අන්තර් විශ්ව විද්‍යාලයීය පාපන්දු ශූරතාවය යාපනයට

190

2017 අන්තර් විශ්ව විද්‍යාලයීය පාපන්දු ශූරතාවලියේ අවසන් මහා තරග බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත්කළ යාපනය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

සහිරා විද්‍යාලයට තියුණු ජයක්

වයස අවුරුදු 18න් පහළ පළමුපෙළ පාසල් පාපන්දු තරගාවලියට සමගාමීව හමීඩ්, අල් හුසේයිනි විද්‍යාලය හා සහිරා විද්‍යාලය අතර පැවැත්වූ පාපන්දු තරගය ඊයේ (21) කොළඹ සිටි ලීග් පාපන්දු සංකීර්ණ පිටියේ දී පැවැත්විය.

එහි දී අවසන් තරගය ගෝල 1-0ක් වශයෙන් ජයග්‍රහණය කළ යාපනය විශ්ව විද්‍යාලය, 19 වන වරටත් මෙම වසරේ දී පැවති තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කරනු ලැබුවේ 13 වන වරටයි. ඒ අනුව ඔවුන් 1979, 1980, 1992, 1995, 1998, 2001, 2005, 2009, 2011, 2013, 2014, 2016 සහ 2017 යන වසරවල දී මෙම ශූරතාවය ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත. එමෙන්ම ඔවුන් 2010 සහ 2015 වසරවල දී තරගාවලියේ අනුශූරතාවයත්, 1977, 1982, 2004 සහ 2012 වසරවල දී තරගාවලියේ 3 වෙනි ස්ථානයත් දිනා ගන්නට සමත්ව ඇත.

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී යාපනය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම සහ මොරටුව විශ්ව විද්‍යාලයීය කණ්ඩායම තරග කළ අතර එහි දී තරගයේ නියමිත කාලය අවසානයේ කණ්ඩායම් දෙකම කිසිදු ගෝලයක් වාර්තා කර ගන්නට අපොහොසත් විය. ඒ අනුව තරගයේ තීරණය දඬුවම් පහර වටය වෙත යොමු වූ අතර එහි දී දඬුවම් පහර 4-1ක් ලෙස තරගයේ ජයග්‍රහණය හිමි කර ගන්නට යාපනය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

අනෙක් අවසන් පූර්ව තරගය පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය කණ්ඩායම අතර පැවති අතර එම තරගයේ නියමිත කාලය අවසානයේ කණ්ඩායම් දෙකම ගෝල 1-1ක් වශයෙන් සම තත්වයේ පසුවිය. ඒ අනුව එම තරගය ද දඬුවම් පහර වටයට යොමු වූ අතර එහි දී දඬුවම් පහර 4-3ක් වශයෙන් තරගය ජයග්‍රහණය කරන්නට පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරගාවලියේ 3 වන ස්ථානය සඳහා පැවති තරගය මොරටුව විශ්ව විද්‍යාලයීය කණ්ඩායම සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය කණ්ඩායම අතර පැවැත්විය. මෙම කණ්ඩායම් දෙක තරගාවලියේ පළමු වටයේ දී ද එකිනෙක තරග කළ අතර එහි දී එම තරගය දඬුවම් පහර වටයෙන් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය කණ්ඩායම සමත් වුවත් මෙම තරගය ගෝල 1-0ක් වශයෙන් ජයග්‍රහණය කරමින් තරගාවලියේ 3 වෙනි ස්ථානය දිනා ගැනීමට සමත් වූයේ මොරටුව විශ්ව විද්‍යාලයීය කණ්ඩායම යි.

යාපනය විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ රුහුණ විශ්ව විද්‍යාලය තරගාවලිය සඳහා A කාණ්ඩයෙන් එක්වූ අතර තරගාවලිය සඳහා B කාණ්ඩයෙන් එක්වුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, මොරටුව විශ්ව විද්‍යාලය සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය යි. තවදුරටත් අග්නිදිග විශ්ව විද්‍යාලය, නැගෙනහිර විශ්ව විද්‍යාලය සහ රජරට විශ්ව විද්‍යාලය C කාණ්ඩයෙනුත්, කොළඹ විශ්ව විද්‍යාලය, සබරගමුව විශ්ව විද්‍යාලය, වයඹ විශ්ව විද්‍යාලය සහ කැලණිය විශ්ව විද්‍යාලය D කාණ්ඩයෙනුත් තරගාවලිය සඳහා එක්විය.

තරගාවලියේ පළමු වටය අවසානයේ A කාණ්ඩයෙන් යාපනය විශ්ව විද්‍යාලය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයත්, B කාණ්ඩයෙන් මොරටුව විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයත්, C කාණ්ඩයෙන් අග්නිදිග විශ්ව විද්‍යාලය සහ නැගෙනහිර විශ්ව විද්‍යාලයත් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය.

තරගාවලියේ පළමු වටය අවසානයේ D කාණ්ඩයේ අපරාජිතව සිටි සබරගමුව විශ්ව විද්‍යාලයීය කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. එහි පළමු වටයේ දී කොළඹ විශ්ව විද්‍යාලයීය කණ්ඩායම හමුවේ ගෝල 2-1ක නොසිතූ ජයග්‍රහණයක් වාර්තා කර ගන්නට වයඹ විශ්ව විද්‍යාලයීය කණ්ඩායම සමත් වූ නමුත් ඔවුන් කැලණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම සමඟ පැවති තරගය පරාජයට පත්වීම නිසා කොළඹ විශ්ව විද්‍යාලයීය කණ්ඩායමට D කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම බවට පත්වන්නට හැකි විය.

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ කොළඹ විශ්ව විද්‍යාලය අතර පැවති තරගය නියමිත කාලය අවසානයේ ගෝල 1-1ක් වශයෙන් සම තත්වයේ පසු වූ අතර එය දඬුවම් පහර වටයෙන් ජයග්‍රහණය කරන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය කණ්ඩායම සමත් විය. අග්නිදිග විශ්ව විද්‍යාලය සහ යාපනය විශ්ව විද්‍යාලය සමඟ පැවති අර්ධ අවසන් පූර්ව තරගයේ ද තීරණය දඬුවම් පහර වටය වෙත යොමු වූයේ නියමිත කාලය අවසානයේ කණ්ඩායම් දෙකම ගෝල 2 බැගින් රැස්කරගෙන සිටි නිසාය. එහි දී දඬුවම් පහර වටය දඬුවම් පහර 4-2ක් ලෙස ජයග්‍රහණය කරන්නට යාපනය විශ්ව විද්‍යාලය සමත් විය.

සබරගමුව විශ්ව විද්‍යාලය සහ මොරටුව විශ්ව විද්‍යාලය අතර පැවති තෙවන අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේ ප්‍රතිඵලය ද තීරණය වූයේ දඬුවම් පහර වටයේ දී ය. එහි දී නියමිත කාලය අවසානයේ ගෝල 1-1ක් ලෙස තරගය සම තත්වයේ පසුවූ අතර එහි දී දඬුවම් පහර වටය ජයග්‍රහණය කරනු ලැබුවේ මොරටුව විශ්ව විද්‍යාලය යි. සිව්වන අර්ධ අවසන් පූර්ව වටයේ තරගය නැගෙනහිර විශ්ව විද්‍යාලයීය කණ්ඩායම ගෝල 3-2ක් ලෙස පරාජයට පත්කරමින් ජයග්‍රහණය කරනු ලැබුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායමයි.

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට