ඉර්ෆාන් පතාන් ක්‍රිකට් දිවියට තිත තබයි

98
Irfan Pathan

ඉන්දියාවෙන් බිහිවුණු තවත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන වමතින් වේගපන්දු යවන ඉර්ෆාන් පතාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට ඊයේ (4) තීරණය කර තිබේ. 

ත්‍රිත්ව සහ සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට ජයග්‍රාහී දිනයක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන තවත්

ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 29ක්, එක්දින තරග 120ක් සහ විස්සයි විස්ස තරග 24ක් ක්‍රීඩා කර තිබෙන පතාන් එහි දී කඩුලු 301ක් දවාගෙන ඇත.

වයස අවුරුදු 19 දී ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගන්නා පතාන් ඕස්ට්‍රේලියාවට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළේය. එහි දී ඔහුට මැතිව් හේඩ්න්ගේ කඩුල්ල පමණක් දවා ගැනීමට හැකියාව ලැබුණු නමුත් ඉන්දියාව ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හිදී පැවැත්වුණු එම තරගය කඩුලු 4ක් ජයග්‍රහණය කිරීමට සමත් විය.

අනතුරුව 2004 වසරේ දී සහ 2006 වසරේ දී පිළිවෙළින් ජාත්‍යන්තර එක්දින සහ විස්සයි විස්ස වරම් දිනා ගත් පතාන් තරග අංශයන් තුන තුලම ඉන්දියාවේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙක් බවට පත්විය.

2006 වසරේ දී පාකිස්තානය සමඟ පැවති ටෙස්ට් තරගයක දී කඩුලු ත්‍රිත්වයක් දවා ගන්නා පතාන් 2007 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ වීරයා බවට පත්වෙමින් එම වසරේ පන්දුවාර 20 ලෝක කුසලානය ඉන්දියාවට දිනා දීම වෙනුවෙන් පතාන් සුවිශේෂී දස්කම් දක්වන ලදි. 

පන්දුවෙන් පමණක් නොව පිතිකරණයෙන් ද දස්කම් දක්වමින් සිය තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කළ ඔහු පසුපෙළ පිතිකරුවෙක් ලෙස පමණක් නොව, ආරම්භක පිතිකරු සහ අංක 3 පිතිකරු ලෙස ද ක්‍රීඩා කර තිබේ.  

ටෙස්ට් තරග 29ක දී ඉනිම 40 ක්‍රීඩා කරමින් ලකුණු 31.57ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන ඇත්තේ, ශතකයක් සහ අර්ධ ශතක 6ක් වාර්තා කරගෙනයි. පතාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන විට එක්දින සහ විස්සයි විස්ස පිටියේ ඔහුගේ දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 23.39 සහ 24.57ක් වැනි සැලකිය යුතු හොඳ මට්ටමක තිබුණි.

නව දශකයේ ලැබෙන පළමු අභියෝගය කෙසේ වෙයි ද?

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුතු ජාත්‍යන්තර

කෙසේ නමුත් 2008-12 යන කාල පරාසය තුල ඔහුගේ පන්දුවේ වේගය අඩාල වීම සහ පන්දුව දෝලනය කිරීමේ අඩුව නිසා ඔහුට ඉන්දීය සංචිතය තුල රැඳී සිටීමට අපහසු වූ අතර ඉන්දීය ප්‍රිමියර් ලීගය තුල දී ද දිල්ලි ඩෙයාඩෙවිල්ස් (දිල්ලි කැපිටල්ස්) කණ්ඩායම නියෝජනය කරමින් දස්කම් දැක්වීමට ඔහු සමත් වුවත් 2017 වසරින් පසුව ඔහුගේ IPL කොන්ත්‍රාත්තුව අලුත් වූයේ නැත.

වයස අවුරුදු 35ක් වන පතාන් 2012 වසරේ දී දකුණු අප්‍රිකාව සමඟ ක්‍රීඩා කළ ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයෙන් පසුව යළිත් වතාවක් ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා සහභාගී වීමට අවස්ථාවක් උදා වූයේ නැත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<