අබු ජායෙඩ් තම ස්ථානය තහවුරු කර ගනී

120

අයර්ලන්ත ක්‍රීඩක පෝල් ස්ට්‍රීන්ගේ ශතකයත්, බංග්ලාදේශ ක්‍රීඩක අබු ජායෙඩ්ගේ පන්දු යැවීමත් අතර දෝලනය වූ තරගයේ දී තමිම් ඉක්බාල්, ලිටන් දාස් සහ ශකිබ් අල් හසන් ද එක් වෙමින් අයර්ලන්තය කඩුලු 6කින් පරාජය කිරීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ පෙරමුණ ගත්හ.

ශ්‍රී ලංකා A සමඟ සටනට ප්‍රබල ඉන්දීය කණ්ඩායමක්

මේ මස 25 වැනිදා සිට ජුනි 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය තරග…

අයර්ලන්ත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය වූ මෙය ඊයේ (15) ඩුබ්ලින් හි ක්ලොන්ටාර්ෆ් ක්‍රිකට් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්විය.

මෙම තරගයේ දී 28 හැවිරිදි පෝල් ස්ට්‍රින්ග් ශතකයක් ලබා ගත්ත ද එය තරගයේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවූයේ බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ ආක්‍රමණකාරී පිතිහරඹයන් හේතුවෙනි. එසේම බංග්ලාදේශ නවක ක්‍රීඩක අබු ජායෙඩ්ගේ පන්දු යැවීම ද තරගය පුරා කැපී පෙණුනි. කෙසේ වෙතත් කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයෝ තරගයට මෙන් දැවැන්ත ලකුණු පුවරු නිර්මාණය කළේ ඔවුනොවුන්ට එරෙහිව එක්දින තරග ඉතිහාසයේ හොඳම ඉනිම් වාර්තා කරමිනි.

කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 292ක් ලබා ගත්තේ ය. එම ඉනිම බංග්ලාදේශයට එරෙහිව අයර්ලන්තය ලබා ගන්නා ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ද වේ. ඔවුන් මීට පෙර බංග්ලාදේශයට එරෙහිව වාර්තා කරගෙන සිටි හොඳම ඉනිම වී තිබුණේ 2007 වසරේ දී කඩුලු 7කට ලබා ගත් ලකුණු 243යි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 294ක් ලබා ගත්තේ තරගය අවසන් වීමට තවත් පන්දුවාර 7ක්ම ඉතිරිව තිබිය දී ය. එම ඉනිම අයර්ලන්තයට එරෙහිව බංග්ලාදේශය එක්දින තරග පිටියේ වාර්තා කළ හොඳම ඉනිම බවට පරිවර්තනය විය. ඔවුන්ගේ තරග වාර්තා පොත්වල මෙතෙක් ලියැවි තිබුණේ 2008 වසරේ දී ඩකා හිදී කඩුලු 7කට ලබා සිටි ලකුණු 293යි.

“එංගලන්තය තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන එක මට නම් විනෝදයක්” – ගප්ටිල්

ඕස්ට්‍රේලියාවේදී සහ නවසීලන්තයේදී පැවති 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත්…

ආරම්භක දකුණත් පිතිකරු පෝල් ස්ට්‍රින්ග් පන්දු 141කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 130ක් ලබා ගත්තේ ය. එය ඔහුගේ එක්දින තරග දිවියේ 8 වැනි ශතකයයි. ඔහු සහ නායක විලියම් පොටර්ෆීල්ඩ් එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 174ක සබඳතාවක් ගොඩ නැගූහ.

එය අයර්ලන්තය වෙනුවෙන් තෙවැනි කඩුල්ලට එක්වූ හොඳම ලකුණු සබඳතාව ද විය. මීට පෙර එහි වාර්තාව ලෙසින් ලකුණු 138 අවස්ථා දෙකක දී වාර්තා වී තිබුණි. 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හෝබර්ට් හිදී එඩ්මන්ඩ් ජොයිස් සහ ඇන්ඩි බල්බ්‍රින් ද නැවත වතාවක් ඇන්ඩි බල්බ්‍රින් සහ නිල් ඕබ්‍රයන් 2018 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී හරාරේ හිදී ස්කොට්ලන්තය සමඟ පැවති තරගයේ දී ද එකී වාර්තාවන්ට හිමිකම් කීහ.

අයර්ලන්තයට ඉනිමට එරෙහිව දකුණතින් වේගපන්දු යවන 25 හැවිරිදි අබු ජායෙඩ් ලකුණු 58කට කඩුලු 5ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. තම දෙවැනි එක්දින තරගයට සහභාගී වන අබු ජයෙඩ්ගේ හොඳම පන්දු යැවීම ද මෙය වන අතර ඔහුගේ දක්ෂතා වෙනුවෙන් තරගයේ වීරයා ලෙසින් ද ඔහු සම්මානයට පාත්‍ර කළේය.

බංග්ලාදේශ පිළිතුරු ඉනිමේ අර්ධ ශතක 3ක් එක් විය. ඔවුන්ගේ පළමු කඩුල්ලේ සබඳතාවම ලකුණු 117කි. එහි දී තමිම් ඉක්බාල් පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තේ ය. අනෙක් ආරම්භක පිතිකරු ලිටන් දාස් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 76කි. ඔහුගේ ඉනිම පන්දු 67කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 9ක් සහ හයේ පහරක් ඇතුළත් විය.

AK-47 සහ තලෙයිබාන් ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ

‘සටන්කරුවන් විසින් සතුටින් විඳින එකම දෙය ක්‍රීඩාව විය හැකි’ යැයි යුධ ප්‍රධානීන් කියයි. ඒ සටන් නොමැති…

බංග්ලාදේශ ඉනිමේ අනෙක් අර්ධ ශතකලාභියා වූයේ ශකීබ් අල් හසන් ය. පන්දු 51කට මුහුණ දුන් ඔහු හතරේ පහර 4ක් සමඟින් ලකුණු 50ක් ලබා ගෙන පිටියෙන් ඉවත් වූයේ ඇති වූ ආබාධයක් හේතුවෙනි. ඊට අමතරව මුශ්ෆිකර් රහීම් (35) සහ මහමුදුල්ලා (35) ද ලකුණු අතරට පිවිසෙමින් බංග්ලාදේශයේ ජයග්‍රහණයට සහයෝගය දැක්වූහ. මුශ්ෆිකර් රහීම් පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් තම ඉනිමට ඇතුළත් කර ගනිද්දී, මහමුදුල්ලා නොදැවී පිටියේ රැඳී සිටියේ පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර සහ හයේ පහර 2 බැගින් එල්ල කරමිනි.

කඩුලු ලබා ගැනීමේ දී බොයිඩ් රැන්කින් ලකුණු 48කට කඩුලු 2ක් දවා ගත් අතර මාර්ක් අදයිර් සහ බැරි මැකර්ති කඩුල්ල බැගින් දවා ගත්හ.

මෙම තරගය පැවැත්වෙද්දීත් අයර්ලන්ත තුන් කොන් එක්දින තරගාවලියේ අවසන් මහා තරගය සඳහා බංග්ලාදේශය සේ ම බටහිර ඉන්දීය කොදෙව්වෝ ද සුදුසුකම් ලබා සිටි අතර ඔවුන් අතර පැවැත්වෙන අවසන් මහා තරගය මේ මස 17 වැනිදා ඩුබ්ලින් හිදී පැවැත්වීමට නියමිත ය.

අයර්ලන්තය; කඩුලු 8ක් දැවී 292 (50) පෝල් ස්ට්‍රින්ග් 130, ඇන්ඩෘa බල්බ්‍රිරින් 20, විලියම් පොටර්ෆිල්ඩ් 94, අබු ජායෙඩ් 5/58, මොහොමඩ් සයිෆුඩීන් 2/43

බංග්ලාදේශය; කඩුලු 4ක් දැවී 294 (43) තමිම් ඉක්බාල් 57, ලිටන් දාස් 76, ශකිබ් අල් හසන් 50, මුශ්ෆිකර් රහීම් 35, මහමුදුල්ලා 35, බොයිඩ් රැන්කින් 2/48  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<