ටෙස්ට් පිටියෙන් නික්ම යාමට සැරසෙන පාකිස්තාන වේගපන්දු බලකණුව

294
Mohammad Amir

නිමාව දුටු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන්  සුවිශේෂී දස්කම් පෑ මොහොමඩ් අමීර් සීමිත පන්දුවාර තරග සඳහා තම උපරිම අවධානය ලබා දීමේ අරමුණින් ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව අද (26) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය.

මාලිංග වෙනුවෙන් කුසල් පෙරේරාගෙන් විශිෂ්ට ශතකයක්!

දශක එකහමාරක කාලයක් පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දර දිය ඇදි විශිෂ්ටයෙකු..

මේ බව ලිඛිතව සඳහන් කරමින් විශේෂ  ලිපියක් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත භාර දී ඇති අමීර් එම ලිපියෙහි ඔහුගේ ක්‍රිකට් දිවියේ ඉදිරි අරමුණු පිළිබඳව ඉතා පැහැදිලිව විග්‍රහකොට ඇති බව කියැවේ. ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලීන් සඳහා ජාතික කණ්ඩායම වෙනුවෙන් තම සේවය නොමඳව ලබා දීමට අපේක්ෂා කරන බවත්, ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් දැඩි කැපවීමකින් සහ උනන්දුවකින් යුතුව හොඳින් පෙර පුහුණුවීම් කටයුතුවල නිරතව සිටින බවත්ය.

ටෙස්ට් ක්‍රිකට් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන වැදගත්ම සහ ප්‍රධානතම අංගය කියලා හැඳින්වුවොත් මම නිවැරදි. ඒ වගේ සුවිශේෂීත්වයක් උසුලන තරග ආකෘතියක දී පාකිස්තානය නියෝජනය කරමින් තරග කරන්න ලැබෙනවා කියන්නේ ඒක මගේ ජීවිතයේ ලබපු ලොකුම භාග්‍යයක් වගේම ගෞරවයක්.”

මගේ එකම අරමුණ තවත් වසර කිහිපයක් පාකිස්තානය නියෝජනය කරලා කලින්ටත් වඩා මගේ හැකි උපරිමය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා දෙන්න. මම මගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ දැඩි අවධානයක් ලබා දීලා කටයුතු කරනවා මොකද ඉදිරියේ දී විස්සයි විස්ස ලෝක කුසලානය වගේ අභියෝගාත්මක තරගාවලි කිහිපයකට අපිට මුහුණ දෙන්න තියෙන නිසා.”

කවුරුත් නොදන්නා මාලිංග කවුරුත් දන්නා මාලිංග වූ හැටි ආදරණීය පුහුණුකරුගේ චවනයෙන්

මීට අවුරුදු විස්සකට පෙර එන්. සී. සී පුහුණු දැල තුළ දී තම පන්දු යැවීමේ සීමාව වෙත පියමන් කරන..

27 වැනි වියෙහි පසුවන අමීර් ටෙස්ට් තරග 36ක දී පාකිස්තාන කණ්ඩායම නියෝජනය කර ඇති අතර වයස අවුරුදු 17 දී ඔහු තම පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ භාග්‍ය උදාකර ගන්නේ කුඩා කළ සිටම දැක්වූ විශිෂ්ට දක්ෂතාවන්හී ප්‍රතිඵලයක් වශයෙනි. 

කෙසේ නමුත් අවාසනාවකට මෙන් අමීර්ගේ ක්‍රිකට් දිවියේ ස්වර්ණමය  කාලපරිච්ඡේදය සිරගතව ගතකිරීමට ඔහුට සිදු වූයේ 2009 දී එංගලන්තයට එරෙහිව ලෝර්ඩ්ස් ක්‍රීඩා පිටියේ පැවති ටෙස්ට් තරගයක් අතරතුර දී තරගය පාවාදීමට තැත් කිරීම ඇතුළු  චෝදනාවන් කිහිපයකට වරදකරු වූ නිසාවෙනි.

