එංගලන්ත බල කණුවකට තරග දෙකක් මඟ හැරේ

7410

එංගලන්ත ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමේ සිටින ප්‍රබල ආරම්භක පිතිකරුවෙකු වන ජේසන් රෝයි ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ඉදිරි තරග දෙක සඳහා බොහෝ දුරට සහභාගි නොවන බව වාර්තා වේ. ඒ ඔහුගේ වම් පාදයේ ඇතිවූ මස්පිඩු ඇදීමක් නිසාවෙනි.

ඉන්දු – පාකිස්තාන තරගයේ දී සුපිරි වාර්තාවක්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර ඊයේ (16) මැන්චෙස්ටර් හිදී පැවති තරගයේ දී ඉන්දීය…

පසුගිය 14 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට  එරෙහිව පැවති තරගය අතරතුර පන්දු රකිමින් සිටිය දී ජේසන් රෝයි මෙසේ ආබාධයකට ලක්විය. තරගයට පසු දින කළ MRI පරීක්ෂණයේ දී එය මස්පිඩු ඇදීමක් බව තහවුරු වූ අතර එහි දී නිගමනය වී ඇත්තේ ජේසන් රෝයිව දින කිහිපයක් විවේක ගන්වන ලෙසයි.

කොදෙව් ඉනිමේ 8 වැනි පන්දුවාරයේ දී රෝයි එම ආබාධයට මුහුණ දුන් අතර නායක ඔයින් මෝර්ගන් ද ඉනිමේ 40 වැනි පන්දුවාරයේ දී  පාදය ආශ්‍රිතව යම් ආබාධයකට ලක්වූ නමුත් ඔහු බොහෝ දුරට ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වෙන තරගය ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් ඇත.

මාලිංග ආයෙත් ගෙදර එයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුවක් වන ලසිත් මාලිංග පසුගිය 15 වැනිදා…

රෝයි හට සිදුව තිබෙන ආබාධය පළමු මට්ටමේ ආබාධයක් වන අතර පළමු මට්ටම යනු එතරම් බරපතළ නොවන මට්ටමේ ආබාධයකි. රෝයිට මීළඟ තරග දෙක මඟ හැරෙන නිසා බොහෝ දුරට තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී ඒ වෙනුවෙන් ක්‍රීඩා කිරීමට වැඩි ඉඩකඩක් තිබේ.

එංගලන්ත කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය මේ මස 18 වැනිදා ඇෆ්ගනිස්තානය සමඟ මැන්චෙස්ටර් හිදී පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<