ISAC හෙටින් ඇරඹේ

434
ISAC

ශ්‍රී ලංකාව පුරා විහිදී ඇති ජාත්‍යන්තර පාසල් සහභාගීත්වයෙන්, 16 වන වරටත් පත්වන ISAC හෙවත් අන්තර්-ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරඟාවලිය මාර්තු මස 4, 5 සහ 6 යන දිනයන්හි දී දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර පිටියේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

මෙවර තරඟාවලියේ සංවිධායකත්වය හා මෙහෙයවීම, නුගේගොඩ ලයිසියම් පාසල මඟින් සිදුකරයි. සෑම වසරකටම වරක් පැවැත්වෙන මෙම තරඟාවලිය ශ්‍රී ලංකාව පුරා විහිදී ඇති ජාත්‍යන්තර පාසල් සහා ඉතා වැදගත් වන අතර මෙම පාසල් වල අධ්‍යාපනය හදාරන දරු දැරියන් හට සිය ක්‍රිඩා  කුසලතා හදුනා ගැනීමට හා එලි දැක්වීමට ඇති මහගු අවස්ථාවක් ද වේ.

ප්‍රථම වරට 2001 දී සංවිධානය කෙරුණු මෙම ශුරතාවලිය එදා මෙදා තුර ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් බිහිකිරීමට සමත් වු එකකි. ඔවුන් අතර ෂෙහාන් අඹේපිටිය, කීත් ද මෙල්, රොෂාන් චාමර, නදීෂානි හෙන්ඩර්සන්, ඉරේශනී රාජසිංහ, ආසිරි විජේසේකර, පුර්නිමා ගුණරත්න ඇතුළු තව කිහිප දෙනෙකු පසුගිය වසර කිහිපය තුල  ජාත්‍යන්තර කෙළිබිමේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රටට විශාල කීර්තියක් දිනා දෙන්නට සමත් විය.

මෙවර තරඟාවලියට ජාත්‍යන්තර පාසල් 24 සහභාගි වීමට නියමිත අතර 3000කට ආසන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් රන් පදක්කම් 130 වෙනුවෙන් කරට කර තරයක් දෙනු නොඅනුමානයි.වයස අවරුදු 7,  9, 11, 13, 15, 19 හා 20න් පහල, බලක බාලිකා වශයෙන් සියලුම තර පැවැත්වේ. මෙවර තරඟාවලිය ද ශ්‍රී ලංකා ජාතික ආධුනික මලල ක්‍රීඩා සංගමයේ පුර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වීමට නියමිතය.