යොහාන් හා ජයන්ති තවත් වීර ක්‍රියාවකට සැරසේ

736

එවරස්ට් කඳු මුදුනට ළඟා වූ එකම ශ්‍රී ලාංකීය ගවේෂකයින් යුගලය වන ජයන්ති කුරු උතුම්පාල හා යොහාන් පීරිස්, ලොව අපහසුම කඳු නගින්නන්ගේ අභියෝගයක් වන “කඳු මුදුන් හතේ” අභියෝගයට සැරසෙන බව වාර්තා වේ.

ශ්‍රී ලාංකික පුරුෂයෙකු ප්‍රථම වරට එවරස්ට් ජය ගනී

ජොහාන් පීරිස් අද (22) ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 05.40ට ලොව උසම කන්ද වන..

2016 වසරේ දී ජයන්ති ඉතිහාසය නැවත ලියමින් එවරස්ට් කඳු මුදුනට ළඟා වූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වූ අතර පළමු උත්සාහය අසාර්ථක වුනත් සිය දෙවන උත්සාහය සාර්ථක කර ගත් යොහාන් පසුගිය වසරේ දී ලොව උසම ස්ථානය වන එවරස්ට් කඳු මුදුනට ළඟා වීමට සමත් විය.  

මොවුන් දෙදෙනාගේ මීළඟ අරමුණ හිමාල කඳු පන්තියට පිටතින් ඇති උසම කඳු මුදුන වන මීටර 6962ක් උස Aconcagua කඳු මුදුන තරණය කිරීමයි. ඒ සඳහා ඔවුන් දෙදෙනා එළඹෙන ජනවාරි 31 වැනිදා දිවයිනෙන් පිටත් වනු ඇත.

ඒ අනුව මහද්වීප හතේ උසම කඳු මුදුන් හත තරණය කිරීමේ ඔවුන්ගේ මේ උත්සාහය ආර්ජෙන්ටිනාවෙන් ආරම්භ වීමට නියමිතයි. එම අභියෝගය පළමු වරට ජය ගත්තේ 1985 වසරේ දී රිචඩ් බාස් විසිනි. ඔවුන් දෙදෙනා විසින් 2014 වසරේ දී අප්‍රිකාවේ කිලිමන්ජාරෝ කඳු මුදුන තරණය කළ අතර Aconcagua ඔවුන් තරණය කරන තෙවන කඳු මුදුන වනු ඇත.  

ජොහාන් එවරස්ට් තරණයේ අවසාන පියවරට සැරසේ

එවරස්ට් කන්දේ මුදුනටම ගමන් කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වූ ජයන්ති කුරු-උතුම්පාල..

එවරස්ට් කඳු මුදුන තරණය කර වසරක් යෑමට පෙර යොහාන් පිරිස් මේ සැරසෙන්නේ තවත් දැවැන්ත අභියෝගයකට මුහුණ දීමටයි. ThePapare.com හමුවේ ඔහු මේ සඳහා වන සූදානම පිළිබඳව මෙසේ අදහස් පල කළා.

“එවරස්ට් කඳු තරණයට පුහුණු වූ ලෙසමයි මේ කඳු මුදුන (Aconcagua) තරණය කිරීමට අපි සූදානම් වෙන්නේ, අපි ශාරීරිකව මෙන්ම මානසිකවත් සූදානම් වෙලා ඉන්නේ, අපි බොහොම මහන්සි වෙලා පුහුණු වුනා, එවරස්ට් තරණය නිමා කර පැමිණි වහාම මම නැවත පුහුණුවීම් ආරම්භ කළා, ජයන්තිටත් එකමුතුව යම් දෙයක් කරන්නට අවශ්‍යතාව තිබුණා. අපි විශ්වාස කරනවා අපිට මේ අභියෝගය සාර්ථකව නිම කරන්නට පුළුවන්.”

ජයන්ති කුරු උතුම්පාල ThePapare.com වෙත අදහස් දක්වා සිටියේ සිය සගයා සමඟ නව අහියෝගයක් ආරම්භ කිරීම පිළිබඳ ඉතා උද්‍යෝගයෙන් පසුවන බවයි.

“මම ඇත්තටම ඉතා උද්‍යෝගිමත්, 2016 වසරේ සිටම මට නැවතත් කඳු මුදුනක් තරණය කරන්නට උවමනා වෙලා තිබුණේ, මම යොහාන්ගෙන් ඇහුවා 2019 වසරේ නැවතත් කඳු තරණයට සූදානම් ද කියලා, ඔහු වහාම එයට කැමැත්ත පළ කළා, Aconcagua කඳු මුදුනට මාර්ග දෙකක් තිබෙනවා, අපි තෝරාගත්තේ ඉන් අපහසුම හා අභියෝග රැසක් සහිත මාර්ගයයි. අපිට පෝලන්ත ග්ලැසියරයත් තරණය කරන්නට සිදු වෙනවා, කඳු තරණයේ දී කඳු නගින්නන්ට අභියෝග රැසක් තිබෙනවා, විශේෂයෙන්ම දැඩි සුළඟ, නමුත් අපි එයට සූදානම් වෙලා ඉන්නේ. මම බොහොම කැමතියි යොහාන් එක්ක කඳු නගින්න සහ මම බොහොම බලාපොරොත්තු තියාගෙන ඉන්නේ අපගේ මීළඟ ගවේෂණය පිළිබඳව.”

ThePapare.com අපි ඔවුන් දෙදෙනාගේ සෑම පියවරක්ම සාර්ථක වේවා යැයි ප්‍රර්ථනා කරන අතර ඔවුන් දෙදෙනාගේ කඳු තරණයේ සියලු විස්තර ඔබ වෙත ගෙනේ ඒමටත් සූදානම්. ජයන්ත හා යොහාන්ගේ මීළඟ වීර ක්‍රියාව පිළිබඳ සියලු තොරතුරු දැනගන්න එක්වන්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<