එම අමිහිරි මතකයන් සමුදාය පසෙකින් තබා නැවත වතාවක් 2016 වසරේ දී තරගකාරී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ආගමනය වූ අමීර් 2017 වසරේ එංගලන්තයේ දී පැවති ශූරයින්ගේ කුසලානය පාකිස්තාන කණ්ඩායම වෙත දිනා දීමේ පුරෝගාමි මෙහෙවරක් ඉටු කළ කැපී පෙනෙන සාමාජිකයෙකු ලෙසින් බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ ගෞරවාදරයට පාත්‍ර විය.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ කළමනාකාර අධ්‍යක්ෂක ධූරය හොඹවන වසීම් ඛාන් මහතා, නොයෙකුත් බාධක කම්කටොළු හැලහැප්පීම්  මධ්‍යයේ නොසැලී ඉදිරියට පවත්වා ගෙන ආ අමීර්ගේ ක්‍රීඩා දිවිය පිළිබඳ තම හඬ අවදි කරමින් සඳහන් කර සිටියේ අමීර් යනු මෑත කාලීනව බිහි වූ සුපිරිතම වමත් ටෙස්ට් වේගපන්දු යවන්නන්ගෙන් අයෙකු බවයි.

නවසීලන්තයෙන් පැමිණි බෙන් ස්ටෝක්ස්ට එංගලන්තයෙන් රහසින් ආධාර

මීට වසර තුනකට පෙර ඔහුගේ පන්දුවාරයක් හමුවේ පහසුවෙන් දිනා ගැනීමට තිබූ විස්සයි විස්ස ලෝක…

ඔහු ක්‍රීඩකයෙක් විදිහට බොහෝමයක් කරදර බාධක මැද්දේ හිස සෘජුව තබාගෙන කටයුතු කරපු කෙනෙක් ඒ නිසා මම හිතනවා ඔහු නැවත වතාවක් තරග පිටියට අවතීර්ණ වුනේ වෙනස්ම සහ මානසිකව වඩාත් ශක්තිමත් පුද්ගලයෙකු ලෙස කියලා. ඔහුගේ හැකියා දක්ෂතාවන් නැවත වතාවක් ටෙස්ට් තරග පිටියේ දී දැකගන්නට බැරි වීම ගැන හිතේ පොඩි කනගාටුවක් තියෙනවා නමුත් අපි ඔහුගේ තීරණයට ගරු කරලා ඉදිරියේ දී තියෙන සීමිත පන්දුවාර තරගාවලි සඳහා හොඳ සැලසුමක් හදන්න බලාපොරොත්තු වෙනවා.”

තවදුරටත් ටෙස්ට් පිටියෙන් තම නික්ම යාම පිළිබඳ අදහස් දක්වමින් අමීර් ප්‍රකාශ කර සිටියේ තමන්ගෙන් පසු ඉදිරියට පැමිණීමට නියමිතව සිටින වේගපන්දුවේ අනාගත පරපුර හට මෙය මහඟු වන අවස්ථාවක් බවයි.

ටෙස්ට් ලෝක ශූරතාවට තවත් වැඩි කාලයක් ඉතිරි වෙලා නැහැ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා අපි සතුව ඉන්න නවක දක්ෂ වේග පන්දු යවන්නන් මේ අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගනී කියලා සහ කණ්ඩායම ගමන් කරන දිශානතිය පිළිබඳ හරියාකාරව සැලසුම් නිර්මාණය කරන්නත් උපකාරී වේවි කියලා.”

මම මේ අවස්ථාව උපයෝගී කරගන්නවා මගේ කණ්ඩායමේ සඟයින් සියලු දෙනාටමත් මම එදිරිව සටන් කරපු මගේ ප්‍රතිවාදී කණ්ඩායම්වල තරගකරුවන් සියල්ලටත් මගේ ස්තූතිය පුදකරන්න.මම ටෙස්ට් ක්‍රීඩාවට සමුදුන්නත් ඉදිරියේ දී සුදු පන්දුවෙන් පැවැත්වෙන තරගාවලි වලදී ඔබලා සියල්ලම නැවත වතාවක් මුණගැහේවී කියලා බලාපොරොත්තු වෙනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<