ශ්‍රී ලංකාවට එරෙහිව තරග පාවාදීමට ගොස් වැඩ වරදියි

803

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුර පාකිස්තානු කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඩ් හට තරග පාවාදීමකට අනුබල දීමක් සිදු කරනු ලැබීම නිසා ඉර්ෆාන් අන්සාරි හට දඬුවම් ලකුණු 3ක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

පළමු පෙළ වාර්තා වී ඇති ද්විත්ව ශතක

පසුගිය මාසයේ දී මෙරට ප්‍රමුඛතම පළාත් තරගාවලිය අවසන් වූයේ ගාල්ල ක්‍රිකට් කණ්ඩායමට ශූරතාවය …

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දේශීය ක්‍රිකට් කණ්ඩායම් කිහිපයක පුහුණුකරුවෙකු ලෙස ක්‍රියා කරනු ලබන ඉර්ෆාන් අන්සාරී පාකිස්තානු පුරවැසියෙකි. ඔහු එරට ක්‍රීඩා සමාජ කිහිපයකම ප්‍රධාන පුහුණුකරු ලෙස මේ දක්වාම කටයුතු කර ඇති නමුත් ඊයේ (10) සිට එම පුහුණුකාරිත්වය තාවකාලිකව අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ඉහත සිදුවීම නිසා අන්සාරී ජාත්‍යන්තර ක්‍රිකට් නීති හා රීති වල තිබෙන දූෂණ අක්‍රමිකතා ඇතුළත් නීතිමය රාමුවේ 2.3.2, 2.3.3 හා 2.4.6 යන වගන්ති තුනක් මූලික වශයෙන් කඩකර ඇති බව දැනට පවත්වා තිබෙන පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ. පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය කළ දැනුම් දීමකට අනුව මෙම මූලික පරීක්ෂණය සිදුකර ඇත.

උක්ත සිදුවීම සිදු වූ දිනයේ දී ම (අබුඩාබි හිදී පැවති එක්දින තරගයේ) පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම් නායකයා වන සෆ්රාස් අහමඩ්, අන්සාරී විසින් කළ යෝජනාව වහාම ප්‍රතික්ෂේප කරමින් සිය කණ්ඩායමේ කළමනාකරු ඇතුළු ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් වෙත එම සිදුවීම පිළිබඳව එසැනින්ම දැනුම් දී තිබේ.

අන්සාරී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන සෑම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් අතරතුරම එක් එක් ජාතික ක්‍රිකට් කණ්ඩායම් සහභාගි වන පුහුණු සැසි සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා සමාජ නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් යොමු කරනු ලබයි.

මැයි මස 19 වැනිදා සිට දින 14ක් ඇතුළත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන පරීක්ෂණයට ඉර්ෆාන් අන්සාරී විසින් කරුණු දැක්විය යුතු අතර අනතුරුව ඔහු පිළිබඳව ඉදිරි තීරණයක් ගනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<