ඉසිපතන තර්ස්ටන් මහා සංග්‍රාමය හෙටයි

724

බ්ලැකම් විජේවර්ධන අනුස්මරණ කුසලානය වෙනුවෙන් කරට කර තරඟ වදිනා ඉසිපතන විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර මහා ක්‍රිකට් සංග්‍රාමයත් සමඟ පාසල් ක්‍රිකට් උන්මාදයේ ආරම්භ වී ඇත. මෙම තරඟයන් පෙබරවාරි මස 26 සහ 27 යන දෙදින තුළ කොළඹ SSC පිටියේදී උදෑසන 9.30 ආරම්භ වීමට නියමිතය.

ක්‍රිකට් ගැටුමේ ඉතිහාසය

තරඟ 52 ක් පැවැත්වුව ද, තරඟ තීරණයන් ලබා දිය හැකි ලෙසින් නිමා වූයේ තරඟ 9 ක් පමණි. ඉසිපතනය මෙහිදී තරඟ 4 ක් දිනා සිටින අතර හොද තරඟයක් ලබා දෙමින් තරඟ 5 ක ජය ලබා ගැනීමට තර්ස්ටන් විද්‍යාලයද සමත් වී ඇත. අන් සියලු තරඟ ජය පැරදුමකින් තොරව අවසන් වූ ඒවාය. අවසන් වරට ජය පැරදුම තීරණය වෙමින් අවසන් වූ තරඟය 1999 වසරේ දී පැවැත්වූ තරඟය වන අතර එහි ජයග්‍ර‍ණය ලබා ගත්තේ තුෂාන්ත ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් ඉසිපතන විදුහල් පිළයි. තර්ස්ටන් විදුහල සිය අවසන් ජයග්‍ර‍ණය වාර්ථා කළේ 1992 වසරේදී මැකන්සි පෙරේරාගේ නායකත්වයෙන් යුතුවයි.

විදුහල් දෙක අතර ක්‍රිකට් ඉතිහාසයේදී තනි ක්‍රීඩකයෙක් ලබා ගත් ඉහළම ලකුණු ප්‍රමාණයට තවමත් හිමිකම් කියන්නේ 2002 වසරේදී සමන් නිශාන්ත විසින් ඉසිපතන විදුහල වෙනුවෙන් රැස් කළ ළකුණු 150 ය. එසේම මෙතෙක් කල් පෙන්නුම් කළ හොඳම පන්දු යැවීම වාර්ථා වන්නේ 1996 දී නුවණ් සොයිසා විසින් ලබා ගත් කඩුළු 10 වාර්තාවය.

පාසල් දෙකම ජාතික මට්ටමේ ක්‍රීඩකයින් විශාල ප්‍ර‍මාණයක් බිහි කර ඇති අතර ඔවුන් අතරට තර්ස්ටන් විදුහලෙන් බිහි වූ අමිත ද කොස්තා, නිරෝෂන් බණ්ඩාරතිලක, හේමන්ත බොතේජු, ළහිරු ගමගේ සහ ඉසිපතන විදුහලෙන් බිහි වූ ජයන්ත පරණතාල, සුරේෂ් පෙරේරා, සංජීව වීරසිංහ යන ක්‍රීඩකයින් ඇතුළත් වේ.

ඉසිපතන විදුහල

ශ්‍රී ලංකා 19 න් පහළ සංචිතයේ සාමාජික සහ පස් වන වසර වර්ණලාභී සාලින්ද උෂාන්ගේ නායකත්වයෙන් යුත් ඉසිපතන විදුහල් පිළ තරඟ 20 කින් 3 ක් එක දිගට ජයග්‍ර‍ණය ලැබීමට සමත් වූ කණ්ඩායමකි. එම ජයග්‍ර‍ණයන් ලබා ඇත්තේ අනුරාධපුර මධ්‍ය මහා විදුහල, කලුතර හොලි ක්‍රොස් විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක මධ්‍ය මහා විද්‍යාලය අතර පැවති තරඟ වලිනි. ඔවුන් පළමු ඉනිම් 14 අතර තුරදී ද ජයග්‍ර‍ණ වාර්ථා කර ඇති අතර මේ වනවිට සිංගර් SLSCA 19 න් පහළ කාණ්ඩයේ අවසන් පූර්ව වටයටද සුදුසුකම් ලබා ඇත.

Isipathana College Captainසාලින්ද සහ කඩුළු රකින පිතිකරු විශාද් රන්දික හට මෙවර තරඟ සඳහා සහභාගී වීමට අවස්ථාව නොලැබුණේ ඔවුන් සතුව පැවති ජාතික මට්ටමේ කැපවීම් ආදිය හේතුවෙනි. නමුත් රාජකීය විදුහල සමඟ පැවති මහා පාසල් ක්‍රිකට් තරඟය අවස්ථාවේදී විශාද් රන්දික විසින් අපූරු පිතිහරඹයක් පෑවේ ලකුණු 199 ක් වාර්ථා කරමිනි.

