මාලිබෝන් මෙහෙයවන්න මහේලට බාර දෙයි

447

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන නේපාලය හා නෙදර්ලන්තය සමඟින් පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් සඳහා එංගලන්තයේ මාලිබෝන් ක්‍රිකට් සමාජය (Marylebone Cricket Club) මෙහෙයවීමට නියමිතයි. මාලිබෝන් ක්‍රිකට් සමාජය ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරිගෙය වන අතර තරගාවලිය ලබන මාසයේ එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

අර්ජුනගේ මුරණ්ඩුව චන්දිමාල්ගේ මුරණ්ඩුව

දෙදෙනාම ආනන්දීයන් ය. දෙදෙනාම මඳක් දැඩි ය. දෙදෙනාම පිටිය මැද උප්පරවැට්ටි දැමීම අතින් ඉදිරියෙන් ය….

තරගාවලිය ජූලි 29 වැනිදා ආරම්භ වන අතර මාලිබෝන් ක්‍රිකට් සමාජය නෙදර්ලන්තය හා නේපාලය සමඟින් තරග වදිනු ඇත.

2006 දී හා 2002 දී මහේල ලෝර්ඩ්ස් හිදී එංගලන්තයට එරෙහිව ශතක දෙකක් වාර්තා කළේ (Honours Board) සංචාරක විවේක කාමරයේ ගෞරව පුවරුවේ සිය නම දෙවතාවක් සටහන් කරමින් මහේල 2015 දී මාලිබෝන් ක්‍රිකට් සමාජයේ ගෞරව සාමාජිකයෙක් බවට පත්වුනා

49.84ක සාමාන්‍යයක් පවත්වා ගනිමින් ටෙස්ට් තරග 149ක දී ලකුණු 12000 සීමාවට ආසන්න වූ ඔහු එක්දින තරග 448ක දී 33.37ක සාමාන්‍යයක් රඳවා ගනිමින් ලකුණු 12,560ක් රැස්කර ගැනීමට සමත් වුනා. විස්සයි විස්ස තරග 55ක දී ලකුණු 1493ක් සමඟින් ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස්කළ ශතක ගණන 54ක්.

ලොව වටා විස්සයි විස්ස කණ්ඩායම් රැසක් නියෝජනය කර ඇති ඔහු මීට පෙර එංගලන්තයේ දේශීය කණ්ඩායම් වන සමර්සෙට් හා සසෙක්ස් කණ්ඩායම් ද නියෝජනය කළා.

MCC ක්‍රීඩා සමාජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ MCC කණ්ඩායමට ස්කොට්ලන්ත ක්‍රීඩකයින් තිදෙනෙකු ද එක්වන බවයි.

Dylan Budge, Alasdair Evans හා Mark Watt යන ස්කොට්ලන්ත ක්‍රීඩකයින් එම කණ්ඩායමට එක්වන අතර ඔවුන් එංගලන්තයට එරෙහිව සිය මංගල එක්දින ජය වාර්තා කළ ස්කොට්ලන්ත කණ්ඩායමට ද ක්‍රීඩා කළා. තවද ඔවුන් දෙදෙනා ජුනි 5 වැනිදා අරුන්ඩෙල් කාසල් හි Aboriginal XI කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ MCC කණ්ඩායම ද නියෝජනය කළ අතර එහි දී මැදපෙළ පිතිකරු Budge පන්දු 43 කදී ලකුණු 52ක් රැස් කිරීමට සමත වුනා.

එංගලන්තයට එරෙහිව ස්කොට්ලන්තය ජය ගත් තරගයේ දී වමත් දඟපන්දු යවන ක්‍රීඩක වොට් ඉතා වැදගත් කඩුලු තුනක් දවා ගැනීමට සමත් වූ අතර දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක එවන්ස් ද ඉතා වැදගත් කඩුලු දෙකක් ලබා ගත්තා. ඔහු ඉන්පසුව පැවති පළමු පකිස්තාන විස්සයි විස්ස තරගයේ දී ද ලකුණු 23කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<