ක්‍රිකට් බේරීමේ වගකීම ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට භාරයි – සිදත් වෙත්තමුණි

836
Sidath Wettimuny
AFP PHOTO

ශ්‍රී ලංකාව නියෝජනය කළ හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සියලු දෙනාම පාහේ බලා සිටින්නේ ජනාධිපතිතුමන් හා අගමැතිතුමත් පිත්ත රැගෙන තණතිල්ලට පිවිස ක්‍රිකට් ක්‍රීඩාවේ හෙට දවස රැකගන්නා තුරු බව හිටපු අතුරු පාලක කමිටු සභාපතිවරයෙකු වන සිදත් වෙත්තමුණි මහතා පවසා සිටිනවා.

Sunday Times පුවත් පතට අදහස් දක්වමින් වෙත්තමුණි මහතා මේ අදහස් පල කළේ ක්‍රීඩා ඇමතිතුමා සමඟ පැවති හමුවකින් අනතුරුවයි.

හතුරුසිංහට, චන්දිමාල්ට හා ගුරුසිංහට තරග හයක් තහනම්

ස්වාධීන අධිකරණ නිලධාරි ගරු මයිකල් බෙලොෆ් මහතා අද (16) ශ්‍රී ලංකා නායක දිනේෂ්..

වත්මන් තත්වයන් තුල ක්‍රිකට් ක්‍රීඩාව යලි නගාසිටුවීම පිළිබඳ මේ හමුවීම පැවැත්විය.

“යම් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණා, ඇමතිතුමා ක්‍රීඩාව වෙනුවෙන් යම් දෙයක් කරන්න උනන්දු වන බව දුටුවා, කාලයට තමයි කියන්න පුළුවන් ඒක කොහොම වෙයි ද කියලා, මට කියන්න පුළුවන් දේ නම් ව්‍යවස්ථාව වෙනස් වන තුරු, ක්‍රිකට් පාලක මණ්ඩලයට ක්‍රීඩාවේ සුබසාධනය සඳහා වැඩ කරන හොඳ පරිපාලක නිලධාරීන් ලැබෙන තුරු අපි දිගින් දිගටම පසුපසට යනවා පමණයි” වෙත්තමුණි මහතා පවසා සිටියේය.

“අපිට අපේ නායකයා, පුහුණුකරු හා කළමනාකරුවා යන තිදෙනාම නැති වුනේ දුර්වල පරිපාලන තීරණ නිසා, අපිට හොඳ පාලක මණ්ඩලයක් සිටියා නම් මම හිතන්නේ නැහැ මේ වගේ තත්වයක් උදා වෙයි කියලා, ඒක තමයි මගේ අදහස, වුන දේ ඉතාම නරකයි සහ අපිට එය සිදු නොවිය යුතුව තිබුණා, මම හිතන්නේ මේ දේවල් වුනේ නිසි අරමුණක් හා පරිපාලනයේ දුර්වලතා නිසා.”

“අපි සියලු දෙනාම ක්‍රිකට් ක්‍රීඩකයින් වශයෙන් පැහැදිලි කළා — මට කතා කරන්න පුළුවන් මගේ මතය පමණයි — මේ තැන පිරිසිදු කර නිසි ව්‍යවස්ථාවක් සකස් කරන තුරු ඉදිරියට යන්න කිසිම පියවරක් ගන්න බෑ, මම හිතන්නේ වත්මන් අමාත්‍යවරයා, ජනාධිපතිවරයා හා අගමැතිවරයාට තමයි මේක නිවැරදි කරන්න පුළුවන්”

