මෙය එංගලන්ත ඉතිහාසය වෙනස් කළා – ප්ලන්කට්, බට්ලර්

562
AFP

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට එක්දින ලෝක කුසලාන ජයග්‍රහණය කරන්නට එංගලන්තය පසුගිය ඉරිදා (14) සමත් විය. එය එංගලන්ත ක්‍රිකට් ඉතිහාසයේ විශාල හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇති බව තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ලෝක කුසලානය දිනා ගත් එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් වන ලියම් ප්ලන්කට් හා ජොස් බට්ලර් පවසා තිබේ.

සුපිරි පන්දුවාරයෙන් ලෝක කුසලානය මහ රැජිනගේ දේශයට

ලන්ඩන් නුවර ‍ඵෙතිහාසික ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (14) නිමාවට පත් වූ 12 වැනි…

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 241ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් එංගලන්ත ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ද ලකුණු 241කි. ඒ අනුව තරගයේ තීරණය සුපිරි පන්දුවාරයකින් තීරණය වූයේ දෙපිළම සම ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම හේතුවෙනි. 

කෙසේ නමුත් සුපිරි පන්දුවාරයේ දී ද දෙපිලම ලබාගත් ලකුණු මට්ටම් සම වීම නිසා දැනට පවතින ක්‍රිකට් නීතිරීති අනුව තරගයේ දී එල්ල කළ 4 පහර හා 6 පහර ප්‍රමාණය අනුව ජය හිමි වූයේ එංගලන්ත කණ්ඩායමටයි.

“කියලා නිම කරන්න බැහැ දැනෙන සතුට. මේ දවස අපිට කවදාවත් අමතක වෙන එක්ක නැහැ. මේ ලෝක කුසලානය එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂ්‍යයක් වුනා.” 

“අපි 2005 වසරේ අළුබඳුන කුසලානය ජයග්‍රහණය කළ වෙලාව වගේම තමයි දැනුත් මේ දවස අපිට ඉතාමත් විශේෂයි. එංගලන්තයේ ක්‍රිකට් සංස්කෘතිය අනෙක් රටවල් වල වගේ නෙමේ ටිකක් වෙනස්. මම තරු වාසනාව වගේ ඒවා ලොකුවට විශ්වාස කරන්නේ නැහැ. නමුත් එහිත් යම් බලපෑමක් තියෙනවා කියලා මට තේරුණු මුල්ම අවස්ථාව මේකයි”  යැයි අවසන් මහා තරගයේ දී ලකුණු 42කට කඩුලු 3ක් දවා ගත් වේගපන්දු යවන ක්‍රීඩක ලියම් ප්ලන්කට් පැවසීය. 

ලොව පළමු ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වුණේ 1975 වසරේ වන අතර එදා සිට වසර 44ක් ගත වනතුරුත්  ලොවට ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දුන් එංගලන්තයට ක්‍රිකට් ලෝක ශූරතාවයක් දිනා ගැනීම සිහිනයක් වුවත් පසුගිය දා එම සිහිනය සැබෑවක් බවට පත්විය.

ධර්මසේනට හා එරැස්මස්ට අවසන් තරගයේ දී වැරදුණා ද?

2019 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය කිසිවෙකු නොසිතූ විරූ අවසානයකට ළඟා…

“කේන් විලියම්සන්ගේ කඩුල්ල දවා ගන්න මට පුළුවන් වුනා. ඔහුව ඉතාමත් ඉක්මනින්ම මේ තරගයේ දී දවා ගන්න පුළුවන් වුන එක අපිට ලොකු සවියක් වුනා මේ තරගය ජය ගන්න.” යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ ප්ලන්කට් පවසන ලදි.

එංගලන්ත මුල්පෙළ කඩුලු කිහිපයක් නොසිතූ ලෙසින් ඉක්මනින්ම බිඳ වැටීමත් සමඟින් එංගලන්ත ක්‍රීඩකයෝ තරමක් අසීරු මට්ටමකට පැමිණි නමුත් අනතුරුව එංගලන්ත ඉනිමේ සාර්ථකම කඩුලු සබඳතාවය ලකුණු පුවරුවට එක් කිරීමට බෙන් ස්ටොක්ස් සහ කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් සමත් වූහ. ඔවුන් දෙදෙනා එක්ව 5 වන කඩුල්ලට ලකුණු 110ක වටිනා ලකුණු ප්‍රමාණයක් ලබාගෙන මේ තරගය මෙවැනි මට්ටමකට ගෙන ඒමට අවශ්‍ය මූලික අඩිතාලම සකසන ලදි. 

බට්ලර් පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 59ක් ලබා සිටිය දී දැවී ගියේ ලොකී ෆර්ගියුසන්ගේ පන්දුවක් හමුවේයි.

එංගලන්තයට එරෙහි සුපිරි පන්දුවාරය යැවීම සඳහා නවසීලන්තය ට්‍රෙන්ට් බෝල්ට් කැඳවූ අතර පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ ස්ටොක්ස් සහ බට්ලර් ය. ඔවුන් දෙදෙනා එක්ව හතරේ පහර 2ක් ද සමඟින් නියමිත පන්දු හය තුල ලකුණු 15ක් ලබා ගත්තේය. 

ICC විසින් 2019 ලෝක කුසලානයේ සංචිතය නිකුත් කරයි

සත්කාරක එංගලන්තයට ලෝක ශූරතාවයත්, නවසීලන්තයට එහි අනුශූරතාවයත් හිමිකර …

“ඒ තරගයේ දී අන්තිම ටිකේ වුනේ මොකක්ද කියලා මට තාම හිතාගන්න බැහැ. 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුල්ම වටෙන් ඉවත් වුනු අපේ කණ්ඩායම එදා ඉඳන් ක්‍රියාත්මක කළ වසර 4 වැඩපිළිවෙළ ඉතාමත් හොඳින් සාර්ථක වුනා. එහෙම වුනේ නැත්නම් අපිට මේ ලෝක  එක්දින ලෝක කුසලානය දිනා ගන්න වෙන්නේ නැහැ.” 

“මට අවසන් දුවද්දී දැවී යාම කරන්න බැරි වුනා නම්, අපේ ඒ සැලසුම් ඔක්කොම වල ප්‍රතිඵලය එක් පන්දුවකින් වෙනස් වෙන්න තිබ්බා. ඒ දුවද්දී දැවී යාම කරන්න ගත වුනු තත්පර 10ක වගේ කාලයේ දී මම ඇත්තටම ජීවත් වෙනවා කියලා මට දැනුණා. මොකද ඒ අවස්ථාවේ දැනුණ පීඩනය ගොඩක් විශාලයි.” යැයි අවසන් මොහොතේ තීරණාත්මක දුවද්දී දැවී යාම සිදු කළ දවා ගත් බට්ලර් පැවසීය.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<