සිව් වසරකට පසු හෝ සාන්තුවරයන්ගේ සටන තීරණයකින් නිමාවේවිද?

367

ශාන්ත ජෝසප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර 82 වන වරටත් පැවැත්වෙන මහා ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 4 සහ 5 දෙදින තුළ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය.

එක හා සමාන දක්ෂතාවයන් දක්වන, කතෝලික පාසල් දෙකක් අතර ඇති උණුසුම් ක්‍රිකට් තරඟයක් වන මෙහිදී ඉතා උද්‍යෝගීමත් තරඟයක් දැක බලා ගැන්මට ක්‍රීඩා ලෝලීන්ට හැකි වනු ඇත.

තර ඉතිහාසය

Rev.Fr මොරිස් ලෙගොක් කුසලානය සදහා කීර්තිමත් පාසල් දෙකක් උරෙන් උර තරඟ වදින මෙම ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වන්නේ 1933 වසරේදී ය.  එහි පළමු තරඟයේ ජයග්‍රහණය ශාන්ත ජෝසප් විදුහලට හිමි විය. මෙම පාසල් දෙකෙහිම ප්‍රධාන දේවගැතිවරයා වූයේ මවුරිස් ලෙගොක් පියතුමන් ය. කුසලානය ඒ නමින් හැදින්වෙන්නේ එතුමන්ට කරනා උපහාරයක් ලෙසිනි. ඔහු පළමුව ශාන්ත ජෝසප් විදුහලේ සේවය කර පසුව ශාන්ත පීතර විදුහලේ පළමු දේවගැතිවරයා ලෙසින් කටයුතු ඇරඹා ඇත.

පළමු තරඟයේදී ශාන්ත ජෝසප් විදුහලෙහි නායකත්වය රොබට් ප්‍රනාන්දු විසින් මෙහෙය වු අතර ශාන්ත පීතර විදුහල මෙහෙයවනු ලැබුවේ ජෝර්ජ් ජයවීර විසිනි. මෙම ක්‍රිකට් විශිෂ්ටයින් අතර තරඟ 81 ක් පවත්වා ඇති අතර ශාන්ත ජෝසප් විදුහල තරඟ 12 ක් ද, ශාන්ත පීතර විදුහල තරඟ 9 ක් ද දිනා ඇත.

තරඟ 61 ක් ජය පැරදුමකින් තොරව අවසන් වුණි. 2008 වසරේදී පැවති 74 වන තරඟය රුවන්ත ප්‍රනාන්දුපුල්ලේගේ නායත්වයෙන් ශාන්ත ජෝසප් විදුහල අවසානයට ජයග්‍රහණය ලද තරගයයි. ශාන්ත පීතර විදුහල අවසානයට ජයග්‍රහණය ලැබුවේ 2012 වසරේදී ශෙහාන් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් පැවති 78 වන තරඟයයි.

ශාන්තුවරුන්ගේ තරඟය තුළ ලබා ගත් ඉහළම ලකුණු ප්‍රමාණය වන ලකුණු 382, ලබා ගත්තේ ශාන්ත ජෝසප් විදුහල වූ අතර ඒ 1982 වසරේ කෙන් සර්පන්චිගේ නායකත්වය යටතේය. ශාන්ත පීතර විදුහල විසින් ලබා ගත් ඉහළම ලකුණු ප්‍රමාණය වන ලකුණු 345 වර්ථා වන්නේ 1983 වසරේදි වන අතර ඒ පර්සි පෙරේරාගේ නායකත්වය යටතේය.

තරගාවලියේ අවම ලකුණු ප්‍රමාණය ලෙසින් වාර්ථා වන්නේ 1972 වසරේදී ශාන්ත පීතර විදුහල ලබා ගත් ලකුණු 36 ක ප්‍රමාණයයි. ශාන්ත පීතර විදුහල ලබා ගත් අවම ලකුණු ප්‍රමාණය වන්නේ 1938 දී ඔවුන් ලබා ගත් ලකුණු 56 යි. තවද තරගාවලියේ තනි ක්‍රීඩකයෙක් ලබා ගත් ඉහළම ලකුණු ප්‍රමාණය වන ලකුණු 204 වාර්ථා කරනු ලැබුවේ ක්ලිව් ඉමාන් විසින් 1954 දී වන අතර ලකුණු 41 කට කඩුළු 9 ක් ලබා ගනිමින් හොදම පන්දු යැවීමක් 1997 වසරේදී වාර්ථා කළේ ශාන්ත ජෝසප් විදුහලේ ෂෙනාල් වර්ණකුල විසිනි.

ශාන්ත පීතර විද්‍යාලය

අත්දැකීම් බහුල පිට දඟපන්දු යවන්නකු මෙන්ම සිව් වසරක් වර්ණලාභීයකු වන, විනූ මොහොට්ටි විසින් නායකත්වය දෙනු ලබන ශාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩාය‍ම, මෙම ක්‍රිකට් වාරයේ අති විශිෂ්ට දස්කම් දැක්වීමට සමත්විය. තරඟ හයක වාර්ථාගත ජයග්‍රහණයක් වාර්ථා කිරීමට සමත් වූ ඔවුන්, අපරාජිතව සිටින පාසල් අතලොස්ස අතරින් එක් පාසලකි. මොහොට්ටි සහ ඔහුගේ සහකරු වන ටනීෂ වී‍රකෝන් යුගලය මෙම තරඟ වාර‍ය තුළ දිවයිනේ සිටින ශක්තිමත්ම පාසල් ක්‍රිකට් කණ්ඩායම්වල පිතිකරු ලැයිස්තු පහසුවෙන් කඩා බිද දමා ඔවුන් තම පන්දු හැමුවේ දණගැස්වූයේ කඩුළු 155 ක් ඔවුන් දෙදෙනා සතුකරගනිමිනි. ඔවුන් දෙදෙනා තමන්ගේ කඩුළු ප්‍රමාණය තවදුරටත් ඉහළ දමාගැනීමට සමත්වුවහොත්, ශාන්ත පීතර විද්‍යාලයට ඉහළ බලාපොරොත්තු තබාගත හැකිය.

St. Peter's Collegeඅත්දැකීම් අඩු නමුත් ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු යුගලයක් වන අනිශ්ක පෙරේරා සහ ඉනේෂ් ප්‍රනාන්දු මෙම තරඟ සමය තුළ ප්‍රහාරාත්මක පිතිකරණයෙන් තම කණ්ඩායමට බොහෝ අවස්ථාවල ඉතා ප්‍රබල ආරම්භයක් ලබා දුන් අතර මෙම සති අන්තයේ දී තම සුපුරුදු දක්ෂතාවයන් එලෙසින්ම දක්වන්නට මහත් ඕනෑකමින් සිටිනු ඇත. ශාන්ත පීතර කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුවේ බල ස්ථාවර කණු දෙක ලෙස කටයුතු කරන්නේ උප නායක හෂාන් වණසේකර සහ වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ලබන, ලක්ෂාන් රොද්‍රිගෝ යන ක්‍රිඩකයින්ය. ලක්ෂාන් තම පාසලේ ක්‍රිකට් මහා සටනට පෙර පැවති අවසාන තරගයේ දී තම ලකුණු 1000 සීමාව කරා ලගා වූ අතර, වණසේකර තම ලකුණු 1000 අභිමුවට පැමිණ තිබේ. ශාන්ත පීතර විද්‍යාලයේ උද්වේගකර ප්‍රේක්ෂකයින් ඉදිරියේ දී, ඔහු එම සීමාව කරා එළඹීමට දැඩි බලාපොරොත්තු තබාගෙන සිටින බව නොඅනුමානය.

වේග පන්දු යවන ක්‍රීඩකයින් ත්‍රිත්වය රවිදු සිල්වා, රැන්ඩ්ල් සෙනවිරත්න සහ මනෙල්කාර් ද සිල්වා යන ක්‍රීඩකයින් පී.සරවනමුත්තු තණ තිල්ලේ තම උපරිම දක්ශතාවයන් දක්වනු ඇති අතර තරඟ ආරම්භයේදීම කඩුළු දවාගනිමින් තම පාසලේ අභිමානය ඉහළ නංවනු ඇතැයි දැඩි බලාපොරොත්තු තබා තිබේ. මෙම තරඟ වාරය තුළ ඔවුන්ට එතරම් සාර්ථකත්වයක් දැක්වීමට නොහැකි වූ නිසාවෙන් ම ශාන්ත පීතර කණ්ඩායම බොහෝ තරඟාවල දී වේගපන්දු යවන්නන් දෙදෙනකු සමඟ පමණක් තරඟ කිරීමට තීරණය කර තිබුණි. විශ්වාසවන්ත ආරංචි මාර්ගවලට අනුව, ගිය වසරේ කණ්ඩායම් නායකත්වය දැරූ, චන්දුල ජයමාන්න, තරඟ වාරය තුළ දැක් වූ දුර්වල දක්ශතාවයන් හේතුවෙන්, පාසල් මහ සටනට ක්‍රීඩා කරන කණ්ඩා‍යමෙන් ඉවත්කර ඇති බවට දැනගන්නට ලැබේ.

අනුමානිත කණ්ඩායම – වීනු මොහොට්ට් (නායක) , ඉනේෂ් ප්‍රනාන්දු, අනිශ්ක පෙරේරා, හෂාන් වණසේකර, මනෙල්කාර් ද සිල්වා, රන්මිත් ජයසේන, ටනීෂ වීරකෝන්, රවිදු සිල්වා, රැන්ඩ්ල් සෙනවිරත්න, සදිශ් පතිරණගේ
ශාන්ත ජෝසප් විද්‍යාලය

