සුනිල්ගේ ශතකය අයර්ලන්තය හඬවයි!

179

නවක ක්‍රීඩක සුනිල් ඇම්බ්‍රයිස්ගේ විශිෂ්ට ශතකය හේතුවෙන් ඊයේ ලකුණු 327ක දැවැන්ත ලකුණු පුවරුවක් හඹා ගොස් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හැකි විය. ඒ සත්කාරක අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත් කරමිනි.

ෆකාර්ගේ ශතකය පරදා බට්ලර්ගේ ශතකය එංගලන්තයට ජය ගෙනෙයි!

පාකිස්තානය හා එංගලන්තය අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ ඊයේ (11) පැවති දෙවන…

ඒ අනුව මෙම තුන්කොන් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය තවමත් රැකගෙන සිටින්නේ කොදෙව්වන්ය. දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් බංග්ලාදේශයට සහ අයර්ලන්තයට හිමිවී ඇත.

තරගාවලියේ සිව්වැනි තරගය ලෙස ඊයේ “ද විලේජ්” හිදී ඇරඹුණු තරගයේ කාසියේ වාසිය අයර්ලන්ත කණ්ඩායමට හිමි විය. ඒ අනුව ඔවුන් මුලින් පන්දුවට පහර දීමට ගත් තීරණය දුර්වල තීරණයක් නොවන්නේ නියමිත පන්දුවාර 50 තුල ඔවුන් ලකුණු 327ක් රැස්කර ගන්නට සමත් වීම නිසයි. සුපුරුදු පරිදි ඒ සඳහා හොඳ ආරම්භයක් දකුණත් පිතිකරු පෝල් ස්ටර්ලින්ගෙන් හිමි විය. ඔහු ඊයේ පන්දු 98කට මුහුණ දෙමින් ලකුණු 77ක් ලබා ගත්තේ හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟයි.

නමුත් අයර්ලන්ත ඉනිමේ වඩාත්ම සාධනීය ඉනිම ක්‍රීඩා කළේ මේ දිනවල හොඳින් ලකුණු අතර සිටින ක්‍රීඩකයෙකු වන ඇන්ඩි බැල්බර්නි විසිනි. ඔහු අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසෙමින් පන්දු 124ක් තුල දී ප්‍රවේගකාරී ලකුණු 135ක් රැස් කිරීමට සමත් විය. ඇන්ඩිගේ මෙම ප්‍රහාරයට දැකුම්කළු හතරේ පහර 11ක් සහ දැවැන්ත හයේ පහර 4ක් ඇතුළත් විය. කලක සිට යම් අසාර්ථකත්වයක් පෙන්නුම් කරන නායක පොටර්ෆීල්ඩ් ඊයේ දිනයේත් ලකුණු 3කට දැවී ගිය ද ඇන්ඩිගේ ශතකය අයර්ලන්ත ඉනිම ස්ථාවර කිරීමට දැවැන්ත ශක්තියක් විය.

ඉනිමේ අවසන් කොටසේ දී ලකුණු පුවරුව 300 ඉක්මවා යාමට අයර්ලන්තයට පිහිට වූයේ දක්ෂ පළපුරුදු පිතිකරුවෙකු වන කෙවින් ඕ’බ්‍රයන්ගේ මල්වෙඩි සන්දර්ශනයයි. කවදත් ප්‍රහාරයට කැමැත්තක් දක්වන ඕ’බ්‍රයන් ඊයේ තමාට රිසිසේ පහර එල්ල කිරීමට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් පන්දු 40කින් ලකුණු 63ක් ලබා ගත්තේය. ඒ හතරේ පහර ත්‍රිත්වයක් සහ හයේ පහර ත්‍රිත්වයක් සමඟයි. පන්දු යැවීමේ දී දකුණත් පිතිකරු ශැනොන් ගැබ්‍රියෙල් කඩුලු 2ක් දවා ගනිද්දී කෝට්‍රල්, හෝල්ඩර් සහ කාටර් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

මුම්බායි සමඟ ගැටෙන්නට චෙන්නායි සුදුසුකම් ලබයි!

