අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමක් ලබන වසර මුලදී ශ්‍රී ලංකාවට

959

සිව්දින ක්‍රිකට් තරග දෙකකින් හා එක්දින ක්‍රිකට් තරග පහකින් සමන්විත ක්‍රිකට් තරගාවලියක් එළඹෙන වසරේ ජනවාරි 2 වැනිදා සිට 29 වැනිදා දක්වා ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම හා අයර්ලන්ත A  ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වේ.

පාකිස්තානයේ යසීර් ෂා වසර 82ක වාර්තාවක් බිඳ දමයි

පාකිස්තානයේ සුපිරි පා දඟපන්දු යවන ක්‍රීඩකයෙක් වන යසීර් ෂා අඩුම ක්‍රිකට් තරග ප්‍රමාණයක් ක්‍රීඩා කරමින් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම කඩුලු 200 ලබා ගැනීමේ වාර්තාව තමන් ….

2013 වසරේ ජුනි මස 1 වැනිදාට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් A කණ්ඩායම සිව්දින ක්‍රිකට් තරග 29ක් සඳහා සහභාගී වී ඇති අතර එහි දී තරග 9ක් ජයග්‍රහණය කර ඇත්තේ තරග 6ක් පමණක් පරාජය වෙමිනි. ඊට අමතරව තවත් තරග 14ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

ශ්‍රී ලංකා A කණ්ඩායම හා අයර්ලන්ත A කණ්ඩායම අතර අවසන් වසර 5ක කාලය පුරාවට කිසිදු ක්‍රිකට් තරගයක් පවත්වා නොමැති අතර ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම අවසන් වසර 5ක කාලය පුරාවට බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය, එංගලන්තය, නවසීලන්තය හා බංග්ලාදේශ යන රටවල් වල A කණ්ඩායම් සමඟ තරග වැදී ඇත.

ඒ අතරින් පසුගිය දා අවසන් වූ ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ දී සහභාගී වූ සිව්දින ටෙස්ට් තරග තුනෙන් එක් තරගයක් ජයග්‍රහණය කර ඇති අතර තරග 3කින් සමන්විත නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.

ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවීණයෝ 19 දෙනෙක් ICC පුහුණු පාඨමාලාවේ තෙවන අදියරට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන්ගේ අධ්‍යාපන ඒකකය එක්ව සංවිධානය කරනු ලබන ක්‍රිකට් පුහුණුකරුවන් සඳහා වන තුන්වැනි අදියරේ…

ජනවාරි මස 2 සහ 3 යන දිනවල අයර්ලන්ත ‘A’ කණ්ඩායම කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පුහුණු තරගයකට සහභාගී වන අතර දෙරට අතර පැවැත්වෙන පළමු සිව්දින ක්‍රිකට් තරගය ජනවාරි මස 6 වැනිදා සිට 9 වැනිදා දක්වා කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ජනවාරි මස 13 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වෙන දෙවැනි සිව්දින තරගය මෙන්ම පළමු සහ දෙවැනි එක්දින ක්‍රිකට් තරග ද හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඉන්පසුව පැවැත්වෙන තෙවැනි සහ සිව්වැනි එක්දින තරග කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර අවසන් එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන

  • ජනවාරි 2 වැනිදා සහ 3 වැනිදා – දෙදින පුහුණු තරගය – කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී
  • ජනවාරි 6 වැනිදා සිට 9 වැනිදා දක්වා – පළමු සිව්දින තරගය – කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේ දී
  • ජනවාරි 13 වැනිදා සිට 16 වැනිදා දක්වා – දෙවැනි සිව්දින තරගය – හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී
  • ජනවාරි 19 වැනිදා – පළමු එක්දින තරගය – හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී
  • ජනවාරි 21 වැනිදා – දෙවැනි එක්දින තරගය – හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී
  • ජනවාරි 24 වැනිදා – තෙවැනි එක්දින තරගය – කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී
  • ජනවාරි 26 වැනිදා – සිවුවැනි එක්දින තරගය – කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී
  • ජනවාරි 29 වැනිදා – තෙවැනි එක්දින තරගය – කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී

මේ තරගාවලියට සහභාගී වන අයර්ලන්ත සහ ශ්‍රී ලංකා සංචිත ඉදිරියේ දී ප්‍රකාශයට පත්කිරීමට නියමිත අතර තරගාවලිය සඳහා සහභාගී වන අයර්ලන්ත ක්‍රිකට් ‘A’ කණ්ඩායම දෙසැම්බර් මස 30 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<