කසුන්ගේ පිතිහරඹයෙන් තර්ස්ටන් පිල ඉදිරියෙන්

307
කසුන්ගේ පිතිහරඹයෙන් තර්ස්ටන් පිල ඉදිරියෙන්

53 වන සහෝදරයන්ගේ සංග්‍රාමයේ තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම සඳහා කසුන් අබේරත්න විසින් නොදැවී ලබාගත් ලකුණු 125ත් සමඟ තර්ස්ටන් විද්‍යාලය පෙරමුන ගෙන පසු වෙයි.

SSC පිටියේදී ඊයේ ඇරඹුණු තරඟයේ තර්ස්ටන් කණ්ඩායම් නායකත්වය චරණ නානායක්කාර ද, ඉසිපතන කණ්ඩායම් නායකත්වය සාලින්ද උෂාන් විසි න්ද දරන අතර මොවුන් දෙදෙනාම  19න් පහල ජාතික කණ්ඩායම නියෝජනය කරයි.

 පළමු දිනයේ ඡායාරෑප අැල්බමය 

ඉසිපතන විද්‍යාලය කාසියේ වාසිය දිනාගත් අතර සියල්ලන්ම මවිතයට පත් කරමින් ඔවුන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී පිලට ලබා දුන්හ.එහි වාසිය තමන් වෙතම තබා ගත් තර්ස්ටන් කණ්ඩායමේ ආරම්භක ක්‍රීඩක යුගල වන කසුන් අබේරත්න සහ සාලින්ද සමරනායක පන්දුවාර 13 බෝල 2 වනතෙක් ලකුණු 37 ක සබදතාවයක් ගොඩනැගූ අතර ප්‍රමෝද් මදුවන්තගේ පන්දුවක් හමුවේ සාලින්ද දැවී ගියේය.තර්ස්ටන් උප නායක සජිත් ගුණතිලක හා කසුන් එක්ව දෙවන විකට්ටුව සඳහා ලකුණු 70ක අනගි සම්බන්දතාවක් ගොඩ නැගුහ. තර්ස්ටන් ඉනිම පන්දුවාර 45 බෝල 5 කදී ලකුණු 107 ලබා සිටියදී හේෂාන් ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ සජිත් දැවී ගියේය.

ඉසිපතනයේ ප්‍රබල පන්දුයවන්නෙකු වන ළහිරු  දිල්ෂාන් ගේ පන්දු සඳහා තර්ස්ටන් පිල අවනත නොවන බවක් පෙනෙන්නට තිබුණි. නායක චරණ නානායක්කාර හට ද පිත්තෙන් එතරම් සමත්කම් පෙන්වීමට ඊයේ දිනයේදී නොහැකි විය. ප්‍රමෝද් මදුවන්ත විසින් ඔහුව දවා ගන්න ලදී. ඉවසිමෙන් හා ප්‍රවේශමෙන් ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැදී සිටි අරම්භක පිතිකරු කසුන් අබේරත්න විසින් සිය ශතකය 81වන පන්දුවාරයේදී සපුරා ගත්තේය.

දිනය අවසන් වනවිට පන්දුවාර 95ක් අවසානයේ කඩුලූ 3 පමණක් දැවී ලකුණු 252 ලබා තර්ස්ටන් පිල ප්‍රබල ස්ථානයක පසුවිය. ඉසිපතන කණ්ඩායමට ඉතා හොඳ තරගයක් දෙමින් ඔවුන්ව ඉතා අසීරු තත්වයකට පත්කළ තර්ස්ටන් පිල දෙවන දිනයේදී ද ඉතා හොඳ අභියෝගයක් සිය ප්‍රතිවාදීන් වෙත එල්ල කරන බවට නොඅනුමානයි.

තරඟය සජිවීව නරඹන්න