නම ගිය පිතිකරුවන් දෙදෙනෙක් වන ශේන් වොට්සන් සහ ඩු ප්ලෙසිස් ලබා දුන් සුපිරි ආරම්භයත්, පන්දු යවන්නන්ගේ සාමූහික…

ඕනෑම පන්දු බල ඇණියකට එරෙහිව වුවද ලකුණු 300ට වැඩි ඉලක්කයක් හඹා යාම තරමක අභියෝගයක් වුවද කොදෙව් පිළ කිසිදු අවස්ථාවක තරගය තමන්ගෙන් ගිලිහෙන්නට ඉඩ තැබුවේ නැත. ඒ ඔවුන් නිරන්තරයෙන් ලකුණු සබඳතා ගොඩ නගමින් ශක්තිමත් ඉනිමක් ගොඩ නැගූ බැවිනි. කෙසේ වෙතත් ඒ අතරින් වඩාත්ම කැපී පෙනෙන ඉනිම ක්‍රීඩා කළේ 26 හැවිරිදි දකුණත් ආරම්භක පිතිකරු සුනිල් ඇම්බ්‍රයිස් විසිනි. ඔහු පන්දු 126කට මුහුණ දෙමින් ලකුණු 148ක් ලබා ගත්තේ අයර්ලන්ත ජයග්‍රහණය බලාපොරොත්තු සෝදා දමමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 19කින් සහ එක් හයේ පහරකින් හැඩවිය.

මීට අමතරව අනෙක් පිතිකරුවන් ද ඔහු වටා තම ඉනිම ගොඩ නැගූ අතර තරගයේ නිමාව වේගවත් කිරීමට ජොනතන් කාටර් පන්දු 27කින් නොදැවී ලබාගත් ලකුණු 43 උපකාරී විය. මීට අමතරව මැදපෙළ පිතිකරුවන් ලෙස රොස්ටන් චේස් ලකුණු 46ක් ද, ජේසන් හෝල්ඩර් ලකුණු 36ක් ද රැස්කර ගත්තේය. ඒ අනුව පන්දුවාර 48 සම්පූර්ණ වන්නට පෙරම ලකුණු 331ක් ලබා ගනිමින් කඩුලු 5ක පහසු ජයක් ලබා ගැනීමට කොදෙව්වන්ට හැකි විය. තරගයේ වීරයා සම්මානය හිමි වූයේ සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ සුනිල් ඇම්බ්‍රයිස්ටයි.

ICC දූෂණ විරෝධී අංශයට තවත් ශ්‍රී ලාංකිකයෙක් හසුවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කාර්යසාධක විශ්ලේෂකයෙකු (performance analyst) වන සනත් ජයසුන්දර මහතා…

තරගාවලියේ තවත් තරග 3ක් ඉතිරිව ඇති අතර මීළඟ තරගය හෙට කොදෙව්වන් සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතව ඇත. මෙම තරගය තරමක් සුවිශේෂී වන්නේ කොදෙව්වන් මෙම තරගාවලියේ මුල් වරට බංග්ලාදේශය හමු වූ අවස්ථාවේ කඩුලු 8ක පරාජයකට මුහුණ දීම නිසයි.

අයර්ලන්තය – කඩුලු 5ක් දැවී ලකුණු 327 (පන්දුවාර 50) ඇන්ඩි බැල්බර්නි 135, පෝල් ස්ටර්ලින් 77, කෙවින් ඕ’බ්‍රයන් 63, මාර්ක් අඩේර් 25*, ශැනෝන් ගැබ්‍රියෙල් 2/47, ජොනතන් කාටර් 1/19, ජේසන් හෝල්ඩර් 1/55.

බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 5ක් දැවී ලකුණු 331 (පන්දුවාර 47.5) සුනිල් ඇම්බ්‍රයිස් 148, රොස්ටන් චේස් 46, ජොනතන් කාටර් 43, ජේසන් හෝල්ඩර් 36, ශයි හෝප් 30, ඩැරන් බ්‍රාවෝ 17, බෝයිඩ් රෑන්කින් 3/65, පෝල් ස්ටර්ලින් 1/14, ජොශුවා ලිට්ල් 1/78.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<