සිය පිළෙහි පිතිකරුවන් දෙදෙනෙකු විසින් ලකුණු 1000 මට්ටම ඉක්මවා යමින් තබා ඇති වාර්තාවෙන් දැඩි අභිප්‍රේරණයක් ලබා ඇති ඉසිපතන පිළට ළකුණු රැස් කිරීම එතරම් අභියෝගාත්මක නොවනු ඇති බවට සැකයක් නොමැත. ප්‍රමෝද් ද ජාතික මට්ටමේ තරඟ ක්‍රීඩා කර අත්දැකීම් ලැබූවෙක් වන අතර ඔහු පසුගිය ඔක්තෝබර් මාසපකිස්ථානය සමඟ පැවති තරඟයේදී 19 න් පහළ ශ්‍රී ලංකා පිළ නියෝජනය කළ කණ්ඩායමේ අයෙක්ය.

දක්ෂ දඟපන්දු යවන ක්‍රීඩක මධුවන්ත කඩුළු 65 ක් ලබා ඇති අතර වමතින් දඟ පන්දු යවන නවක ක්‍රීඩක ළහිරු දිල්ෂාන්, ක්‍රීඩකයකින් 57 දෙනෙක් අතරින් තෝරාගත් ක්‍රීඩකයෙක් වේ. කඩුළු 60 ක් ලබා ගත් දකුණතින් දඟ පන්දු යවන ක්‍රීඩක ඉවන්ක සංජුල ද කණ්ඩායමට ශක්තියකි.

 ඉසිපතන විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම  

තර්ස්ටන් විදුහල

ශ්‍රී ලංකා 19 න් පහළ සංචිතයේ සාමාජික සහ පස් වන වසර වර්ණලාභී චරන නානායක්කාරගේ නායකත්වයෙන් යුත් තර්ස්ටන් විදුහල් පිළ මෙවර වඩාත් ශක්තිමත් ලෙසින් තරඟයට මුහුණ දෙනු ඇත්තේ  සිංගර් SLSCA19 න් පහළ තරඟාවලියේදී පැවති තරඟ 17 කින් 7 ක් ජයග්‍ර‍ණය කිරීමේ පන්නරයත් සමඟිනි. කෙසේ වෙතත් ඔවුන් එහි අර්ධ අවසන් තරඟයෙන් පරාජයට පත් වූයේ ශාන්ත සර්වේසස් විදුහල හමුවේය.

Thurstan College Captainලකුණු 500 කට වැඩි ප්‍ර‍මාණයක් රැස් කළ කණ්ඩායමේ උප නායක සජිත් ගුණතිලක පිති හරඹය පැත්තෙන් දස්කම් පානු ඇති අතර කඩුළු රකින පිතිකරු සාලින්ද සමරනාක සහ කසුන් අබේරත්න කෙරෙහි ද විශාල බලාපොරොත්තු තබා ඇත. ඉමේෂ් විරංග සහ ඉෂිත විජේසුන්දර ද ඉතා හොඳ පිතිකරුවන් ලෙසින් නම් දරා ඇත.

වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයින් යුගලක් වන දිලාන් මධුෂංක සහ නවීන් ගුණවර්ධන කඩුළු 100 කට ආසන්න ප්‍ර‍මාණයක් වාර්තා කර ඇති අතර කඩුළු 50 ක් පමණ ලබා ඇති පිට දඟ පන්දු යවන තුෂල් මධුෂංකද මෙවර සංචිතයට ඇතුළත් වේ.

වේග පන්දු යවන ඉෂිත විජේසුන්දර, නිපුන් ලක්ෂාන් සහ චරන නානායක්කාර ද ජයග්‍ර‍ණය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇති බවට අපේක්ෂිතය.

 තර්ස්ටන් විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම 

කාළගුණය සහ පිටියේ ස්වභාවය

එක් දිනයකදී පන්දු වාර 95 ක් ක්‍රීඩා කළ හැකි අන්දමේ පැහැබර සහ දීප්තිමත් කාළගුණික තත්ත්වයක් අපේක්ෂිතය. SSC ක්‍රීඩාංගණයේ අනන්‍යතාවයක් ලෙසින් එය මුලින් වේග පන්දු යවන්නන්ට හිතකර ලෙසින් පැවතී පසුව පිතිකරැවන්ගේ සුරපුරක් බවට පත් වෙනු ඇත.

අවසාන වශයෙන්

රක්ත වර්ණිත ඉසිපතන කණ්ඩායම වසර 17ක ජය පැරදුමෙන් තොර තරඟයන් අවසන් කිරීමට දැඩි කැපවීමෙන් යුතුව තරඟයට එළැඹෙනු ඇති අතර ඔවුන්ට අභියෝගාත්මක තරඟයක් ලබා දීම තර්ස්ටන් විදුහලේ අභිප්‍රියයි. පාසල් දෙකේම ක්‍රීඩකයින් සිය ක්‍රිකට් රසිකයින්ට වඩාත් හොඳ තරඟයක් ලබා දෙමින් එක් අරමුණක, එනම් ජයග්‍ර‍ණයේ සිත පිහිටුවාගෙන යහපත් ලෙසින් තරඟ වැදීම වැදගත් වේ.

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com දින දෙක මුළුල්ලේම, උදෑසන 9.30 සිට තරඟ විස්තර සජීවීව ඔබ හමුවට ගෙන ඒමට සූදානම්ය.

 තරඟාවලිය සජිවීව නැරඹීමට මෙතනින් පිවිසෙන්න