ශ්‍රී ලංකා A කණ්ඩායම තරගාවලියේ ඉදිරිය ගනී

718

ශ්‍රී ලංකා සහ අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම් අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නිල නොලත් පළමු සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ පළමු කාර්තුව අද (7) නිමා වූයේ ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු 10ක දැවැන්ත ජයක් හිමිකර දෙමිනි.  

ඒත් සමඟින් දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත නිල නොවන ටෙස්ට් තරගාවලියේ  1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය.

ලසිත් ඇඹුල්දෙනිය අයර්ලන්තය මෙල්ල කරයි

ශ්‍රී ලංකා සහ අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම් අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නිල නොලත් පළමු සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දවස (06) නිමාවේ දී අයර්ලන්ත…

සිව්දින තරගයේ තෙවන දිනය  ආරම්භ කරන විට සංචාරක අයර්ලන්ත A කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 182ක් ලබාගෙන සිටි අතර එම ඉනිමට තවත් ලකුණු 14ක් එක්වීමට මත්තෙන් ඔවුන්ගේ අවසන් කඩුල්ලත් බිඳ දැමීමට ලසිත් ඇඹුල්දෙනිය සමත් විය. ඇඹුල්දෙනිය තරගය පුරාවට අයර්ලන්ත පිතිකරුවන්ව පාලනය කළ තුරුම්පුව බවට පත්වූයේ පළමු ඉනිමේ කඩුලු 4ක් හා දෙවන ඉනිමේ කඩුලු 5ක් දවාගෙනයි.

Photos : Ireland A Team Tour to Sri Lanka 2018/19 – 1st Four Day Game – Day 2

ශ්‍රී ලංකාවට ඉනිමක ජයක් ලබා ගැනීමට තිබූ නමුත් අයර්ලන්ත මැදපෙළ පිතිකරුවෙක් වන ජේම්ස් ෂැනොන් ලකුණු 32ක් ලබාගෙන අයර්ලන්ත කණ්ඩායම ඉනිමක පරාජයෙන් මුදවා ගන්නා ලදි.

ලකුණු 42ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර හයකුත් පන්දු 5ක් අවසානයේ කිසිවෙක් නොදැවී සිය ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 10ක දැවැන්ත ජයක් හිමිකර ගෙනයි. පැතුම් නිස්සංක හා අවිශ්ක ප්‍රනාන්දු පිළිවෙළින් ලකුණු 26*ක් හා ලකුණු 16*ක් ලබා ගත්තේය.

Photos: Ireland A Team Tour to Sri Lanka 2018/19 | 1st Four Day Game | Day 3

අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 153 (45.2) ජේම්ස් මැකලම් 76, නීල් රොක් 28, මොහොමඩ් ශිරාස් 4/47, ලසිත් ඇඹුල්දෙනිය 4/46, නිශාන් පීරිස් 2/30.

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 308 (77.1) අවිශ්ක ප්‍රනාන්දු 20, මිලින්ද සිරිවර්ධන 104, කමිඳු මෙන්ඩිස් 91, මනෝජ් සරත්චන්ද්‍ර 20,  ජේම්ස් කැමරන් 7/77, මාක් අදයිර් 3/43.

අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම; දෙවැනි ඉනිම සියල්ලන්ම දැවී ලකුණු 196 (54.3) ජේම්ස් ෂැනොන් 32, ලෝකන් ටකර් 26, ලසිත් ඇඹුල්දෙනිය 5/73.

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම; දෙවන ඉනිම  කිසිවෙක් නොදැවී ලකුණු 44 (6.5) පැතුම් නිස්සංක 26*, අවිශ්ක ප්‍රනාන්දු 16*.

තරගාවලියේ දෙවන හා අවසන් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 13 වැනිදා සිට 16 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙන අතර තරගාවලියේ සියලුම තතු, සේයා රූ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟ.

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <