සුවිශේෂී සංධිස්ථාන ද්විත්වයක් සමඟින් බට්ලර් වාර්තා පොතට

730

ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු රකින්නෙකු වශයෙන් දවා ගැනීම් 200කට දායක වූ පළමු එංගලන්ත කඩුලු රකින්නා මෙන්ම ලොව 12 වැනි කඩුලු රකින්නා බවට පත්වීම සහ එංගලන්ත එක්දින ක්‍රිකට් ඉතිහාසයේ මේ දක්වා වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ කඩුලු රකින්නා බවට පත්වීම යන වාර්තා ද්විත්වයම තමන් සතුකර ගැනීමට ජොස් බට්ලර් ඊයේ (3) සමත් විය. ඔහු මෙම සංධිස්ථාන දෙකම එකම දිනයේ සපුරා ගැනීම මෙහි තවත් එක් සුවිශේෂීත්වයකි.

ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වූ තරගයේ දී ආදිල් රෂීඩ්ගේ පන්දුවක් හමුවේ ට්‍රෙන්ට් බෝල්ට්ව දවා ගැනීම සඳහා ස්ටම්ප් කිරීමක් සිදු කිරීමත් සමඟම එක්දින දවාලීම් 200ක් සිදු කිරීමට දායක වූ 12 වැනි කඩුලු රකින්නා බවට පත්වීමේ වාර්තාවට උරුමකම් කීමට ඔහු සමත් විය.

බට්ලර්ගේ සමස්ත දවාලීම් 200 අතරට උඩ පන්දු 169ක් සහ ස්ටම්ප් කිරීම් 31ක් ඇතුළත් වී ඇත.

එංගලන්තයත් තම ස්ථානය තහවුරු කර ගනී

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (03) චෙස්ටර් ලී ස්ට්‍රීට් හිදී ….

පුරා වසර 48ක එක්දින ක්‍රිකට් ඉතිහාසය තුළ මිට පෙර එම සංධිස්ථානය සපුරා ගැනීමට සමත් වී ඇත්තේ කුමාර් සංගක්කාර, ඇඩම් ගිල්ක්‍රිස්ට්, මහේන්ද්‍ර සිං දෝනි, මාක් බවුචර්, මොයින් ඛාන්, බ්‍රෙන්ඩන් මැකලම්, ඉයන් හීලී, රෂීඩ් ලතිෆ්, මුශ්ෆිකර් රහීම්, රොමේෂ් කළුවිතාරණ, ජෙෆ්රි ඩුජෝන් යන කඩුලු රකින්නන් 11 දෙනා පමණක් වන අතර ඒ අතරට එකතු වූ එකම එංගලන්ත කඩුලු රකින්නා බවට පත් වීමට බට්ලර් ඊයේ දින සමත් විය.

ඒ අතරින් වැඩිම දවාලීම් සංඛ්‍යාවකට දායක වූ කඩුලු රකින්නා ලෙස පෙරමුණේ පසුවන්නේ උඩ පන්දු 383ක් සහ ස්ටම්ප් කිරීම් 99කට දායක වෙමින් දවාලීම් 482ක් සිදු කිරීමට දායකත්වය ලබා දුන් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර යි.

මෙවර ලෝක කුසලානය හිරු නොබසින අධිරාජ්‍යයට?

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇරඹීම සඳහා ඇත්තේ …

එමෙන්ම ලෝක කුසලාන තරගවල වැඩිම දවාලීම් සංඛ්‍යාවක් සිදු කළ කඩුලු රකින්නන් අතර 16 වැනි ස්ථානය බට්ලර්ට හිමි වී ඇත්තේ මේ වන විට ලෝක කුසලාන තරග 15කට සහභාගී වෙමින් උඩ පන්දු 18ක් සහ ස්ටම්ප් කිරීම් 2ක් සමග දවාලීම් 20කට තම දායකත්වය ලබා දෙමිනි.

මීට අමතරව තම 139 වැනි ජාත්‍යන්තර එක්දින තරගයට කඩුලු රකින්නෙකු වශයෙන් ක්‍රීඩා කරමින් එංගලන්තය වෙනුවෙන් වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ කඩුලු රකින්නාගේ වාර්තාව ද තමන් සතුකර ගැනීමට ඊයේ ඔහු සමත් විය. මේ වන විට බට්ලර් එක්දින තරග 140කට ක්‍රීඩා කර ඇතත් ඉන් එක් තරගයක් (ඔහුගේ මංගල ජාත්‍යන්තර තරගය) ක්‍රීඩා කර ඇත්තේ පිතිකරුවෙකු ලෙස පමණි.

ඒ දක්වා එම එංගලන්ත වාර්තාව හිමි වී තිබුණේ හිටපු කඩුලු රකින ක්‍රීඩක ඇලෙක් ස්ටුවර්ට් හටයි. ඔහු ක්‍රීඩා කර ඇති එක්දින ජාත්‍යන්තර තරග 170න් තරග 138ක් කඩුලු රකින්නෙකු ලෙස ක්‍රීඩා කරමින් මේ දක්වා එම වාර්තාව උසුලා සිටීමට සමත් විය.

සෙනසුරාදා සිදු වූ කලබලය ගැන විශේෂ පරීක්ෂාවක්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය හා ඇෆ්ගනිස්ථානය….

2012 වසරේ පාකිස්තානය සමඟ තම පළමු ජාත්‍යන්තර එක්දින තරගයට ක්‍රීඩා කරමින් එංගලන්තය වෙනුවෙන් එක්දින වරම් හිමිකරගත් බට්ලර් මේ වන විට වසර 7ක ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකි.

එමෙන්ම අතිදක්ෂ ප්‍රහාරාත්මක මැදපෙළ පිතිකරුවෙකු ද වන බට්ලර් මේ වන විට තරග 140ක දී එක්දින ලකුණු 3784ක් ලබාගෙන ඇත්තේ 40.68ක් පිතිකරණ සාමාන්‍යයක් සහ 120.24ක අධිසාමාන්‍ය ප්‍රහාරක වේගයක් ද සමඟිනි.

මේ වන විට එක්දින ක්‍රිකට් පිටියේ නමක් දිනා ගත් ප්‍රබල ක්‍රීඩකයෙකු වන ජොස් බට්ලර් තවමත් 28 වන වියේ පසුවන අතර ඉදිරි අනාගතයේ දී ක්‍රිකට් ක්‍රීඩාවේ විශාලතම මාතෘකාවක් බවට ඔහුගේ නාමය පත් වනු ඇති බවට නොඅනුමාන ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<