ශ්‍රී ලංකා – ඉන්දීය කාන්තා ක්‍රිකට් තරගාවලියට සියල්ල සූදානම්

250

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරග තුනකින් හා විස්සයි විස්ස ක්‍රිකට් තරග පහකින් සමන්විත කාන්තා ක්‍රිකට් තරගාවලියක් සැප්තැම්බර් මස 11 වැනිදා සිට 25 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ.

වේල්ස් කුමර විද්‍යාලය හා රාජකීය විද්‍යාලය සුපිරි 4ට

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් සමඟින් පමණක් තරග කිරීම වෙනුවෙන් මෙරටට පැමිණෙන පළමු අවස්ථාව මෙය වන අතර ඉන්දීය කාන්තා කණ්ඩායම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානයේ පසුවෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම එහි 8 වන තැන පසුවේ.

“මම මුලින්ම ඉන්දීය කණ්ඩායම මෙරටට සාදරයෙන් පිළිගන්නවා. මේ තරගාවලිය ඉතාමත් වැදගත් තරගාවලියක් මේ කණ්ඩායම් දෙකටම, ඒ වගේම අපිට ඉතාමත් ගොඩක් වැදගත්. අපිට අලුත් පුහුණුකරුවෙක් ඇවිල්ලා ඉන්නවා. එතුමාට අපේ කණ්ඩායම පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. අපිට ඕන පහසුකම් ඔක්කොම වගේ ලැබෙනවා. තරගාවලියට හොඳින් මුහුණ දීලා තරගාවලිය සාර්ථකව නිමා කරන්න බලාපොරොත්තු වෙනවා.” යැයි මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසීය.

මේ තරගාවලියේ දී ඒ ඒ කණ්ඩායම් දක්වනු ලබන දස්කම් මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ශූරතා තරගාවලියට ප්‍රසාද ලකුණු එකතු වන නිසාවෙන් තරගාවලිය සුපිරි හා තීරණාත්මක ක්‍රිකට් තරගාවලියක් වනු ඇත.

“අපි ශ්‍රී ලංකාවට ආවේ අවුරුදු කිහිපයකට පසුවයි. දැන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතාමත් ශක්තිමත් කියලා මම හිතනවා. මොකද බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරපු ක්‍රීඩිකාවක් තමා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන්නේ. මම ඒ ගැන ආඩම්බර වෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ශූරතා තරගාවලියට ප්‍රසාද ලකුණු එකතු වෙන තරගාවලියක් නිසා මේ තරගාවලිය කණ්ඩායම් දෙකටම ඉතාමත් වැදගත් ක්‍රිකට් තරගාවලියක් වෙනවාට කිසිම සැකයක් නෑ.” යැයි ඉන්දීය එක්දින කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා මිතාලියා රාජ් පවසන ලදි.

අරාබි ක්‍රීඩකයින්ට ආසියානු කුසලානයේ දොර වැසේ

මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ කින්රාරා ඇකඩමි ඕවල් පිටියේ දී

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් වරට සහභාගී වූයේ මැලේසියාවේ පැවති ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා වන අතර එහි දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය, ඉන්දියාව හා පාකිස්තානු කණ්ඩායම් හමුවේ පරාජය වී දිනා ගත්තේ සමස්ත තරගාවලියේ සිව්වැනි ස්ථානයයි. ඊට පෙර පාකිස්තානු කණ්ඩායම සමඟ මෙරට දී පැවති ක්‍රිකට් තරගාවලියේ දී එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙසත්, විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙසත් පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සිදු විය.

එම පරාජයන් හමුවේ එවකට ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ හේමන්ත දේවප්‍රිය මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කරන ලදි. පසුව ඉදිරි වසර දෙකක කාලය සඳහා බලපැවැත්වෙන ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස හර්ෂ ද සිල්වා මහතා හට එම තනතුර ලබා දී තිබෙන අතර ඒ මහතා යටතේ පුහුණුව ලැබීමෙන් පසුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරගාවලියක් සඳහා ක්‍රීඩා කරනු ලබන පළමු අවස්ථාව වන්නේ මෙයයි.

“මම මේ තනතුර භාර අරගෙන මෙරටට එනකොට තේරීම් කමිටුව විසින් ක්‍රීඩිකාවන් 24 දෙනෙක්ගෙන් සමන්විත සංචිතයක් නම් කරලා තිබුණේ. මම 2014 මෙහෙන් යනකොට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩිකාවන් ගොඩක් ඒ 24 දෙනා ඇතුලේ හිටියා. පසුව අපි සති තුනක පමණ කාලයක් හොඳින් පුහුණුවීම් කටයුතු කරලා 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් තෝරාගත්තා. මේ කණ්ඩායමට ඉන්දීය කණ්ඩායමට හොඳ තරගයක් දෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.” යැයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු වන හර්ෂ ද සිල්වා මහතා මාධ්‍ය අමතමින් පවසා  සිටින ලදි.

මේ තරගාවලියේ සියලුම තරග සජීවීව ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම් අතර එසැණ තොරතුරු, තරග වාර්තා හා  ඡායාරූප ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

ශ්‍රී ලංකා කාන්තා සංචිතය – චමරි අතපත්තු (නායිකාව), ප්‍රසාදනී වීරක්කොඩි, අනුෂ්කා සංජිවනී, නිපුනි හංසිකා, හසිනි පෙරේරා, ඩිලනි මනෝදරා, ශෂිකලා සිරිවර්ධන, නිලක්ෂි සිල්වා, ඉමල්කා මෙන්ඩිස්, ශ්‍රීපාලි වීරක්කොඩි,  සුගන්ධිකා කුමාරි, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධනී, අමා කාංචානා, කවීෂා දිල්හාරි.

ඉන්දීය එක්දින ක්‍රිකට් සංචිතය – මිතාලියා රාජ් (නායක), හාර්මන්ප්‍රීට් කවුර්  (උප නායක), ස්ම්රිතී මන්දානා, පුන්මා රවුට්, දීප්ති ශර්මා, දයාලන් හේමලතා, ජෙමීමා රොද්‍රිගස්, වේදා ක්‍රිශ්ණමූර්ති, ටානියා භාතියා (කඩුලු රකින්නිය), එක්ටා බිශ්ට්, පුන්මා යාදෙව්, රාජේෂ්වරී ගයාක්වාද්, ජූලාන් ගෝස්වාමි, මන්ෂි ජෝෂි, ශිඛා පාන්ඩේ.

ඉන්දීය විස්සයි විස්ස ක්‍රිකට් සංචිතය –  හාර්මන්ප්‍රීට් කවුර් (නායක), ස්ම්රිතී මන්දානා (උප නායක), මිතාලියා රාජ්, වේදා ක්‍රිශ්ණමූර්ති,  ජෙමීමා රොද්‍රිගස්, දයාලන් හේමලතා, දීප්ති ශර්මා, අනුජා පාඨලි, ටානියා භාතියා (කඩුලු රකින්නිය), පුන්මා යාදෙව්, එක්ටා බිශ්ට්, රාධා යාදෙව්, අනුරාධතී රෙඩ්ඩි, ශිඛා පාන්ඩේ, මන්ෂි ජෝෂි.

සම්පූර්ණ තරග කාලසටහන

  • සැප්තැම්බර් 11 – පළමු එක්දින ක්‍රිකට් තරගය – ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය
  • සැප්තැම්බර් 13 – දෙවන එක්දින ක්‍රිකට් තරගය  – ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය
  • සැප්තැම්බර් 16 – තෙවන එක්දින ක්‍රිකට් තරගය  – කටුනායක නිදහස් කලාප පිටිය
  • සැප්තැම්බර් 19 – පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය – කටුනායක නිදහස් කලාප පිටියේ දී
  • සැප්තැම්බර් 21 – දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය – කොළඹ කොල්ට්ස් පිටියේ දී
  • සැප්තැම්බර් 22 – තෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය – කොළඹ ක්‍රිකට් සමාජ පිටියේ
  • සැප්තැම්බර් 24 – සිව්වන විස්සයි විස්ස ක්‍රිකට් තරගය – කොළඹ ක්‍රිකට් සමාජ පිටියේ දී
  • සැප්තැම්බර් 25 – පස්වන විස්සයි විස්ස ක්‍රිකට් තරගය – කටුනායක නිදහස් කලාප පිටියේ දී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් අංශයේ ප්‍රධානී චන්දිම මාපටුන මහතා, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු හර්ෂ ද සිල්වා මහතා,  ඉන්දීය කාන්තා කණ්ඩායමේ පුහුණුකරු රමේෂ් පවෙල් මහතා, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු, ඉන්දීය එක්දින කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා මිතාලියා රාජ් මේ උත්සව අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<