මෙසී සිරගත කරයි ද?

367
Lional Messi

පසුගිය වසරේ ස්පාඤ්ඤ රජයට බදු ගෙවීම පැහැර හැරීම වෙනුවෙන් සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී හට ලබාදු න් මාස 21ක සිර දඬුවම, ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා ස්ථිර කරනු ලැබීය. කෙසේ වෙතත් මෙසී මේ සිර දඬුවම ලැබීම සඳහා සිරගත වේද, නොවේ දැයි මෙතෙක් තහවුරු වී නැත.

පුංචි පාපන්දු ලෝක කුසලානයේ ජය ලංකාවට හා ඇමරිකාවට

ජර්මානු තානාපති කාර්යාලය හා තාබිත් අහමඩ් පාපන්දු සමාජය එක්ව සංවිධානය කරන ලද…

ලයනල් මෙසී සහ ඔහුගේ මූල්‍ය පරිපාලක වන ජෝජ් මෙසී (ඔහුගේම පියා), පසුගිය වසරේ දී සිදු කළ බදු ගෙවීම් පැහැර හැරීම් නිසා ඔවුන් දෙදෙනාට අධිකරණ චෝදනා ගොනු වූ අතර ඔවුන් ගෙවීමට අපොහොසත් වී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 4.6ක අගයක් ගනියි.

ජෝජ් මෙසී විසින් යම් බදු මුදල් ප්‍රමාණයක් ගෙවා ඇති බැවින් ඔහුගේ දඬුවම ලිහිල් කර ඇතත් මෙසී කිසිදු බදු ගෙවීමක් සිදුකර නැති බැවින් ඔහුට දඬුවම හිමි වී ඇත. නමුත් ස්පාඤ්ඤ නීතියට අනුව වසර දෙකකට අඩු සිරදඬුවමක් පරිවාස භාරයේ ගත කළ හැක. ජෝජ් මෙසී හට ලැබුණු මාස 21ක සිරදඬුවම, මාස 15 දක්වා අඩු කොට තිබේ.

පස්වරක් “වසරේ පාපන්දු ක්‍රීඩකයා” සම්මානය හිමි කර ගත් ලයනල් මෙසීගෙන් මේ පිළිබඳව පසුගිය වසරේ ප්‍රශ්න කිරීමේ දී ඔහු පවසා සිටියේ,

“මා කරදර වුණේ පාපන්දු ක්‍රීඩාවේ යෙදීම ගැන පමණයි” යනුවෙනි.

නමුත් මේ සම්බන්ධව අධිකරණය කියා සිටියේ එතරම් විශාල මුදලක් ලබන කෙනෙකු ආදායම් බදු ගෙවිය යුතු බව නොදන්නේ නම් එය පදනම් විරහිත තර්කයක් බවයි. මෙසීගේ 2016 වාර්ෂික දල ආදායම, ඇමරිකානු ඩොලර් මිලියන 77කි.

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට