ක්‍රීඩකයින් 17ක් සහ ක්‍රීඩිකාවන් 10ක් කනිෂ්ඨ මලල ක්‍රීඩා සංචිතයට

349

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය (AASL) මඟින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 27 දෙනෙක්, ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා සංචිතයට එක්කර ඇති අතර ඒ අනුව එළඹෙන වසරේ දී පැවැත්වෙන කනිෂ්ඨ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලි සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කරවීමේ දී ඔවුන් තෝරා ගැනීම මෙම සංචිතය තුළින් සිදු වනු ඇත.

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට කාර්යබහුල වසරක් ඉදිරියේ

ශ්‍රී ලංකාවේ ජවන හා පිටිය කනිෂ්ඨ මෙන්ම ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් එළඹෙන 2018 වසරේ දී..

එළඹෙන වසරේ දී කනිෂ්ඨ ජාත්‍යන්තර තරගාවලි රැසක්ම පැවැත්වීමට නියමිතව ඇති බැවින් එය කනිෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම ඔවුන්ගේ පුහුණුකරුවන්ට ද අතිශය කාර්යබහුල වසරක් වනු ඇත. මේ වන විට අකර්මණ්‍ය වී ඇති සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථය එළඹෙන පෙබරවාරි මාසය ආරම්භ වන විට ‘A’ තත්වයේ ධාවන පථයක් ලෙස ප්‍රතිසංස්කරණය කර අවසන් කිරීමට නියමිත අතර ඉන් අනතුරුව එළඹෙන මැයි මාසයේ දී එහි කනිෂ්ඨ දකුණු ආසියානු තරගාවලිය (SAF) පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සැලසුම් කර ඇත. මෙම තරගාවලිය, එළඹෙන ජුනි මාසයේ දී ජපානයේ ජිෆූ නුවර දී පැවැත්වීමට නියමිතව ඇති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට පෙර ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සිය දක්‍ෂතා උරගා බැලීමට අතිශය වැදගත් තරගාවලියක් වනු ඇති බව නොඅනුමාන ය.  

කෙසේ නමුත් එළඹෙන වසර සඳහා සියලුම කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රධාන බලාපොරොත්තුව වනුයේ එම වසරේ ඔක්තෝබර් 6 සිට 18 වන දින දක්වා ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර දී පැවැත්වීමට සැලසුම් කර ඇති 3 වන ගිම්හාන කනිෂ්ඨ ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමයි.

යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය මෙවරත් ‘Dialog’ අනුග්‍රහය යටතේ

20 වන යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය නොවැම්බර් 22 සිට 24 වන දා දක්වා දියගම..

ඒ අනුව නම්කර ඇති මෙම ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා සංචිතය ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සහ ක්‍රීඩිකාවන් 10 දෙනෙකුගෙන් සමන්විත වන අතර මෙම තෝරා ගැනීම පිළිබඳව අවසන් තීරණය ගෙන ඇත්තේ පසුගිය ඔක්තෝබර් මස 25 වන දින ය. උස පැනීමේ ක්‍රීඩක තරිඳු දසුන්, රිටි පැනීමේ ක්‍රීඩක නප්තාලි ජෝයිසන් සහ දුර පැනීමේ ක්‍රීඩිකා එන්. අබේරත්න පිටිය ඉසව් නියෝජනය කරමින් මෙම සංචිතයේ සිය ස්ථානය වෙන්කරගෙන ඇති අතර සංචිතය සඳහා ඇතුළත්ව ඇති අනෙක් සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජවන ඉසව් නියෝජනය කරනු ලබයි.

ThePapare.com සමඟ අදහස් දක්වමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පවසා සිටියේ, මීටර 400 සහය දිවීම ඉසව් සඳහා තෝරාගෙන තිබෙන පිරිමි මෙන්ම කාන්තා කණ්ඩායමේ ද සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් තනි තනිව දක්වා ඇති දක්‍ෂතා පිළිබඳව සලකා බැලූ විට ඔවුන් ඉදිරි තරගාවලිවල දී ජයග්‍රහණ ගෙන ඒමට සමත් වනු ඇති බවට ඔහු විශ්වාස කරන බව හා මෙම සංචිතය සඳහා තෝරාගෙන ඇති සියලුම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වන බවයි.

කනිෂ්ඨ මලල ක්‍රීඩා සංචිතය (2017 ඔක්තෝම්බර් 25 වන දිනට අනුව)   

ඉසව්ව පිරිමි කාන්තා
4X100m ආසිරි විජේසේකර අමාෂා ද සිල්වා
  ටී. එම්. සුරාජ් දිනූෂ තාරකා දිව්‍යාංගනී
  බී. ඩී. චානුක සංදීප ඉවන්ති එමේෂිකා
  සී. ඒ. යෝදසිංහ ශෙලින්දා ජැන්සන්
  යොහාන් දනුෂ්ක සිල්වා ටී. එම්. එම්. පී. වීරසූරිය
     
100m අමාෂා ද සිල්වා
     
200m අරුණ ධර්ෂණ අමාෂා ද සිල්වා
  ශාලිත සන්තුෂ්  
     
400m අරුණ ධර්ෂණ කේ. ජී. එම්. ඩී. එස්. කුමාරසිංහ
  පී. එම්. පී. එල්. කොඩිකාර  
     
800m පසිඳු මිහිරංග කේ. ජී. එම්. ඩී. එස්. කුමාරසිංහ
  ඩී. එච්. එම්. එස්. කරුණාරත්න  
  ඉසුරු ලක්ෂාන්  
  පූර්ණ සඳමිත්  
     
100m Hurdles ශේශාන් කාරියවසම්
     
4 X 400m පී. එම්. පී. එල්. කොඩිකාර තාරකා දිව්‍යාංගනී
  පසිඳු මිහිරංග යූ. කේ. එස්. සී. පී. බණ්ඩාර
  පබසර නිකූ කාවින්ද්‍යා තත්සරණි
    රෝමේෂි ඉෂාරා
     
400m Hurdles කාවින්ද්‍යා තත්සරණි
     
High Jump තරිඳු දසුන්
     
Pole Vault නප්තාලි ජෝයිසන්
     
Long Jump කේ. කේ. ආර්. එන්. අබේරත්න
     

    >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<