ජේසන් රෝයිගේ හැඟීම්බර ශතකයේ කතාව

575

එංගලන්තය හා පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය පිළිබඳව මේ දිනවල කාගේත් අවධානය යොමුව ඇත. පසුගිය දා නිමා වූ එහි සිව්වැනි එක්දින තරගයේ ජයග්‍රහණය ද එංගලන්තය ලබා ගත්තේ වාර්තා පොත් අලුත් කරමිනි.

එම තරගයේ දී කැපී පෙනෙන දස්කම් දැක්වූ එංගලන්ත ආරම්භ පිතිකරු ජේසන් රෝයි ලකුණු 114ක් ලබා ගත්තේ පන්දු 89කට පමණක් මුහුණ දෙමිනි. හයේ පහර 4කින් හා හතරේ පහර 11කින් ඔහුගේ ඉනිම වර්ණවත් විය. නමුත් ඔහුගේ මෙම ශතකය පසුපස තිබූ කතාව බොහෝ දෙනෙක් දැන සිටියේ නැත.

බලහත්කාරයෙන් ගත් ලකුණු දෙකෙන් ලෝක ශූරතාව දිනූ හැටි

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරග සාමාන්‍යයෙන් ඉතාම උණුසුම් ස්වරූපයක්…

ජේසන් රෝයි වාර්තා කළ මෙම ශතකය ඔහුගේ එක්දින දිවියේ 8 වැනි ශතකය වූ අතර එය ලකුණු 341ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තයේ අභියෝගය පහසු එකක් කිරීමට විශාල දායකත්වයක් දැක්විය. මෙම ලකුණු 341 එංගලන්තය විසින් හඹා ගොස් ජයග්‍රහණය කළ සිව්වැනි වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස ඉතිහාසයට එක්විය. ඒ අනුව තරග 5කින් සමන්විත එංගලන්ත පාකිස්තාන තරගාවලියේ තරග 3-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද එංගලන්තය සමත් විය.

තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජේසන් රෝයි පැවසූ කථාව කාගෙත් අවධානයට බඳුන් විය. තරගයට පෙරදින තම සිඟිති දියණිය වන එවර්ලි රෝගාතුර වූ බවත්, තමන් ද ඇය සමඟින් රෝහලට ගොස් රාත්‍රිය එහි ගත කළ බවත් රෝයි මාධ්‍ය හමුවේ පවසා සිටියේය. තමන් පැය දෙකක නින්දක් පමණක් ලැබූ බව ද රෝයි කියා තිබේ. තවමත් සති 7ක් පමණක් වන එවර්ලි ඒ වන විට තරමක් සුවයක් ලබා සිටි අතර රෝයි තරගයෙන් අනතුරුව නැවතත් රෝහල වෙත ගියේ ඇය සමඟ කාලය ගත කිරීමටයි.

“මේක මගේ සුපුරුදු ක්‍රීඩා රටාව නෙමෙයි. ඒත් මේක විශේෂයි” තම වේගවත් ඉනිම පිළිබඳව අදහස් දක්වමින් රෝයි කියා සිටියා.

“මට අද අමාරු දවසක් වුනා. ඒ හින්දා මේක මට වගේම මගේ පවුලටත් විශේෂයි” BBC වෙත අදහස් දක්වමින් රෝයි පවසා ඇත. “ඒ මගේ පොඩි දුව. අපිට පාන්දර 1.30ට විතර ඇයව රෝහලට අරන් යන්න සිදු වුනා. මම උදේ 8.30 වෙනකන් රෝහලේ ඉඳලා ආවා පැය දෙකක් වගේ නිදා ගන්න. කණ්ඩායම warm-up කරද්දී තමයි මම කණ්ඩායමට එක් වුනේ. මේක ගොඩක් හැඟීම්බර ශතකයක්”

මේ අතර තරග තහනමකට ලක්වූ ඔයින් මෝගන් වෙනුවට නායකත්වය දරන ජෝස් බට්ලර් එංගලන්තයේ මෙම දැවැන්ත හඹා යාම පිළිබඳව අදහස් දක්වා සිටියා.

“මම හිතනවා අපේ පන්දු ‍යවන්නන් ඉතා හොඳින් ඔවුන්ගේ වගකීම ඉටු කළා. ලකුණු 340කට පාකිස්තානය සීමා කිරීම ලොකු දක්ෂතාවයක්. මම හිතුවා 340 එතරම් ලොකු ලකුණු සංඛ්‍යාවක් නෙමෙයි කියලා. මොකද වේගවත් තණතීරුවක් හා පොඩි හතරේ සීමාවක් තිබුණ නිසා.”

“අපේ පිතිකරුවන්ගේ දක්ෂතා අපිට ලොකු උදව්වක් වුනා පසුගිය කාලයේ තරග ජයග්‍රහණය කරන්න. ජේසන් ඉතාම දක්ෂ විදිහට ක්‍රීඩා කළා. ඔහු පන්දුවට පහර දුන්න විදිහ ඉතාමත් විශේෂයි.”

“අපි දුර්වල වුන ඕවර 4ක් තිබුණා. අනවශ්‍ය ලෙස කඩුලු බිඳ වැටුණා. ඒත් බෙන් ස්ටොක්ස් දක්ෂ විදිහට ක්‍රීඩා කළා. ඔහු පීඩනය මනාව පාලනය කරගෙන ක්‍රීඩා කළා. මම හිතන්නේ මේ ඉනිම ඔහුට ආත්ම විශ්වාසය ගෙන ඒමට සමත් වුනා කියලයි.”

