86 වන වතාවටත් පැවැත්වෙන සර් ජෝන්ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලිය මෙවරද කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර එහි ජේෂ්ඨ කාණ්ඩයේ තරඟ මෙම මස 13, 14, 15 යන තෙදින පුරා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාගංනයේදි පැවැත්වෙන අතර කණිෂ්ඨ කාණ්ඩයේ තරඟ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රමුඛයා වෙයි

පාසල් දක්ෂ මලල ක්‍රීඩකයින් මෙම තරගාවලිය ආරම්භ වනතෙක් නොඉවසිල්ලෙන් බලා සිටින අතර මෙවර තරගාවලියේ ජේෂ්ඨ කාණ්ඩය සඳහා පාසල් 350ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3500කට අධික සංඛ්‍යාවක් සහභාගි වන අතර කණිෂ්ඨ කාණ්ඩය සඳහා පාසල් 600 ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6000ක් පමණ සහභාගි වීමට නියමිතව ඇත.

මෙම තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී පාසල් මලල ක්‍රීඩා සංග්‍රාමයේ සභාපති එන්. ඒ. ඩී. ඒ. ආර්. හේමන්ත මහතා පැවසූවේ මෙවර තරගාවලිය සඳහා ද පසුගිය වසර 4 මෙන් රිස්බරි ආයතනය විසින් අනුග්‍රාහකත්වය ලබාදෙන බවයි.

මෙම තරගාවලිය පැවැත්වීමට සැලැසුම් කර තිබුනේ මෙම වසර මුල් භාගයේ දී වුවද, පසුගිය කාලයේ තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හා අ.පො.ස. උසස් පෙළ විභාගය නිසා සැප්තැම්බර් මාසය දක්වා කල්දැමූ බවද එහිදී අදහස් දක්වමින් එම මහතා වැඩිදුරටත් අදහස් දක්වන ලදි.

තරුණ පාසල් මලල ක්‍රීඩකයින්ට ජාත්‍යන්තරයට යාමට රුකුලක් වන ඉහළ මට්ටමේ තරගාවලියක් ලෙස මෙය සැලකිය හැකිය.

මෙම මාධ්‍ය සාකච්ඡාවට CBL සමාගම වෙනුවෙන් එහ ප්‍රධාන කළමනාකාරිනී  තේජා පීරිස් මෙනෙවිය අදහස් දක්වමින් කියා සිටියේ “රිස්බරි ආයතනය තරුණ මළල ක්‍රීඩකයින් සඳහා ඉදිරියටම යාමට හැකි සෑමවිටම අතහිත දෙන අතරම, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පැරණිතම පාසල්  මලල ක්‍රීඩා උළෙල සඳහා නොකඩවා 5 වන වරටත් අනුග්‍රාහකත්වය ලබාදීමට හැකිවීම තම ආයතනයට ඉමහත් ආඩම්බරයක් බවයි”.

මෙහිදී මාධ්‍ය වේදීන් විසින් දියගම ක්‍රීඩාගංනයේ කාලගණන යන්ත්‍රය හා එම ක්‍රීඩාගංනයේ ඇති අඩුපාඩු හා තාක්ෂණය පිළිබඳ, නිමාවට පත්වූ ක්‍රීඩා උළෙල වල මෙන් ගැටලුකාරී තත්ත්වයක් මෙවර ද ඇති වේද යන්න පිළිබඳ ගැටලුවක් මතු කල අතර එයට පිලිතුරු ලෙස පාසල් මලල ක්‍රීඩා සංගමයේ ලේකම් තුමන් වන ටී. බී. වෙදගෙදර මහතා විසින් ක්‍රීඩා අමාත්‍යාංශය හා එකතු වී එම ගැටලුකාරී තත්ත්ව මඟ හරවාගෙන මෙම ක්‍රීඩා උලෙළ සාර්ථකව නිමා කිරීම අපේ අරමුණ බව ඔහු සඳහන් කරන ලදි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට