ලංකාවටවත් ඉන්දියාවටවත් නොයන බව මහේල කියයි

1491
Sussex CCC New Twenty 20 player Mahela Jayawardena who will play for Sussex CCC in the NatWest T20 Blast. Photographer Tony Wood TW070515A5

හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඉන්දියාවේ ක්‍රිකට් පුහුණුකාරීත්වයට පත්වන බවට පැතිර ගිය මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව සඳහන් කොට තිබේ.

2015 වර්ෂයේදී එංගලන්ත කණ්ඩායමේ විශේෂඥ පිතිකරණ පුහුණුකරු වශයෙන් කටයුතු කළ මහේල, පසුගිය ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේදී ශූරතාවය ලබාගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමටද පුහුණුකාරීත්වය සැපයීය. එළඹෙන බංගලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලියේදී කුල්නා ටයිගර්ස් කණ්ඩායමට පුහුණුකාරීත්වය ලබාදීම ඔහුගේ මීළඟ අභියෝගයයි.

ඉන්දියානු සහ ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකේම පුහුණුකරුවන් (අනිල් කුම්බ්ලේ සහ ග්‍රැහැම් ෆෝඩ්) තම ධූරවලින් ඉවත් වූ බැවින් දෙරටේම ඇතැම් මාධ්‍ය විසින් පළකොට තිබුණේ මහේල ජයවර්ධන තම තමාගේ ජාතික කණ්ඩායම් වල පුහුණුකාරීත්වයට පැමිණෙනු ඇති බවයි.

මහේල ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ටෙස්ට් තරග 149කට ක්‍රීඩා කරමින් ලකුණු 11,814ක් වාර්තා කළ අතර නායකයෙකු ලෙස 2007 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන ආවේය. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පසුගියදා පවසා තිබුණේ ඔහු පුහුණුකරුවෙකු වීමට නම් තවමත් ආධුනික බවයි.

“ප්‍රධාන පුහුණුකරුවෙකු හැටියට මහේල තවම තරුණ වැඩියි. ඔහු විස්සයි-විස්ස පිතිකරණ හෝ පන්දු රකින පුහුණුකරුවෙකු වීමට නම් සුදුසු වේවි.” තිලංග සුමතිපාල මහතා එසේ පවසා තිබුණි.

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වය සඳහා අයදුම් කළ හැකි කාලවකවානුව ජූලි 09 වැනිදා දක්වා දීර්ඝ කරන ලද අතර මහේල ලැන්කෂයර් ප්‍රාන්තය සමඟ ක්‍රීඩකයෙකු වශයෙන් එකඟ වී තිබූ ගිවිසුම පෞද්ගලික හේතූන් මත යැයි කියමින් අවලංගු කළ නිසා මෙම සැකය ඉන්දියානු මාධ්‍ය අතරට පැමිණියේය.

නමුත් ඒ සියලු සැක සංකා දුරලමින් මහේල තම ට්විටර් ගිණුමේ සටහන් කොට තිබුණේ මෙසේයි.

“ඉන්දියානු මාධ්‍ය මා ගැන සැක පළකිරීම නිසා මා ගොඩක් උදම් වුනා. නමුත් මා තවමත් පූර්ණ කාලීන ධූරයක් සඳහා සූදානම් නැහැ. මම සම්පූර්ණයෙන්ම අවධානය යොමුකරන්නේ මුම්බායි සහ කුල්නා කණ්ඩායම් වලට මගෙන් ඉටුවිය යුතු කාර්යභාරය ගැනයි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට