ජේස්න්ට නායක පදවියක් හිමිවන ලකුණු

715
Imege Courtesy - Getty Images

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ජේසන් හෝල්ඩර්ට එරට පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය හිමි වීමට ඉඩ ඇති බව වාර්තා වේ. ඒ එළඹෙන එංගලන්ත කණ්ඩායමත් සමඟ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා යි.

මාස 9කට පසු ICCයෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පුරා දින හයක් පුරා පැවැත්වූ විශේෂ රැස්වීමක් ඊයේ (02) ඩුබායි හිදී අවසන් විය. එහි දී විශේෂ සහ ප්‍රමුඛ…

කෙසේ වෙතත් මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පන්දුවාර විස්සයි විස්ස නායකයා ලෙස කටයුතු කරන්නේ කාර්ලෝස් බ්‍රත්වෙයිට්ය.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරමුණු කර ගනිමින් ජේසන් හෝල්ඩර්ට එරට පන්දුවාර විස්ස කණ්ඩායමේ නායකත්වය ලබා දීමට එරට ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ලෝක කුසලානය කරා යන ගමනේ දී කණ්ඩායමේ එකමුතුව වර්ධනය කරගැනීම සඳහා මෙම පියවර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙම තීරණය සඳහා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර්ගේ සහ පුහුණුකරු රිචඩ් පයිබස්ගේ අනුමැතිය සහ කැමැත්ත හිමිව ඇත. නමුත් මේ වන වන තෙක් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය මෙය නිල වශයෙන් නිවේදනය කර නොමැත.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් නිලධාරීන් පවසන්නේ මෙම තීරණය තුළින් වත්මන් පන්දුවාර විස්ස නායක කාලෝස් බ්‍රත්වෙයිට්ගේ පන්දුවාර විස්සයි විස්ස දිවියට කිසිදු බලපෑමක් සිදු නොවන බවයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය එළඹෙන 6 වැනිදා ආරම්භ වේ. එම තරගාවලියට තරග තුනක් ඇතුළත්. කොදෙව් කණ්ඩායම එළඹෙන මැයි මාසයේ දී අයර්ලන්තය සහ බංග්ලාදේශය සමඟ තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නියමිත වේ.

ජාදේව්- දෝනි ඕස්ට්‍රේලියාවෙන් පළිය ගනී

කේඩර් ජාදේව්ගේ සහ මහේන්ද්‍ර සිං දෝනිගේ නොබිදුණු විශිෂ්ට සබඳතාවය හේතුවෙන් සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති…

නමුත් එම තරගාවලියේ දී කොදෙව් කණ්ඩායම මහත් ගැටලුවකට මුහුණ දෙන්නේ ඔවුන්ගේ එක්දින කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් අට දෙනෙකු ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට මේ වන විටත් ගිවිසුම් ගත වී තිබීමයි.

කෙසේ වෙතත් ප්‍රතිපත්ති සහ නීති වෙනස් කිරීමක් මගින් එය වළක්වා ගැනීමට ද ඉඩ ඇති බව වාර්තා වේ. ඒ අනුව එම තරගාවලියේ දී යොවුන් කොදෙව් ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු එක්දින වරම් දිනා ගැනීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

කෙසේ වෙතත් මේ වන විට සුපිරි ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් නැවත කොදෙව් සංචිතය සංචිතයට ඇතුළත් වී තිබීම හේතුවෙන් එළඹෙන ලෝක කුසලානයේ දී කොදෙව් කණ්ඩායමට වැඩි දක්ෂතාවක් ප්‍රදර්ශනය කිරීමට හැකියාවක් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ගේල්ගේ උත්සහය අපතේ යයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති සිව්වැනි එක්දින තරගයේ සුවිශේෂි පිතිකරණ…

පසුගිය නොවැම්බර් මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන තේරිම් නිලධාරි කර්ට්නි බ්‍රවුන් මහතා පවසා සිටියේ එවකට සෑම පන්දුවාර විස්සයි විස්ස තරග මාලාවක්ම 2020 දී ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානයට සූදානම් වීම සඳහා යොදා ගන්නා බවයි. කෙසේ වෙතත් මේ දිනවල දී පැවැත්වෙන එංගලන්ත ක්‍රිකට් සංචාරයේ තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගත්තේ කොදෙව් කණ්ඩායමයි. මේ දිනවල පැවැත්වෙන එංගලන්තයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ද කොදෙව් ක්‍රීඩකයින් නැවතත් සිය දක්ෂතා අතරට පැමිණ තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<