ක්‍රීඩකයෝ හැම වෙලාවෙම කියා සිටියේ ඕනෑම සැලැස්මක් සඳහා අගමැතිගේ හෝ ජනාධිපතිගේ සහයෝගය ආශීර්වාදය තියෙන්න ඕන කියලා, අපිට මේකට එකතු වෙන්න ඕන නැහැ, මේක හරිම ව්‍යාකුලයි, ඉතින් මම හිතන්නේ ජනාධිපතිතුමා හා අගමැතිතුමා එකතු වෙලා ක්‍රිකට් ක්‍රීඩාවට යමක් කරන්න ඕන, එහෙම වුනේ නැත්නම් අපේ ක්‍රිකට් ක්‍රීඩාව වැටිලා තියෙන තත්වයටත් වඩා පහලට වැටෙනවා, 2019 දී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එනවා, ඉතින් මම හිතනවා ඇමතිතුමා මේ ගැන බොහොම හොඳින් දන්නවා කියා, එතුමා බොහෝ දෙකෙන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා, ඔහු දන්නවා විය යුත්තේ කුමක්ද කියලා, ඔහුට සිදුවෙයි ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් හා කතා කරලා මේ ගැටලුව විසඳන්න.”

ඔහු තවදුරටත් පවසා සිටියේ හිටපු ක්‍රිකට් විශිෂ්ටයින් නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා බොහොම සතුටින් දායක වනු ඇති බවයි.

“ICC යත් අනුමත කරන ව්‍යවස්ථාවක් — මම කලින් කියූ ආකාරයට අපිට කියා තිබෙනවා දකුණු අප්‍රිකානු සහ අයර්ලන්ත ක්‍රිකට් ව්‍යවස්ථාවන් අනුගමනය කරන්න කියලා, ඒ රටවල් දෙකම ව්‍යවස්ථා වෙනස් කරා සහ දැන් ඒවා විශිෂ්ට ලෙස ක්‍රියාත්මක වෙනවා”

“මොන කමිටුව පත් වුනත් ඔවුන් නව ව්‍යවස්ථාව සඳහා යෝජනා ගෙනෙන්න ඕන, එම යෝජනා පාර්ලිමේන්තුවට භාර දීලා ඔවුන් ඉල්ලා අස්වෙන්න ඕන, පාර්ලිමේන්තුව එම ව්‍යවස්ථාව සාකච්ඡා කර බලා ඔවුන්ට හැකි නම් තවත් කමිටුවක් හෝ අතුරුපාලක කමිටුවක් පත් කරන්න ඕන එම ව්‍යවස්ථාව නිසි ලෙස පිහිටුවන්න.”

“මිනිසුන් තේරුම් ගන්න උවමනා කරුණ තමයි හිටපු ක්‍රීඩකයින්ට නිලවරණයට ඇවිත් තරග කරන්න තරම් උනන්දුවක් නෑ, මෙතැන දී මට මම ගැන පමණයි කියන්න පුළුවන්, මම නිලවරණවලට තරග කරන්නේ නැහැ, අපි හැමෝටම ඕන හොඳ ව්‍යවස්ථාවක් ස්ථාපිත කරන්න, එවිට ක්‍රිකට් පාලක මණ්ඩලයට තරග කරන්නට ඕනෑම අයෙකුට හැකි වේවි, එවිට  ඔවුන් තේරී පත්වෙන්නේ දේශපාලනයෙන් තොර, දූෂණයෙන් තොර ස්ථාවර ව්‍යවස්ථාවක් මගින්, එවිට ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන්න පැමිණෙන පුද්ගලයින්ගේ තත්වය වඩා ගුණාත්මක වේවි. මම හිතන්නේ ඒක තමයි ප්‍රධානතම කරණය, හොඳ නමක් තිබෙන මිනිසුන් ගරු කරන පාලකයින් අපගේ ක්‍රිකට් පරිපාලනයට එක් වෙන එක, ව්‍යවස්ථාව ශක්තිමත් වෙන්න ඕන එසේ පැමිණෙන එකදු අයෙකුටවත් නැවතත් මේ පද්ධතිය තුලට දූෂණය ගෙන එන්න බැරි වෙන්න”

“අපි ක්‍රිකට් ක්‍රීඩකයින් සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ අමාත්‍යවරයාට මේ දෙය කරන්න ධෛර්ය ලැබේවා කියල, මට විශ්වාසයි ඔහු දන්නවා කළ යුතු දෙය”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<