ඉසිපතනයට නව රග්බි නායකයෙක්

1287

කොළඹ ඉසිපතන විද්‍යාලයේ කළමනාකරණ හා සංවර්ධන කමිටුව විසින් මනිල්ක සුලක්ෂණ ඔවුන්ගේ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නව නායක ලෙස පත්කර ඇත.

පාසල් රග්බි ලීගය ලබන මාර්තුවේ; ආකෘතියේ වෙනසක් නැහැ

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් 2018 වර්ෂයටත් සංවිධානය කරනු ලබන පාසල් රග්බි..

තවද සුලක්ෂණ ප්‍රමුඛ කණ්ඩායමේ උප නායකයා ලෙස නස්රන් නිලාමුඩීන් පත්ව ඇත. ඔවුන් දෙදෙනාම තෙවන වසරේ වර්ණලාභීන් වන අතර, ඔවුන්ගේ විද්‍යාලයේ රග්බි ඉතිහාසය තුල අඩුම වයසින් කණ්ඩායම් නායකත්වයට පත්වූ ක්‍රීඩකයා ලෙස වයස අවුරුදු 17ක් වන සුලක්ෂණ ඉතිහාසයට එකතු වනු ඇත. එම නිවේදනය නිල වශයෙන් නිකුත් කිරීම සිදුකරන ලද්දේ, ඉසිපතන විද්‍යාලයේ විදුහල්පති වන ප්‍රේමසිරි ඈපා මහතා විසිනි.

ක්‍රීඩක විනය සම්බන්ධයෙන් රග්බි බලධාරීන් තදින්

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පසුගිය සති අන්තයේ තරගවල දී වාර්තා වූ නුසුදුසු..

ඉසිපතන විද්‍යාලය ගියවර රග්බි ලීගය අවසන් කළේ, රාජකීය විද්‍යාලයට පමණක් දෙවැනි වෙමින් එහි අනුශූරතාවය දිනා ගනිමිනි. ඔවුන්ගේ පුහුණුකරු ලෙස ලසන්ත ද කොස්තා මහතා ක්‍රියා කරනු ලබන අතර, ගියවර ලීගයේ දී ඔවුන් තරග 10කට සහභාගි වෙමින් ඉන් තරග 8ක් ජයග්‍රහණය කළේය. තවද එම ලීගයේ වැඩිම උත්සාහක දිනුම් ප්‍රමාණයක් ලබා ගත්තේ ද ඉසිපතන විද්‍යාලය විසිනි.

උසින් අඩි 6ක් පමණ වන සුලක්ෂණ ගියවර ලීගයේ ඉසිපතන රග්බි කණ්ඩායමේ සෙන්ටර් ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා කළ අතර, එම තරගාවලිය තුල ඔහු කැපීපෙනෙන දස්කම් දැක්වීමට සමත් විය. උස අඩි 5 අඟල් 8ක් වන නස්රන් නිලාමුඩීන් අවසන් වසරේ ක්‍රීඩකයෙක් වන අතර ඔහුගේ දේහ ස්කන්ධය කිලෝග්‍රෑම් 73කි.

2018 වර්ෂයේ පාසල් රග්බි ලීගය ලබන වසරේ මාර්තු මස ආරම්භ වීමට නියමිතව ඇත.

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<