Lyceum  International  School – Gampaha 21.35
6 859 E.A.D. Ayomi Ushika Jeninngs Int. School – Nainamadama 20.86
E:No. 118 High Jump Under 13 Boys Final 1.35 M
Place BIB Athlete Name School Performance Remarks
1 298 A.P. Krishandan O.K.I. International School – Wattala 1.56
2 1138 J.M. Pasindu Sandeepana Sussex Col – Wennappuwa 1.45
3 174 Nushan Hiruk Loyola Col –  Daluwakotuwa 1.40
3 169 H. Kavindu  Madusanka Lenagala  Junior  Secondary  School – Dedigamuwa 1.40
5 1000 I.M.S.T. Heshan Maliyadeva Col- Kurunegala 1.40
6 213 Sandes  Fonseka Lyceum Int. Sch – Panadura 1.40
E:No. 123 Jevelin Throw Under 14 Girls Final 16.0 M
Place BIB Athlete Name School Performance Remarks
1 244 Senadi  Raddalgoda Lyceum  International  School – Wattala 22.60
2 909 M.M. Thewmini Dilara Royal College – Polonnaruwa 22.25
3 631 R.A.G.M.P. Gunarathna Swarnamali Girls  College – Kandy 21.25
4 948 W.Dimalsha Dewdini St. Rita;s College – Thaldeka 20.73
5 364 H.B. Oshinee  Minupama Sri   Rahula  Balika M.V. – Malabe 19.57
6 149 Suwishma  Perera Holy  Family  Convent – Colombo  04 17.27
E:No. 119 Long Jump Under 13 Girls Final 3.90 M
Place BIB Athlete Name School Performance Remarks
1 179 P.A.D. Ruwansa  Weerakkodi Janadipathi  Balika  Vid – Nawala 4.88 * NMR
2 454 K.G. Tharushi  Hansika Vijitha  Central College – Dickwella 4.75
3 119 Selista  Gnanasekar Good  Shephered  Girls M.V. – Colombo  13 4.72
4 858 Dhanani R. Kodithuwakku Jenings Int. School – Nainamadama 4.71
5 455 D. Chathuri  Rasanjalee Vijitha  Central College – Dickwella 4.66
6 459 Isuri  Amanda Visakha  Vidyalaya  – Colombo 05 4.56
E:No. 122 Discuss Throw Under 14 Boys Final 23.72 M
Place BIB Athlete Name School Performance Remarks
1 458 Naveen  Marasingha St. Joshep’s Col – Colombo 10 38.46
2 428 Mihindu N Mahendran St Benedict’s Col-col 13 37.70
3 197 Jerril  Phillips Lyceum  International  School – Wattala 35.37
4 962 Ragurajah Sanjai Hartley Col- Point Pedro 35.32
5 98 Shenan  Fernando De  Mazanod  College – Kandana 30.89
6 508 Dinodh  Janz St. Peters  Col – Colombo  04 29.48
E:No. 130 Long Jump Under 14 Boys Final 4.80  M
Place BIB Athlete Name School Performance Remarks
1 1170 H.A.Okanda Chathina Wekada M.V. – Yogiyana 5.77
2 437 R.H. Tennakoon St. John’s  Col – Nugegoda 5.70
3 490 Rashmin Fernando St. Jude’s  College – Negombo 5.59
4 51 M. Imalka  Akash C.W.W. Kannangara C.C. – Hunumulla 5.48
5 918 H.M.S.Yasiru Herath Anuradhapura C.C. 5.45
6 64 Manura  Gathsara Peiris D.S. Senanayake  Col – Col  07 5.45
E:No. 131 High Jump Under 14 Girls Final 1.27 M
Place BIB Athlete Name School Performance Remarks
1 264 I.A. Irasha  Minoli Mary  Immaculate  Convent – Tudella 1.48
2 1042 Ranindi Pehansa Dharmapala College – Kottawa 1.45
3 170 I.P.E. Piyumali  Chandrathilaka Homagama  M.V. 1.41
4 25 A.R. Jayathilaka Ave  Maria  Convent  – Negombo 1.41
5 972 R.M.R.S. Gunawardhana Wayamba Royal College – Kurunegala 1.41
6 66 Senuri  Carron Convent Of Our  Lady  Victories – Moratuwa 1.41

 

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<