ඉස්රායෙල් ඩැග්, රග්බි පිටියෙන් සමුගනියි

331

නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායමේ ෆුල් බැක් ක්‍රීඩකයා මෙන්ම ලොව පුරා ජනප්‍රිය ක්‍රීඩකයෙකු වූ ඉස්රායෙල් ඩැග් රග්බි දිවියට සමුදීමට තීරණය කොට තිබෙනවා.

30 හැවිරිදි ඩැග් හට මෙම තීරණය ගැනීමට සිදුව ඇත්තේ ඔහුට දිගින් දිගටම වධ දෙමින් තිබූ දණහිස් ආබාධයක්. වයස අවුරුදු 18 දී වෘත්තීය රග්බි ක්‍රීඩාව ඇරඹූ ඔහු 2010 සිට 2017 වර්ෂය දක්වා ඕල් බ්ලැක්ස් කණ්ඩායම නියෝජනය කළා. එහි දී රග්බි ප්‍රේක්ෂකයන්ට මතක හිටින ධාවනයන් රැසක්, තරග 66ක් තුළ ප්‍රදර්ශනය කරන්නට ඔහු සමත් වුනා.

ඕල් බ්ලැක්ස්, කෲසේඩර්ස් සහ හෝක්ස් බේ කණ්ඩායම් නියෝජනය කරන්නට ලැබීම ගෞරවයක්. ඒ ජර්සි හඳින්නට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා. ඔහු New Zealand Herald හමුවේ කියා තිබෙනවා.

Add – Dagg 2 – news.com.au – ඉස්රායෙල් ඩැග්, තරගයකදී උත්සාහක දිනුමක් වාර්තා කරමින්

2011 ලෝක කුසලාන ශූර ඕල් බ්ලැක්ස් කණ්ඩායමේ ෆුල් බැක් ක්‍රීඩකයා ද වූ ඩැග්, කෲසේඩර්ස් කණ්ඩායම වෙනුවෙන් පිට පිටම 2017 සහ 2018 සුපර් රග්බි ශූරතාවයන් ද ජය ගත් කණ්ඩායම නියෝජනය කළා.

2019 රග්බි තරග වාරය වෙනුවෙන් පමණක් ඔහු කෲසේඩර්ස් කණ්ඩායම සමඟින් ක්‍රීඩා කිරීම ගැන ඔහු සතුටු වන බව ද ඔහු පවසා තිබෙනවා.

මගේ පැත්තෙන්, මම නව අභියෝග කිහිපයකට මුහුණ දීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම මගේ ළාබාල පවුලත් එක්ක වැඩියෙන් කාලය ගතකරන්න බලාපොරොත්තු වෙනවා.” ඔහු එසේ කියුවත් රග්බි ප්‍රේක්ෂකයන් හට නැවත ජාත්‍යන්තර රග්බි පිටිය මත ඩැග්ගේ දස්කම් දකින්නට වාසනාව නොලැබීම කනගාටුවට කරුණක්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<