පාසල් දෙකක වාර්ෂික සහෝදරත්වයේ ගැටුම ලබන මාර්තුවේ

357
Thurstan v Isipathana Annual Cricket Encounter - Press Conference

තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර වාර්ශීකව පැවැත්වෙන සහෝදරත්වයේ ක්‍රිකට් තරඟය පිළිබද මාධ්‍ය හමුවක් පසුගිය දා SSC ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙහිදී අනාවරණය වූ පරිදි පාසල් දෙක අතර මහා ක්‍රිකට් තරඟය පෙබරවාරි මස 26 සහ 27 යන දෙදින SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

 මාධ්‍ය සාකච්ඡාවේ ඡායාරෑප 

මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍ය සහ අමුත්තන් අමතමින් පළමුවෙන් අදහස් ප්‍ර‍කාශ කල ඉසිපතන විද්‍යාලීය ක්‍රිකට් කමිටුවේ උපසභාපතිතුමන් පවසා සිටියේ “ඉසිපතනය සතුව ශක්තිමත් පිතිකරුවන් පෙළක් සිටිනවා. එයට 19 න් පහළ ලෝක කුසලාන කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් දෙදෙනෙක් ද ඇතුළත් වෙනවා. ඉසිපතන කණ්ඩායමට නායකත්වය ලබාදෙන සලිදු අශාන් එසේ 19 න් පහළ ලෝක කුසලාන තරඟාවලිය නියෝජනය කළ කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙක් වීම අපට ආඩම්බරයක්. අපේ සමස්ත කණ්ඩායම ම පරිපූර්ණ එකක්” යනුවෙනි.

තර්ස්ටන් විදුහලේ උප සභාපතිතුමන් ද සිය හඩ අවදි කරමින් පවසා සිටියේ “අපේ ක්‍රීඩකයින් ඉතාමත් උද්‍යෝගයෙන් යුතුව මෙම තරඟය උදා වන තෙක් බලා සිටිනවා. අපේ නායක චාරන 19 න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක් වීම අපට අභිමානයක්” යනුවෙනි. මෙම 53 වන වාර්ෂික ක්‍රිකට් තරඟය සඳහා මෙවර සත්කාරකත්වය දක්වන්නේ තර්ස්ටන් විදුහල විසිනි.

තරඟාවලිය සදහා ප්‍රධාන අනුග්‍රහකත්වය කේබල් නිෂ්පාදන ආයතන දෙකක් විසින් දරණ අතර මෙම අවස්ථාව LED තිර භාවිතා කරමින් සජිවීව විකාශනය කිරීමත්, ගිනි කෙළි සංදර්ශන සහ තවත් බොහෝ සුවිශේෂී අංගයන් ද භාවිතයට ගැනීමටත් සංවිධායකවරැන් සැලසුම් කර ඇත.

‍ම‍ෙහිදී අදහස් පළ කළ ඉසිපතන විද්‍යාලයීය විදුහල්පතතුමන් අවධාරණය කර සිටියේ කිසිදු ගැටලූවකින් තොර සාමකාමී සහ සුහදශීලී හොද ක්‍රීඩා කිරීමක් තමන් බලාපොරොත්තු වන බවයි. කණ්ඩායම් දෙකම වෙනුවෙන් සිය හෘදයාංගම සුබ පැතුම් එක් කළ ඔහු ඉසිපතන විද්‍යාලයට සහය දක්වන සියලූ දෙනාට පැමිණ ක්‍රීඩකයින් දිරිමත් කරන ලෙසින් ඉල්ලා සිටියේය.

තර්ස්ටන් විදුහලේ විදුහල්පතිතුන් මෙහිදී කියා සිටියේ කණ්ඩායම් දෙක අතර ශක්තිමත් බැදීමක් පැවතිය යුතු බවයි. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ කිසිදු ආකාරයක ඛෙදීමක් කණ්ඩායම් අතර නොතිබිය යුතු බවත් එසේම පාසල් නියෝජනය කරමින් පැමිණෙන ක්‍රීඩා ලෝලීන් දෙපිරිසද සුහදශීලීව මෙය නැරඹීම කළ යුතු බවත්ය. තවද ඉසිපතනය සතුව හොද කණ්ඩායමක් ඉන්නවා, ඉතින් අපි හොද තරඟයක් බලාපොරොත්තු වෙමු යනුවෙන්ද වැඩිදුරටත් ඔහු ප්‍ර‍කාශ කර සිටියේය.

මෙම අවස්ථාවේදී ඉසිපතන විද්‍යාලයේ නායක සලිදු අශාන් ද අදහස් ප්‍ර‍ාශ කරමින් කියා සිටියේ ප්‍රතිවාදී කණ්ඩායමට දැඩි තරගකාරීත්වයක් ලබා දිය හැකි විශාල ඉලක්කයක් අප සතුව තිබිය යුතුයි. අපේ ප්‍රධානතම අරමුණ ජයග්‍රහණයයි. අපි සමස්ත ලංකා ලැයිස්තුවේ පවා ප්‍රමුඛ ස්ථානයක රැදී සිටිනවා. අප තරඟ 17 ක් ක්‍රීඩා කර 15 මක් ජයග්‍රහණය කළ කණ්ඩායමක්. සංජුල අබේවික්‍රම ලකුණු 1000 ක් රැස් කිරීමට සමත්ව තිඛෙනවා. එසේම ප්‍රමෝද් මධුවන්ත ළකුණු 900 කට ආසන්න ප්‍රමාණයකුත්, අයන සිරිවර්ධන ළකුණු 650 කුත් ලබා ගැනීමට සමත්ව තිඛෙනවා. ප්‍රමෝද් මධුවන්ත, ළහිරු දිල්ෂාන් සහ ඉවන්ක සංජුල කඩුළු 60 ක් ලබා ගත් කී්‍රඩකයින්ද යනුවෙනි.

තර්ස්ටන් විදුහල් කණ්ඩායමේ නායක චාරනද සිය හඩ අවදි කරමින් පවසා සිටියේ “සෑම ක්‍රීඩකයෙක්ම උදේ‍යා්ගීමත්ව තරඟය සදහා සූදානම්ව සිටිනවා. මට මගේ කණ්ඩායම කෙරෙහි දැඩි විශ්වාසයක් පවතිනවා. මෙය අපේ 53 වන ක්‍රිකට් තරඟයයි. අප සතුව ඉතා හොඳ පන්දුයවන්නන් පිරිසක් සිටින අතර අපේ ක්‍රීඩා උපදේශකයින් පවා අපට ලබා දෙන්නේ ඉහළ සහයෝගයක්. ඉතින් අපි සියලූ දෙනාටම අවශය මෙවර කුසලානය අප විදුහල සෙවණට ගෙන ඒමයි“ යනුවෙනි.

පසුව කණ්ඩායම් දෙකේම නායකයින් කුසලානය සමග ඡායාරූපවලට පෙනී සිටියහ.