සොලිඩ් ක්‍රීඩා සමාජයේ තවත් ක්‍රීඩකයෙක් රිනවුන් කණ්ඩායමට

359

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික පාපන්දු කණ්ඩායම මෙන්ම සොලිඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ජූඩ් සුමන් 2017 වර්ෂයේ දී ඩයලොග් ශූරයින්ගේ පාපන්දු කුසලානයේ අනුශූරතාවය දිනාගත් රිනවුන් ක්‍රීඩා සමාජය සමඟ සම්බන්ධ වීමට තීරණය කර ඇත.

තවත් පාපන්දු නායකයෙක් කණ්ඩායම මාරු කරයි!

දැවැන්ත පාපන්දු ලීග් තරගාවලියක් වන ඩයලොග් ශූරයින්ගේ පාපන්දු තරගාවලිය ආරම්භයට..

එම ගිවිසුමේ ඇති සත්‍යතාවය පිළිබඳව විමසීමේ දී රිනවුන් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු වන මොහොමඩ් එමානුවෙල් මහතා එම ගිවිසුම සාර්ථක වූ බව ThePapare.com වෙත ප්‍රකාශ කර සිටියේය.  

“හැකි සෑමවිටම අපි තරුණ ක්‍රීඩකයින් සමඟ සිටිනවා, ජූඩ් සුමන් අපේ කණ්ඩායමේ තවත් නවක ආයෝජනයක්. අපේ අරමුණ තමා ක්‍රීඩකයින්ගේ දස්කම් හඳුනා ගෙන ඔවුන්ව අනාගතයේ දී ජාතික මට්ටමට ගෙන ඒම. ඔහු සමඟ හොඳ සම්බන්ධතාවක් ගොඩනංවා ගෙන ඉදිරියටම යාමට අපි බලාපොරොත්තු වෙනවා.” යැයි රිනවුන් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු එමානුවෙල් මහතා ThePapare.com වෙත ප්‍රකාශ කර සිටියේය.

දැවැන්ත පාපන්දු ලීග් තරගාවලියක් වන ඩයලොග් ශූරයින්ගේ පාපන්දු තරගාවලිය ආරම්භයට ප්‍රථම ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම කණ්ඩායම් මාරු කරන පුවත් පසුගිය දින කිහිපයේ දී ම අසන්නට ලැබුණි.

පසුගිය දා රිනවුන් ක්‍රීඩා සමාජයේ නායකත්වය හෙඹවූ මොහොමඩ් රිෆ්නාස් ද සිය කණ්ඩායම මාරු කරමින්, අඛණ්ඩව වසර තුනක් ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කළ කොළඹ ක්‍රීඩා සමාජය සමඟින් ගිවිසුම්ගත විය.

“පසුගිය දා රිෆ්නාස් අපේ කණ්ඩායමෙන් ඉවත් වුනා. රිෆ්නාස්ගේ අඩුව පුරවන්න අපිට අමාරුයි. නමුත් අපිත් කණ්ඩායමට නවක දක්ෂයින් අරගෙන අපේ කණ්ඩායමත් සවිමත් කරගෙන ඉදිරියටම යන්න බලාපොරොත්තු වෙනවා.” යැයි එමානුවෙල් අප සමඟ පැවසිය.

ජූඩ් සුමන් යාපනය සාන්ත හෙන්රි විද්‍යාලයෙන් පාපන්දු ක්‍රීඩාවට පිවිසි අතර වයස අවුරුදු 14 පටන් ඔහු ඉතාමත් හොඳින් පාපන්දු ක්‍රීඩාවේ නියැලෙමින් දස්කම් දක්වා ඇත. සාන්ත හෙන්රි විද්‍යාලයේ වයස අවුරුදු 17න් පහළ පාපන්දු කණ්ඩායමේ නායකත්වය දැරූ සුමන්  2014 වසරේ දී හොල්සිම් කුසලාන පාපන්දු කුසලානය සිය විද්‍යාලයට දිනා දීමට සමත් විය.

මීට අමතරව ඔහු පාසල් කාලයේ ක්‍රීඩා කළ තරගයක දී සහිරා විද්‍යාලය ගෝල 3-1ක් ලෙස පරාජයට පත් කිරීමට සාන්ත හෙන්රි විද්‍යාලයට හැකි විය. 2017 වර්ෂයේ දී පැවති වයස අවුරුදු 20න් පහළ ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ දී පාපන්දු ශූරතාවය දිනා ගැනීමට සාන්ත හෙන්රි විද්‍යාලය සමත් විය. එම සිදුවීම සුමන්ගේ ක්‍රීඩා දිවිය තුළ අමතක නොවන මතක සටහනකි.

පෙලිකන්ස් නායකයා කණ්ඩායම මාරු කරයි

පසුගිය වර්ෂයේ පෙලිකන්ස් ක්‍රීඩා සමාජයේ නායකත්වය දැරූ චරිත රත්නායක මේ වසරේ..

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම මෙන්ම 2015 වර්ෂයේ දී සොලිඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඥානරූබන් විනෝද්ගේ සොහොයුරෙකු වන සුමන්  අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන අතර ඔහු මෙතැන් සිට රිනවුන් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇත.

“පළමුව මම ස්තූතිවන්ත වනවා රත්නම් ජස්මින් මහතාට, ඔහු තමා සොලිඩ් කණ්ඩායමේ අපේ හිටපු පුහුණුකරු. ඔහු තමා මගේ පාපන්දු ක්‍රීඩා දිවිය වර්ධනය කිරීමට විශාල සවියක් වුනේ. මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරී පත්වූ නිසා මට කොළඹට එන්න සිදු වුනා. මට දැන් පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් තවත් හොඳ කණ්ඩායමක් ලෙස රිනවුන් කණ්ඩායම ලැබිලා තියෙනවා, එමානුවෙල් මහතා ඉතාමත් හොඳ පුහුණුකරුවෙක් .” ජූඩ් සුමන් ThePapare.com වෙත පැවසීය.

සුමන්ගේ සොහොයුරා වන විනෝද් මේ වන විට යාපනය විශ්වවිද්‍යාලයේ වැඩි දුර අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිටියි. සුමන් අ.පො.ස. උසස් පෙළ විභාගයට විශිෂ්ට සාමාර්ථ දෙකක් හා සම්මාන සමාර්ථ දෙකක් ලබාගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණය පිළිබඳව උපාධියක් හදාරමින් සිටියි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<