දැකුම්කළු ඉහළ පෙල පිතිකරුවකු වන, පසුගිය වසරේ පාසල් මහා සටනේ ශතකලාභී, සදරුවන් රොද්‍රිගෝ මරදාන ශාන්ත ජෝසප් විද්‍යලයීය කණ්ඩායමට නායකත්වය ලබාදෙනු ඇත.  මෙම පාසල් තරග සමයේ ලකුණු 550 ක් පමණක් රැස්කර සාමාන්‍ය දක්ෂතා අතර සිටින රොද්‍රිගු, මෙම සති අන්තයේ පැවැත්වෙන අතිශය තීරණාත්මක අවසන් මහා සටනේ දී වඩාත් වගකීම් සහගතව තරඟ වදිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජෝසප් කණ්ඩායම මෙම තරඟ සමයේ තරඟ 6 ක ජයග්‍රහණයන් වාර්ථා කළ නමුත්, ‍රාජකීය කණ්ඩායම සහ ශාන්ත බෙනඩික් කණ්ඩාය‍ම් ඉදිරියේ ලැබූ පරාජයන් ඔවුන්ගේ ජයග්‍රාහී ගමන අවහිර කිරීමට සමත්විය. පාසල් මහා සටන කරා ගමන් කළ ගමනේ දී කණ්ඩායමේ පිතිකරණ අංශයේ සිදු වූ දුර්වලතාවයන් ශාන්ත ජෝසප් කණ්ඩායමට තම උප නායක කෙවින් කෝට්ලින්ග් කණ්ඩායමෙන් ඉවත් කර, දක්ෂතා අතර සිටින නවක මුහුණු හදුන්වාදීමට පොළඹවා තිබේ.

St. Joseph's Collegeවසර අටකට පසුව ශාන්ත ජෝසප් කණ්ඩායමට කුසලානය ලබාගැනීම සදහා, වමත් ආරම්භක පිතිකරු රේවන් කෙලී ගේ සාර්ථක පිතිකරණ විලාශය අතිශය තීරණාත්මක සාධකයක් වනු ඇත. මෙම තරඟ සමය තුළ ඔහු ලකුණු 730 ක් ලබාගනිමින්, තම කණ්ඩායම් පිතිකරණ ලැයිස්තුවේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇත. වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් බලාපොරොත්තුවක් වන, ජෙහාන් ඩැනියල් පිතිකරණයෙන් මෙන්ම පන්දුයැවීමෙන් ද තම ඉහළම දස්කම් අතරට පැමිණීම, කණ්ඩායම් ජයග්‍රහණය සදහා බෙහෙවින් උපකාරී වනු ඇත. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සහ ජාතික කණ්ඩායමේ දායක්තවය හේතුවෙන් ඔහුට මෙම තරඟ සමයේ වැඩි තරඟ ප්‍රමාණයකට සහභාගී වීමට නොහැකි වූ නමුත්, අතිශය තීරණාත්මක මෙම මහ සටනේ දී, තම දක්ෂතාවයන් දැක්වීමට ඔහු මහත් උවමනාවෙන් බලා සිටියි.

වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක යුගලයක් වන, මල්ෂාන් රොද්‍රිගෝ සහ හරීන් කුරේ මෙම තරඟ වාරය තුළ තම පන්දුවෙන් බොහෝ කණ්ඩායම් සුණු විසුණු කරමින් තම පාසල් කණ්ඩායමට කඩුළු 140 ක් ලබාගැනීමට සමත්විය. මෙම තරඟ වාරය තුළ ශාන්ත ජෝසප් කණ්ඩායම් ක්‍රීඩයකු විසින් ලබාගත් එකම ශතකය ද වාර්තා කරමින් ලකුණු 500 සී‍මාව අභිබවා යමින් තම දක්ෂතාවයන් විශිෂ්ට ලෙස ප්‍රදර්ශනය කිරීමට ද මල්ෂාන්  රොද්‍රිගෝ සමත් විය.

අනුමානිත කණ්ඩායම – සදරුවන් රොද්රිගෝ (නායක) , රේවන් කෙලී, නිපුන් සමරසිංහ, ජෙහාන් ඩැනියෙල්, පහන් පෙරේරා, නෙරාන් ගුණතිලක, ෂෙවෝන් ෆොන්සේකා,මල්ෂාන් රොද්රිගෝ, චාරුක රවීන්, හරීන් කුරේ, රුචිර ඒකනායක

අවසාන විනිශ්චය සහ අපේක්ෂිත මට්ටම

කණ්ඩායමකට පන්දු වාර 60 කින් යුත් (2000 වසරේ සිට) පළමු ඉනිමත් සමඟ මෙම කණ්ඩායම් දෙක, තරඟය ජයග්‍රහණය කරා තමන්ට අවශ්‍යලෙසින් මෙහෙයවීමටඉඩ සැලසේ. පී සරා ක්‍රීඩාංගණයේදී මෑතකදී පැවති තරග, පන්දු යවන්නන්ට කදිම තෝතැන්නක් වුවත් ලකුණු රැස් කිරීමටද විශාල අවකාශයක් ඇති බව පෙන්නුම් කෙරුණි. මේ සියල්ල සළකා බැලීමෙන් පසු තරගය සියල්ලන්ට වාසිදායක මට්ටමක තිබිය හැකිය.