ජේසන් රෝයි හා බෙන් ස්ටෝක්ස් පාකිස්තානය හඬවයි

පාකිස්තානය හා එංගලන්තය අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ ඊයේ (17)…

එංගලන්තයට මෙම තරගයේ ජයග්‍රහණය තව තවත් විවර කරමින් පාකිස්තානය දුර්වල පන්දු ‍රැකීමක් පෙන්වූ අතර උඩ පන්දු කිහිපයක්ම අත හැරීම තරගයේ ප්‍රතිඵලයට විශාල බලපෑමක් සිදු කළේය.

පන්දු ‍රැකීමේ අඩුපාඩු නිසාවෙන් පාකිස්තාන විශාල ලකුණු ප්‍රමාණයක් එංගලන්තයට පහසුවෙන් ලබා දුන් අතර ටොම් කරන් ලකුණු 6ක් ලබා සිටිය දී දුවද්දී දවා ගැනීමට ලැබුණු අවස්ථාවක් මගහැරී ගියේය. එහි දී කරන් එල්ල කළ පහරකින් රැකගත් පන්දුව කඩුල්ල වෙත එල්ල කරමින් දවා ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූ අතර පන්දු කඩුල්ලේ වැදී ඉවතට යාම නිසා තවත් අතිරේක ලකුණක් ලබා ගැනීමට අවස්ථාව හිමි විය.

එහි දී බිද තිබූ කඩුල්ලේ ඉන්නක් ඉවත් කරමින් ටොම් කරන් දවා ගැනීමට පාකිස්තාන නායක සෆ්‍රාස් අහමඩ් උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත. ටොම් කරන් මෙම තරගයේ දී වටිනා ලකුණු 31ක් ලබා ගැනීමට සමත් විය.

“අපි ප්‍රමාණවත් ලකුණු ලබාගෙන තිබ්බා. අපි හොඳින් පන්දු ‍රැක්කා නම් ජයග්‍රහණය අමාරු වෙන්නෙ නෑ.” පාකිස්තාන නායක සෆ්‍රාස් අහමෆ් පවසා තිබේ.

“අපිට කරන්න තියෙන එකම දේ තවත් හොඳින් පුහුණු වෙන එක. පසුගිය වසර එක හමාරක කාලය තුල අපි පන්දු ‍රැකීම ගොඩක් හොඳ මට්ටමකට ගෙනාවා. ඒත් මේ තරග තුනේ දී ඒක අපිට ලොකු ගැටලුවක් වුනා”

“මම දුවද්දී දවාගැනීමේ අවස්ථාව නැවත නැරඹුවා. මම හිතුවේ bails දෙකම ඉවත් වුනා කියලයි. තෙවන විනිසුරු ඒක දැක්කා නම් ඒක විනිසුරුවන්ට කියන්න ඉඩ තිබ්බා. නමුත් අපි ඉල්ලීමක් කළේ නෑ” සෆ්‍රාස් තවදුරටත් පවසා සිටියා.

එංගලන්තය මෙවර ලෝක කුසලානයේ ප්‍රබලතම කණ්ඩායමක් වනු ඇතැයි බොහෝ දෙනා මත පලකර ඇත. එම මතවලට සාක්ෂි සපයමින් එංගලන්තය පාකිස්තාන එක්දින තරගාවලියේ තරග 3ක් ම මේ වන විට ජයග්‍රහණය කර ඇති අතර එම සියලු තරග ලකුණු 300ට වඩා ලබාගෙන ජයග්‍රහණය කල තරග වීම විශේෂත්වයකි.

නවසීලන්ත ක්‍රීඩකයාට ලෝක කුසලානය මග හැරෙයි ද?

ICC ක්‍රිකට් ලෝක කුසලානයේ නවසීලන්තයේ පළමු තරගය එළඹෙන ජුනි 1 දා ශ්‍රී ලංකාව සමඟින්…

දෙවන තරගයේ දී එංගලන්තය ලකුණු 373ක් වාර්තා කිරීමට සමත් වන්නේ ජොස් බට්ලර් පන්දු 55ක් තුල ලබා ගත් වේගවත් ලකුණු 110 සමඟිනි. තෙවන තරගයේ දී පාකිස්තානය ලබා ගත් ලකුණු 358 එංගලන්තය හඹාගොස් ජයග්‍රහණය කරන්නේ පන්දුවාර 45ක් පමණක් වැය කරමිනි.

එහි දී ජොනී බෙයාස්ට්‍රෝ ලකුණු 128ක් වාර්තා කළේය. සිව්වැනි තරගයේ දී ජේසන් රෝයි ශතකයක් වාර්තා කරමින් එංගලන්තයට ජයග්‍රහණය ලබා දීමට සමත් විය. තරගාවලිය තුල එංගලන්ත පිතිකරුවන්ගේ දක්ෂතා වඩාත් කැපී පෙනෙන අතර මෙම තරග 3 දී ඔහු පිළිවෙළින් ලකුණු 87ක්, 76ක් හා 114ක් ලබා ගැනීම විශේෂත්වයකි.

පාකිස්තානය පිට පිට තරග 3ක දී ලකුණු 340ට වඩා වාර්තා කළ අතර එම තරග 3ම පරාජය වීම වඩාත් සුවිශේෂී වේ. කණ්ඩායම් දෙක අතර පස්වැනි එක්දින තරගය මැයි මස 19 වැනිදා (අද) පැවැත්වීමට නියමිතයි.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<